ලොව ජනප්‍රියතම Social Media Sites ගැන ඔබ දැනුවත්ද?

ඉතින් Emoney Sinhala Guide බ්ලොග් අඩවිය සමග එකතු වෙන ඔයාට ආයුබෝවන්!

අද මම ඔයාලට ගෙනාවේ ඉතාම වැදගත් ලිපියක්.

ඔයාලා හැමෝම දන්නවා අපි අන්තර්ජාලයේ කුමන හෝ ප්‍රවර්ධන(Promoting) කටයුත්තක් සිදුකරන කොට ඒ සදහා Social Media Sites වලින් කොතරම් ලොකු දායකත්වයක් ලබාගන්න පුලුවන්ද කියලා. අපි අන්තර්ජාලයේ මුදල් හොයනකොට වුනත් මේ සමාජ ජාල වෙබ් අඩවිවලින් අති විශාල ප්‍රයෝජනයක් ලබාගන්න පුලුවන්.

ඔයාලට මම කලින් ලිපියේදී කීවා මතක ඇති Fiverr වල order ලබා ගැනීමට මේ සමාජ ජාල වෙබ් අඩවි වලින් කෙතරම් දෙයක් කල හැකිද යන වග. ඔයාලට කලින් අපි Fiverr ගැන ලියපු ලිපිය කියවන්න බැරි වුනා නම් පහතින් ගිහින් කියවන්න.

මාසයකට ලක්ෂ ගණන් උපයන්න මේ Fiverr Tips ඔයා දන්නවාද?

ඉතින් වර්තමානය වන විට ලොව පුරා බිලියන ගණනක් ජනතාව මේ Online Social Media එහෙමත් නැතිනම් සමාජ ජාල වෙබ් අඩවි සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ නිසා බොහෝ අන්තර්ජාල අලෙවිකරුවන් සිය අලෙවිකරණ හා ප්‍රවර්ධන කටයුතු සදහා මේ සමාජ ජාල වෙබ් අඩවි ඉතා කාර්යක්ෂමව යොදා ගන්නට සෑම අවස්ථාවකම උත්සහ කරනවා.

අන්තර්ජාලය තුල මුදල් ඉපයීමට බලාපොරොත්තුවන අප සියලු දෙනාටම මේ Social Media Sites අතිශයින්ම වැදගත් වනවා කියා ඔබටත් වැටහෙනවා ඇති. ඉතින් අද අපි ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව ඔබ දැනුවත් කිරීමත්, ඒ තුළින් ඔබ සමාජ ජාල වල කාර්‍යක්ෂම හා ඵලදායී භාවිතයට හුරු කිරීමත් ය.

ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි

01 – Facebook

මේ සමාජ ජාලය ගැන ඉතින් පාසල් යන දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනා දන්නා ජාලයක්. එසේම අන්තර්ජාලයේ විශාලතම සමාජ ජාලය වන්නේද මේ Facebook සමාජ ජාලයයි. 2004 පෙබරවාරි 4 වැනිදා ඇරඹි මේ ජාලය වසර 12 ක් ඇතුලත සීග්‍ර ජනප්‍රියතාවක් අත්කරගෙන තිබෙනවා. මෙහි ඇති කාර්යක්ෂම හා පහසු භාවිතය නිසා ජනතාව මේ සමාජ ජාලයට දැඩිව ඇබ්බැහි වී ඇති ආකාරයක් අද දැකිය හැකිය. බිලියන 1.5 ක ජනතාවක් මාසිකව මෙහි භාවිතා කරන්නන් බවට පත්වී සිටිනවා. ලංකාව තුලත් මිලියන ගණනක් Facebook Accounts වලින් ලක්ෂ ගණනක් ජනයා මෙය භාවිතා කරනවා. මේ නිසාම බොහෝ ව්‍යාපාරිකයන් සිය ප්‍රවර්ධන කටයුතු සදහා Facebook යොදා ගැනීමට දැඩි උත්සහයක නිරත වනවා.

02 – Twitter

ලොව දෙවැනි ජනප්‍රියම සමාජ ජාලය වන්නේ Twitter සමාජ ජාලයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අකුරු 140 ක් ඇතුලත් tweet එකක් තුලින් තමාගේ තොරතුරු බෙදා ගැනීමට සිදුවීමයි. නමුත් මෙහි ඇති පහසු භාවිතය නිසා මෙය ඉතාම ඉක්මනින් ලොව ජනප්‍රිය වූවා. වර්තමානය වන විට මාසිකව මිලියන 320 කට අධික පිරිසක් twitter වල Active වී සිටිනවා. ව්‍යාපාරික කටයුතු වලදී Twitter තුලින් විශාල සේවයක් ඉටු කරගත හැකි බැවින් සෑම ප්‍රසිද්ධ ආයතනයක් හා සමාගමක්ම සිය Official Twitter Account එකක් පවත්වාගෙන යනු ලබනවා. මෙය 2006 දෙසැම්බර් 21 දින ආරම්භ වූ අතර මෙහි ප්‍රධාන මූලස්ථානය කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ වල පිහිටා තිබෙනවා.

03 – Linkedin

2002 දෙසැම්බර් 14 වැනි දින ආරම්භ වූ ලොව වෘත්තීයමය භාවිතය සදහා නිරාවරණය වූ ප්‍රසිද්ධතම සමාජ ජාලය වන්නේ Linkedin සමාජ ජාලයයි. මෙහි භාෂා 24 ක් ඇසුරින් මිලියන 400ක් දෙනා මෙහි සම්බන්ධව සිටිනවා. තමාගේ ව්‍යාපාරික සගයන්, තමාගේ ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයන් මුණ ගැසීමට හා තමාගේ ව්‍යාපාරික තොරතුරු බෙදා හදා ගැනීමට Linkedin තරම් සුදුසු සමාජ ජාලයක් තවමත් නැත.

04 – Google +

ලොව හතරවන ජනප්‍රිය සමාජ ජාලය වන්නේ Google+ සමාජ ජාලයයි. මෙය Google සමාගමේ නිර්මාණයක් වන අතර SEO වැනි කටයුතු වලදී මෙහි සිදුවන කතිකාවන් සදහා Google Search Engine දක්වන්නා වූ ඉහල අනුග්‍රහය නිසාම ලොව ප්‍රමුඛ පෙලේ සමාගම් හා ව්‍යාපාරිකයින් තම ප්‍රවර්ධන කටයුතු සදහා Google Plus සදහා විශාල අවධානයක් යොමු කරනු ලබනවා. 2011 දෙසැම්බර් 15 දින ඇරඹි මේ සමාජ ජාලය තුල මිලියන 418 කට අධික සාමාජිකයින් ප්‍රමාණයක් සිය තොරතුරු බෙදා හදා ගනු ලබනවා. Gmail ගිණුමක් සහිත ඕනෑම කෙනෙකුට පහසුවෙන් Google+ සදහා පහසුවෙන් යොමුවිය හැකිය.

05 – Youtube

Youtube යනු විශාලතම හා ඉතාම ජනප්‍රියතම වීඩියෝ සම්බන්ධ වූ සමාජ ජාලයයි. ජනප්‍රියතාව අතින් Youtube වලට හිමිවන්නේ පස්වන ස්ථානයයි. 2005 පෙබරවාරි 14 දින ඇරඹි මෙය ආරම්භ කරනු ලැබූයේ Paypal හි වැඩකල ව්‍යාපාරිකයින් තිදෙනෙකි. 2006 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 1.65 ක මුදලකට Google සමාගම විසින් මෙය මිලදී ගැනිණි. මෙහි මාසිකව බිලියන 1 කට අධික වූ වෙබ් අඩවි Visitors ලා ප්‍රමාණයක් දැකිය හැකිය.

06 – Pinterest

2010 මාර්තු මාසයේදී දියත් කෙරුණු Pinterest සමාජ ජාලය වර්තමානය වන විට ඉතාම වේගයෙන්ම ජනප්‍රිය වන්නා වූ සමාජ ජාලය බවට පත්වී තිබෙනවා. ලොව විශාලතම හා ජනප්‍රියතම Photo Sharing වෙබ් අඩවිය වන්නේද Pinterest සමාජ ජාලයයි. 2015 සැප්තැම්බර් මාසය වන විට මෙහි ගිණුම් හිමි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවූවා. ලොව පුරා කාන්තාවන්ගේ ප්‍රියතම සමාජ ජාලය බවට පත්ව ඇත්තේ ද මේ Pinterest සමාජ ජාලයයි. මෙහි ගිණුම් හිමියන් සංඛ්‍යාවෙන් 50% වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ය. ව්‍යාපාරික තොරතුරු හා Banner ආදිය පහසුවෙන් ප්‍රවර්ධනය කළ හැකි නිසාම Pinterest වලට ව්‍යාපාරිකයින් දැන් දැන් වැඩි වශයෙන් යොමුවන ආකාරයක් දැකිය හැකිය.

07 – Instagram

මෙයද ඉහත Pinterest වැනිම වූ Photo Sharing හෙවත් Photo බෙදා හැරීම සදහා වෙන්වූ සමාජ ජාලයකි. Facebook සමාජ ජාලයටම අයිති වූ මෙම Instagram ජාලය තුල මිලියන 400 කට අධික වූ Active Users ප්‍රමාණයක් දැකිය හැකිය. ලංකාව තුලද මෙම Instagram සමාජ ජාලය ඉතාම ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත්ව ඇති අතර මෙහි 95% ප්‍රමාණයක්ම Facebook ගිණුම් හිමියන් වීමද විශේෂත්වයක්.

08 – Tumblr

Tumblr සමාජ ජාලය යනු භාවිතයට ඉතාම අපහසු සමාජ ජාලයකි. නමුත් එහි ඇති විවිධාකාර Format නිසාම මෙහි ආකර්ෂණය වැඩිවී තිබෙනවා. Video, Photo ආදියද ඉතාම පහසුවෙන් මේ තුළට ඇතුලත් කළ හැකිය. ඉතාම පහසුවෙන් තොරතුරු බෙදා හැරීම කළ හැකි බැවින් Blog අඩවියක් ලෙස පවත්වාගෙන යාමටද ඔබට Tumblr භාවිතා කළ හැකිය. 2007 වසරේදී David Karp විසින් ඇරඹි මේ ජාලය තුළ වර්තමානය වන විට මිලියන 200කට අධික බ්ලොග් අඩවි ප්‍රමාණයක් දැකිය හැකිය.

09 – Flickr

Yahoo සමාගම අයිතිකාරීත්වය දරන Flickr සමාජ ජාලය ජනප්‍රියතාව අතින් 9 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. වෘත්තීයමය Photograph නැරඹීමට හා ඇතුලත් කිරීමට මෙය ඉතාම සුපිරි සමාජ ජාලයක්. මෙයද Intagram හා Pinterest වලට සමාන වූ Photo Sharing Sites එකක් වන අතර වර්තමානය වන විට මිලියන 112 කට අධික වූ භාවිතා කරන්නන් විසින් දිනකට මිලියනයකට අධික වූ Photo ප්‍රමාණයක් මේ තුළට ඇතුලත් කරනු ලබනවා.

10 – Reddit

සමාජ ජාල හා අන්තර්ජාල තොරතුරු හා විනෝදාත්මක තොරතුරු ඇතුලු ඕනෑම දෙයක් පහසුවෙන් ඇතුලත් කල හැකි Reddit සමාජ ජාල වෙබ් අඩවිය ජනප්‍රියතාව අතින් 10 වැනි තැනට පත්වී තිබෙනවා. එසේම මෙය ලොව ඉතාම ජනප්‍රිය Social Bookmarking Site එකක්ද වනවා. මේ නිසාම ලොව පුරා මිලියන ගණනක් වූ වෙබ් අඩවි අයිතිකරුවන් සිය වෙබ් අඩවිය හා එහි තොරතුරු මේ තුලට බෙදා හැරීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. 2005 ජුනි 23 දින ඇරඹි මෙහි මිලියන 36 කට අධික සාමාජිකයන් ප්‍රමාණයක් වේ.

ජනප්‍රියතාව අතින් අනෙකුත් ස්ථාන ගනු ලබන්නා වූ සමාජ ජාල වෙබ් අඩවි

11 – Snapchat
12 – Whatsapp
13 – Quora
14 – Vine
15 – Periscope

16 – Bizsugar

17 – Stumbleupon

18 – Delicious

19 – Digg

20 – Viber

දැන් ඔබට ලොව විශාලතම හා ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි පිළිබදව දැනීමක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඔබ Facebook වලට පමණක් සීමා නොවී ඉහත සියලුම සමාජ ජාල තුලට සම්බන්ධව සිය ගිණුම් ආරම්භ කරමින් Active වී සිටින්න. අන්තර්ජාලය තුලින් මුදල් ඉපැයීමට බලාපොරොත්තු වන ඔබට අනාගතයේදී එය ඉතා වැදගත් මෙන්ම ඉතා වාසිදායක ආයෝජනයක් වනවා නොඅනුමානයි. ඉදිරියේදී මේ සමාජ ජාල තුලට සම්බන්ධ වී වැඩකටයුතු කරන ආකාරය පිළිබදවත් තොරතුරු ගෙන ඒමට අප සූදානම්. එබැවින් අප සමග දිගටම සම්බන්ධ වී සිටින්න.

ඔබගේ මිතුරන්ටත් මේ ලිපිය කියවීමට මෙය Facebook, Twitter, Google+ තුලට හැකිතරම් Share කරන්න.

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න …..

මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

Advertisements

One thought on “ලොව ජනප්‍රියතම Social Media Sites ගැන ඔබ දැනුවත්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s