Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

Chitika_Sinhala

Chitika කියන්නෙ යාලුවනේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඇඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. හුග දෙනෙක් දැන් ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියනවානෙ. මේ ගොඩක් අයගෙ අරමුණ තමයි ගූගල් ඇඩ්සෙන්ස්. නමුත් ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට නම් අනුමත වෙන්නෙ නැහැ. ඒ වුනාට අපේ සමහර යාලුවෝ නම් නීත්‍යානුකූල ක්‍රමවලින් බැහැර ක්‍රම පාවිච්චි කරලා සිංහල බ්ලොග් වලටත් ඇඩ්ස් දාගෙන තියෙනවා කියලත් සදහන් කරන්න ඕනෙ. මමනම් කියන්නෙ අපි කිසිම විදියකට නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් මුදල් හොයන්න නරකයි කියලා මොකද අහුවුනොත් ඔක්කොම ගස් වෙන හින්දා. ඉතින් අපි කලින් ලිපියකදි ඔයාලට කිව්වා මතක ඇති ගූගල් ඇඩ්සෙන්ස් ගන්නෙ කොහොමද ඒ සදහා මොනවාද කරන්න ඕනෙ කියලා මතක නැතිනම් මේ පහල තැනින් ගිහින් බලන්නකො

 

ගූගල් ඇඩ්සෙන්ස් ඔයාගෙ බ්ලොග් එකට ගන්නෙ කොහොමද

 

ඉතින් ඇඩ්සෙන්ස් ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම බ්ලොග් එක ඉංග්‍රීසි වලින්ම ලියන්න ඕනෙ. ඉතින් සිංහල බ්ලොග් ලියන කට්ටිය ඒ කියල දුක් වෙන්න එපා. සිංහල බ්ලොග් වලටත් ඇඩ් ගන්න ක්‍රම තියෙනවා. මතකනෙ අපි ඔයාලට Popcash වලින් ඇඩ් දාල සල්ලි හොයන්නෙ කොහොමද කියලා කීවා. කියවන්න බැරිවුනු අය මෙතනින් ගිහින් කියන්නකො.

 

ඔයාගෙ සිංහල බ්ලොග් එකට popcash වලින් ඇඩ් දමා මුදල් උපයමු

 

ඉතින් Popcash වල ලැබෙන මුදල ගැන සමහර අයනම් සතුටු නැහැ කියල කීවා. සමහර අයට ඇඩ් බ්ලොග් එකට දාගන්න බැහැ කියලත් කීවා. ඉතින් සමහර අයට විවිධාකාර ගැටලු. නමුත් මමනම් popcash ගැන සතුටුයි. කොහොමවුනත් සිංහල බ්ලොග් ලියන ඔක්කොම අයට ගොඩයන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ Chitika කියන ඇඩ්වර්ටයිසින් නෙට්වර්ක් එක. ඉතින් මේ Chitika කියන්නෙ 100% විශ්වාසවන්ත වෙබ් අඩවියක්. සල්ලි ගෙන්නපු අයනම් ඉන්නවා ඕනෙ තරම්. සැකයක් නැහැ ඒ ගැනනම්. හැබැයි Chitika වල ඔයාට මුදල් ලැබෙන්නනම් පැමිනෙන visitor කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරන්නම ඕනෙ. impression වලට ඔයාට මුදල් ගෙවන්නෙනම් නැහැ Popcash වගේ. තව දෙයක් මුදල් ලැබෙන්නෙ ඇමරිකාව එංගලන්තය වගේ රටවලින් එන කෙනෙක් ක්ලික් කලොත් තමයි.කොහොමවුනත් එක ක්ලික් එකකට සාමාන්‍යයෙන් හොද ගානක් හම්බවෙනවා. සමහර වෙලාවට එක ක්ලික් එකකට 0.5$ හම්බෙන අවස්ථාත් තියෙනවා. ඒ අතින් නම් ඇඩ්සෙන්ස් වලට පස්සෙ ඉන්නෙ Chitika තමයි.

තව දෙයක් Chitika වල ඇඩ්සෙන්ස් වල වගේ තරම් දරුණු නීති රීති වගේම ප්‍රශ්නත් ගොඩක් අඩුයි. ඒ වගේම තමා විශ්වාසවන්තභාවය.

ඔයාලත් පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා ඔයාගෙ බ්ලොග් එකටත් ඇඩ් දාගෙන බලන්නකො

Register in Chitika

 

ඔයාගෙ සයිට් එකට හොද traffic එකක් වගේම ඇමරිකානු යුරෝපීයන් පැමිනෙනවානම් ඔයා අනිවා ගොඩ යනවා. එහෙනම් කරලම බලන්නකො. මේ ගැන මොකක් හරි ගැටලුවක් ඇතිවුනොත් පහළින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගෙ අදහස් හා චෝදනා තිබෙනවා නම් ඒවත් දාන්න. Chitika කරන හැමෝටම ජයවේවා එහෙනම්.

 

Advertisements

9 thoughts on “Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s