බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට හොද Niche එකක් සොයා ගන්නේ කොහොමද?

Blogging කියන සංකල්පය මේ වන විට අන්තර්ජාලය තුළ බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා හමාරයි. විදේශීය රටවල බ්ලොග් කරුවන් තමන්ගේ බ්ලොග් අඩවි හරහා ඩොලර් දහස් ගණනින් උපයමින් සිටිනවා. ඒ අතර Problogger බ්ලොග් අඩවියේ Darren Rowse වගේම ඉන්දියානු බ්ලොග් කරුවකු වන Harsh Agarwal ගේ shoutmeloud බ්ලොග් අඩවි කැපී පෙනෙනවා. ඔවුන් Google Adsense, Affiliate Marketing, Sponsored Reviews, Direct Advertising, Selling own products වගේ ක්‍රමවේද වලින් උපයන මුදල ලංකාවේ මුදලින් නම් මිලියන ගණනක්. ඉතින් ඒ නිසාම අපිට කියන්න පුලුවන් මේ Blogging කියන දේ ඔයාටම මුදල් ලැබෙන ඔයාගෙම ආදායම් මාර්ගයක් බවට පත්කර ගන්න පුලුවන් කියලා. හැබැයි Blogging කියන දේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. ගොඩක් ලොකු කැපවීමක් වගේම ලොකු මහන්සියක් වෙන්නත් ඕනෙ සාර්ථක වෙන්න. කලින් මම සදහන් කරපු ඩොලර් දහස් ගණනක් උපයන සුදු මහත්වරුත් ලොකු කැපවීමකින් අවුරුදු ගණනක් වැඩ කරලා තමයි ඔය තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව වැදගත් දෙයක් කියන්න ඕනෙ බ්ලොග් අඩවියක් පටන් ගත්ත ගමන්ම සල්ලි හොයන්න අමාරුයි. ඒකට අවුරුද්දක් වගේ කාලයක් ලොකු කට්ටක් ඇතිව වැඩ කරන්නම ඕනෙ. හොද බ්ලොග් ලිපි 50ක් වත් ලිව්වොත් ඔයාගෙ බ්ලොග් එක කියවන්න නිකන්ම කට්ටිය එනවා. මෙහෙම එන කට්ටිය ප්‍රමානය ඔයා ලිපි ලියන්න ලියන්න දෙගුණ තෙගුණ වෙනවා.

නමුත් ලංකාවෙ බ්ලොග් කරුවෝ බොහොම වෙනස්. එයාලට ඕනෙ බ්ලොග් එකක් පටන් අරන් ලිපි 2-3ක් ලියලා ලක්ෂ ගානක් උපයන්න. ඉතින් ඒ වැඩේ අසාර්ථක වුනාම එයාලා බ්ලොග් එක කරන වැඩේ එතනින්න්ම අතරැලා දානවා. හුග දෙනෙක් ආයෙ බ්ලොග් කරන්න කැමති වෙන්නෙත් නෑ. ලංකාවෙ ගොඩක් බ්ලොග් වල දකින්න පුලුවන් ලිපි 5-6 පමණයි. එයාලා ආයෙ තමන්ගෙ බ්ලොග් යාවත්කාලීන කරන්නෙ නැති තරම්.

ඔයාලා නිකමට හිතුවද ඇයි ලංකාවෙ අය මෙච්චර Blogging වලින් අසාර්ථක කියලා? එයාලා ගොඩක් අය දුර හිතන්නේ නෑ. එක රැයකින් සල්ලි හොයන්න තමයි අරමුණ. ඉතින් සල්ලි හොයන දේ නිකන්ම ලැබෙන්නෙ නෑ. ඒකට ඔයා මිනිස්සුන්ට දෙයක් දෙන්න ඕනෙ. මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. නිතර නිතර ලිපි ලියන්න ඕනෙ සතියකට වරක් වත්. හොද දැක්මක් නැතිව ආරම්භ කරන බ්ලොග් වගේම කිසිම වැඩක් සාර්ථක වෙන්නෙ නෑ.

ලංකාවෙ ගොඩක් අය බ්ලොග් කරනවා කියලා කරන්නෙ Gossip Lanka එකේ වගේ කොහේ හරි Gossip ටිකක් දාලා හැමතැනම Share කරන එකයි Aluth.com වගේ තාක්ෂණික බ්ලොග් අඩවි ආරම්භ කරලා හැමෝම කරන pc tricks, gadget review කරන එකයි විතරයි. හැමෝම කරන්න බලන්නෙ වෙන කෙනෙක්ගෙ කොපියක්. Aluth.com, Gossiplanka.com වගේ බ්ලොග් අඩවි ඇත්තටම අලුත් වගේම වෙනස් දේවල් කරපු නිසයි එයාලා අද සාර්ථක වෙලා තියෙන්නෙ. ඔයාලට ඒ වගේ තත්වෙකට එන්න අසීමිත කැපකිරීම කරන්නම වෙනව.

ඉතින් ඔයා අලුතින් බ්ලොග් අඩවියක් පටන් ගන්න බලන් ඉන්න කෙනෙක් හරි ඉසසරහට කරන්න ඉන්න කෙනෙක් හරි දැනටමත් බ්ලොග් එකක් කරලා අසාර්ථක වුනු කෙනෙක් නම් අපි අද මේ ඉදිරියට කියන්න යන දේ ඔයාට ගොඩාක් වටීවි.

ඇත්තෙන්ම මේ ලිපිය මගින් කියන්න යන්නෙ අලුතින් කරන්න යන බ්ලොග් අඩවියක් සදහා හොද Niche එකක් එහෙමත් නැතිනම් හොද ක්ෂේතර්‍යක් තෝරා ගන්නේ කොහොමද කියලා, ඉතින් මේ ලිපිය ටිකක් දිගයි. හොද විවේකයක් අරන්ම මේ ලිපිය කියවන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

ඔයා බ්ලොග් එකක් කරන්න ආසයි හැබැයි ඒකට Domain, Hosting වලට යොදවන්න මුදල් ඔයාට නැතිනම්, අදම Blogspot.com හරි wordpress.com හරි පටන් ගන්න. සල්ලි නෑ කියලා වැඩේ පටන් ගන්නෙ නැතිව ඉන්න එපා. මොකද මේ Blogspot.com,wordpress.com වල පටන් ගන්න බ්ලොග් පස්සෙ කාලෙක Domain එකක් අරන් Hosting වලට මාරු කරන්න ලේසියෙන් පුලුවන්. හැබැයි Blogspot.com වල වගේම wordpress.com වල ඔයාට ලැබෙන්නේ සීමා සහිත පහසුකම් ටිකක්. ඔයාට ලැබෙන්නෙත් yourname.blogspot.com හෝ yourname.wordpress.com වගේ Domain එකක්. ඒක ටිකක් චාටර් නිසා මුදල් උපයන්න එහෙමත් අමාරුයි. ඔයා බ්ලොග් අඩවියක් කරලා මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් Yourname.com වගේ ඩොමේන් එකක් ගන්න එක ඉතා අත්‍යවශ්‍ය වෙනවා. නමුත් යොදවන්න මුදල් නැති වුනත් ඔයාගෙ බ්ලොග් එක අර වගේ Blogspot.com වල හරි wordpress.com වල අනිවා පටන් ගන්න. වැඩේ පටන් ගන්නෙ නැතිව ඉන්න එපා.

ඉතින් දැනටමත් Domain, Hosting වලට වියදම් කරන්න මුදල් තියෙනවා නම් හෝ වෘත්තීයමය ස්වරූපයෙන් බ්ලොග් එකක් කරලා මුදල් උපයන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් බල බල ඉන්නෙ නැතිව ඔයාගෙ වැඩේ අදම පටන් ගන්න.

හුග දෙනෙක් ඩොමේන් එකක් ගන්න වගේම හොස්ටින් ගන්න ලංකාවේ හොදම සේවා අහලා තිබුණා. අපි නම් මේ සදහා ලංකාවේ නිර්දේශ කරන එකම ආයතනය තමයි Zircon Host ආයතනය. ඉතින් Zircon Host සමාගම ඉතාම අඩු මිලට Domain, Hosting ලබා දෙනවා විතරක් නෙමේ ඉතාම කාර්‍යක්ෂම සේවාවකුත් ඔබට ලබා දෙනවා.

ඩොමේන් නාමයක් තෝරා ගැනීමේද, ඔයා කරන්න යන්නෙ මොකක් සම්බන්ධ බ්ලොග් අඩවියක්ද යන්න අනුව එය තෝරා ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ ගැන ඉදිරි ලිපියකින් කරුනු ගෙන එන්න අපි සූදානම්.

ඉතින් මේ ඩොමේන් නාමයක් ගන්නට ඉස්සෙලම ඔයා තීරණය කරන්න ඕනෙ, ඔයා බ්ලොග් එකක් කරන්න යන්නෙ මොන විෂයක් හෝ ක්ෂේත්‍රයක් සම්බන්ධවද කියලා. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නෙ ඔයාට බ්ලොග් එකක් කරන්න හොද Niche එකක් එහෙමත් නැතිනම් ක්ෂේත්‍රයක් හරියටම තෝරා ගන්නේ කොහොමද කියලා,

What is Niche?

තවමත් ඔයාලට මේ Niche කියන වචනය හරියටම තේරෙන්නේ නැතිව ඇති. Niche එකක් කියන එකත් තව Sub Niche, Micro Niche වලට බෙදෙනවා.

හරි මෙහෙම කියමුකො, Niche කියන එක මේ විදියට අර්ථ දක්වන්න පුලුවන්.

Sports කියන්නෙ Niche එකක්, ඒ වගේම Football කියන්නෙ අර ප්‍රධාන Niche එකේ තියෙන Sub Niche එකක්. එතකොට Football Clubs කියන්නෙ අර Sub Niche එක ඇතුලෙ තියෙන Micro Niche එකක්.

දැන් ඔයාලට මේ Niche එකක් කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඇති. ඒ වගේම බ්ලොග් අඩවි කරන අයගෙ Niche වලට උදාහරණ විදියට Technology, Internet Marketing, Travelling, Sports, Education, Gossip, News ….. වගේ ඒවා දක්වන්න පුලුවන්

මේ ප්‍රධාන Niche අර කීවා වගේ Sub Niche, Micro Niche වලට පහසුවෙන් වෙන් කරන්න පුලුවන්. ලංකාව වගේ රටවලට මේ Sub Niche, Micro Niche ගැලපෙන්නෙ නැහැ. ඔයාගෙ niche එක පුලුල් වෙන තරමට තමා සාර්ථක. මොකද ඔයා බ්ලොග් එක Target කරන්නෙ ලංකාවෙ අයට කියවන්න නම් අර වගේ Sub Niche හරි Micro Niche එකක් හරි තෝරා ගත්තොත් ඔයාගෙ ඉලක්කගත පිරිස බොහොම පොඩියි. මේ නිසා ඔයා අසාර්ථක වෙනවා.

උදාහරණයක් විදියට Aluth.com බ්ලොග් එක අලුත් Software ගැන විතරක්ම ලිව්වනම් එයාලගෙ බ්ලොග් එකට එන්නෙ අලුත් Software ගැන දැන ගන්න පිරිස විතරයි. නමුත් එයාලා PC Tricks, New Websites, Tech News, Smart Phone Reviews වගේ ගොඩක් ගොඩක් කලාප ආවරණය කරලා තමන්ගෙTech Niche එක පුළුල් කරගෙන තියෙන නිසා තමයි එයාලට ඒ තරම් ලොකු Audience එකක් නිර්මාණය කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

ඉතින් ඔයත් Niche එකක් තෝරා ගනිද්දි කරන්න ඕනෙ හොද පුළුල් ක්ෂේත්‍රයක් තෝරාගෙන ඒ ක්ෂේත්‍රයේ තවත් අනු ක්ෂේත්‍ර ගණනාවක් ගැන ඔයාගෙ බ්ලොග් එකේ ලිපි ලිවීමයි. මෙමගින් ඔයාට විශාල පිරිසක් ආමන්ත්‍රනය කරන්න පුලුවන්.

හරි දැන් බලමු ඔයාට වඩාත්ම සුදුසුම Niche එක තෝරා ගන්නේ කොහොමද කියලා,

How To Select Your Best Niche?

ඔයා නිකමට හිතල බැලුවද ඔයා වැඩියෙන්ම ආස දවසේ වැඩිම කාලයක් ගත කරන්නෙ මොනවත් එක්කද කියලා? සමහර විට ඔයා වීඩියෝ ගේම්ස් ගහන්න ගොඩක්ම කැමති කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඔයා ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් මැච් බලන්න කැමති කෙනෙක් වෙන්න ඇති…මේ වගේ ඔයා වැඩියෙන්ම ආදරය කරන වැඩියෙන්ම කාලය වැය කරන ක්ෂේත්‍රය ගැන හිතලා බලන්න..

මෙන්න මේ ඔයා වැඩියෙන්ම ආදරය කරන කරන්න කැමති දේවල් වගේම ඔයා හුගක්ම දන්න දේවල් තමා ඔයාගෙ බ්ලොග් එක කරන්න හොදම Niche එක.

ඔයා ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නම් ඔයාට පුලුවන් ක්‍රිකට් කියන Niche එකට අදාලව බ්ලොග් එකක් පටන් ගන්න. ඒකෙ ඔයාට පුලුවන් Latest Cricket News, Cricket Results, Player Bio, Player info…වගේ ගොඩක් දේවල් ගැන ලිපි පල කරන්න…කාලයක් යනකොට ඔයාගෙ බ්ලොග් එක කියවන්න ක්‍රිකට් වලට කැමති ගොඩක් අය ඒවි. ඔයාට අලුත් යාලුවොත් ගොඩක් හම්බ වේවි.

සමහර විට ඔයා Chanux Bro, SL Geek, Aluth.com වගේ මේ තාක්ෂණික දේවල් වලට කැමති කෙනෙක් වෙන්න පුලුවන්. ඇත්තටම ඔයා ඒ දේවල් වලට කැමති නම් ඔයාටත් පුලුවන් Tech News, Gadget Reviews වගේ Tech Niche එකට අදාල ගොඩක් දේවල් ගැන ඔයාගෙ බ්ලොග් එකේ ලියන්න. හැබැයි අනිත් අය කොපි කරන්න කිසිම වෙලාවක හිතන්න එපා. ඔයාගෙම විදියකට වෙනස් අලුත් දෙයක් කරන්න. හැමෝම යන පාරෙ අනිත් කෙනෙක්ව කොපි කරලා කරන නිර්මාණ අනිවාර්‍යයෙන්ම අසාර්ථක වෙනවා විශ්වාසයි.

සමහර වෙලාවට ඔයා අධ්‍යාපනික වැඩ වලට වගේම සමහර විෂයන් වලටත් ගොඩක් දක්ෂ ඇති. විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, චිත්‍ර කලාව , සංගීතය වගේ විෂයන් ඒ අතර වෙන්න පුලුවන්. ඔයාට පුලුවන් ඔයා මේ දක්ෂ විෂයන් කිහිපයක් තෝරලා ඒ විෂයන්ට අදාලව වෙන වෙනම ලිපි ලියන්න. Sinhalasubjects.blogspot.com වගේ ඔයාලා දන්න විෂයන් වලට අදාලව වෙන වෙනම ලිපි දාන්න ඔයාටත් පුලුවන්. හැබැයි ඔයා කැමති ආදරය කරන හොදටම දන්න දේවල් ගැන විතරක් කරන්න. නොදන්න දේවල් කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.

මේ Education කියන Niche එක ඇතුලේ තවමත් සිංහල බ්ලොග් ඉතාම අතලොස්සක් විතරයි තියෙන්නෙ. ඔයා හරියට කලොත් ඔයා අනිවාර්‍යයෙන්ම සාර්ථක වෙනවා 100% විශ්වාසයි. ඒ වගේම ඔයා ලියන දේවල් ඉගෙන ගන්න කෙනෙක්ට අනාගතයේදී ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

තාරකා විද්‍යාව වගේ දේවල් කියවන්න ගොඩක් අය තවමත් කැමතියි.

ඔයා travelling වලට කැමති කෙනෙක් නම් ඔයාට පුලුවන් ලංකාවෙ ඔයා ඇවිද්ද තැන්, ඒවායේ පින්තූර, නවාතැන් පහසුකම් , ඔයා විනෝද වුනේ කොහොමද කියලා බ්ලොග් එකක ලියන්න. ඒක අනාගතයේ සංචාරය කරන්න කැමති අයට ගොඩක් වටීවි.

මේ වගේ ඔයා Photography ගැන උනනන්දු නම් ඔයාට පුලුවන් ඔයාගෙ Photography Knowledge එක අනිත් අයට කියලා දෙන්න. අලුතින් Photography කරන්න ඉන්න අයට ඒ සදහා පිවිසෙන්නෙ කොහොමද කියලත් ලියන්න….

ඔයා කෑම හදන්න දක්ෂ කෙනෙක් නම් ඔයාට පුලුවන් අලුත් Recepies වගේම ඔයා දන්න Recepies එහෙම දාලා බ්ලොග් එකක් කරන්න..මෙහෙම දේවල් කවුරුත් කරලා නෑ වගේම කරන්න හිතලාවත් නෑ.

ඉතින් මේ වගේ ඔයත් හිතලා බලන්න ඔයාගෙ Niche එක මොකක්ද කියලා, මේක පැයක්,දවසක්,සතියක් වැය කරලා හරියටම තෝරා ගන්න. ඔයා අකමැති දේවල් කරන්න හදන්නම එපා. මොකද එතකොට ඔයාට එපා වෙලා කවදා හරි අත්හැරලා දානවා. ඔයා කැමති දේවල් කරන එක කවදාවත් එපා වෙන වැඩක් නෙමේ. අන්න ඒකයි කීවෙ මේ Niche එක ඔයා කැමතිම දෙයක් වෙන්න ඕනෙ කියලා.

ඉතින් ඉංග්‍රීසි බැහැ කියලා බ්ලොග් එකක් නොකර නම් ඉන්න එපා. මොකද දැන් සිංහල බ්ලොග් වලිනුත් මුදල් උපයන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට අපි කියන්නත් බලාපොරොත්තු වෙනවා. මතකනෙ Popcash ADs වලින් ඔයාගෙ සිංහල බ්ලොග් වලට දාගෙන මුදල් උපයන්න පුලුවන් කියලා අපි කීවා. ඉතින් ඒ ලිපිය කියෙව්වෙ නැතිනම් අපේ බ්ලොග් අඩවිය හැමතැනම බලලා ඒ ලිපිය කියවන්න.

ඉතින් එහෙනම් ඔයාලා ඔයාලගෙ Niche එක තෝරාගෙන බ්ලොග් එක කරන්න අදම පටන් ගන්න ඉදිරියට අපි බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නෙ කොහොමද? බ්ලොග් එකකින් මුදල් උපයන ක්‍රම වගේ ගොඩක් දේවල් ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඒකට ඔයාලා මේ ලිපියට දක්වන ප්‍රතිචාර ඉතා වටිනවා.පුලුවන් නම් මේ ලිපිය යටින් ඔයාගෙ අදහස් Comment කරලා යන්න. ඒ වගේම පුලුවන් නම් Facebook, Twitter, Google Plus, Linkedin වගේ හැමතැනම share කරන්න.

Comments 50 ක් හරි Facebook shares 100 ක් හරි ලැබුනොත් ඉදිරි Blogging සම්බන්ධ ලිපිය අනිවාරයෙන්ම ලියනවා.

එහෙනම් ඔයාලට ජය වේවා.

19 Comments Add yours

  1. බ්ලොග් ලිව්වාට ඒවයින් අනෙක් පැත්තට වටිනාකමක් ගන්නෙ කොහොමද කියල හිතපු මටත් මේ ලිපිය බොහොම වැදගත් වුණා.
    ඉතිරියත් ඉක්මණින් ලියන්න.
    ජයවේවා..!!

    Liked by 1 person

    1. ishara444 says:

      ගොඩක් ස්තූතියි යාලුවා

      Like

  2. මේ ලිපියෙ වැදගත් කරැණු තියනව, නමුත් මම මෙහෙම කියන එක හරිද මන්ද කියවගෙන යනකොට සමහර තැන් Zircon Hosting ඇඩ් එකක් වගේ දැනුන

    Like

    1. ishara444 says:

      ස්තූතියි යාලුවා. මෙහෙමයි, අපෙන් ගොඩ දෙනෙක් හොස්ටින් ගැන අහනවා. ගොඩක් අය ලංකාවෙ හොදම හොස්ටින් ගන්නෙ කොහෙන්ද කියලා නිතර නිතර අහලා තිබුණා. ඒකයි අපි ලිපියේ කොටසක් ඒ වෙනුවෙන් වෙන් කලේ. අනික අපි දන්න ලංකාවෙ එකම විශ්වාසවන්ත හොස්ටින් company එක ඒක විතරයි.

      Like

  3. dinu says:

    මට මෙකට පිලිතුරක් ඔන…please……aluth tec wisthara hoyaganna hati hamotamaa kalin….අය්යේ මම TEC BLOG එකක් කරන්න හිතගෙන ඉන්නවා.ඉතින් අය්යෙ ප්‍රශ්නයකට ට්‍ අපි බ්ලොග් අක්ට විස්තර හොයනකොට මෙවා අලුත් වෙන්ඩ ඔනා,කොපි කරන්නෙ නතුව..ඉතින් මම ටෙක් gana dana ගන්නෙත් internet වලින්..itin kohomada blog akak liyanne tec gana copy karanda wenawane kenekge dayak.. please mata mekata reply akak dannako,,,mama kohoma hari me target aka ජය ගන්නවාමයි…………mama tec site aka karanna inne ENGLISH walin…

    Liked by 1 person

    1. Crazyish says:

      මෙහෙමයි මල්ලි ඔයා ටෙක් ගැන අන්තර්ජාලයෙන් හොයලා බ්ලොග් එකේ දැම්මට කිසිම ගැටලුවක් නෑ. කෙලින්ම බ්ලොග් එකක් පෝස්ට් එකක් copy paste කරන්න එපා. විස්තර අරන් ඔයාම ලස්සන පොස්ට් එකක් හදන්න. විස්තර ඕනි තැනකින් ගන්න. ඒක අවුලක් නෑ. ටෙක් බ්ලොග් එකක් කරන්න. හැබැයි අලුත්ම update ගැන අවධානයෙන් ඉන්න. ඔයා tec ගැන උනන්දුයි නම් ඒක තමා ඔයා බ්ලොග් එකක් කරන්න ගැලපෙනම දේ. බ්ලොග් එක කරන්න කලින් හොද ප්ලෑන් එකක් හදාගන්න. මොනාද ලියන්නෙ කියලා එහෙම තීරනය කරලා වැඩේ පටන් ගන්න. ඕනෙම වෙලාවක අපි ඔයාට උදව් කරන්න ලෑස්තියි. ගැටලු තියෙනවනම් මේ වගේ comment කරන්න. අනිවා අපි උත්තර දෙනවා

      Like

  4. dinu says:

    thank aiyye oyata,,,ඔයලා වගේ අය ගොඩක් අඩුයි..hamotama udau karana aya..ජය වේවා…ඔයාට

    Like

  5. dinu says:

    aiyye dan api tec blog akak patan gannakota apita aluthma update හොයා ගන්ඩ මොනවා හරි special site තියෙනවනම් කියනවඩ?nathnam google search karala hoya gaddi me news aka parana wela thibunnoth wadak nane akai…man google seach karala hoya ganda thama hithan unne

    Liked by 1 person

    1. Crazyish says:

      මෙහෙමයි ඔයා හොද ඉංග්‍රීසි tech බ්ලොග් හොයාගන්න…..මන් දන්න විදියට ලෝකෙ හොදම ටෙක් බ්ලොග් එක තමයි techcrunch කියන සයිට් එක. තවත් ඒවා ගොඩක් තියෙනවා….තව tech youtube channels හොයාගෙන ඒ වීඩියෝත් බලලා අලුත්ම දේවල් ගැන අප්ඩේට් වෙන්න……Tech කියන Niche එකට නම් ඕනෙ තරම් තොරතුරු ගන්න තැන් තියෙනවා. බ්ලොග් පෝස්ට් එකක් දාන්න කලින් ඔයා බ්ලොග් 3-4 කින්ම තොරතුරු අරන් ඔයාගෙම විදියට පෝස්ට් එකක් හදලා දාන්න

      Like

  6. dinu says:

    me field ake ihalama inne indian la..me ayath me wisthara hoya ganne mehema google,other blog site search karalada??nathnam special method thiyanawada meyalata me widihata udata anda blog site wala… විස්තර අරන් ලස්සන පොස්ට් එකක් haduwama meka godak hit weida??nathnam චොරම weida??tkak me ganathn kyala dannako/…..

    Liked by 1 person

    1. Crazyish says:

      ඔව් ඉන්දියන්ලත් මේ වගේ බ්ලොග් වලින් තොරතුරු අරන් තමයි කරන්නෙ. මෙහෙමයි මල්ලි මමත් මේ බ්ලොග් එක කරන්න කලින් SEO, Blogging Internet Marketing බ්ලොග් ගොඩක් කියෙව්වා. ඒ දැනුම තමා මේ ඔයාලට බෙදලා දෙන්නෙ.
      වැදගත්මදේ ඔයාගෙ දැනුම පුලුල් කරගන්න එක. Tech කියන Niche එකත් ඉක්මනට වෙනස් වෙනවා ඔයා නිතරම update වෙන්න ඕනෙ.
      Hit වෙන්නෙ ඔයාගෙ post එකේ quality එක මත. හොද අලුත් විතර නිතර නිතර post කරද්දි ඔයාගෙ බ්ලොග් එක නිකන්ම ජනප්‍රිය වෙනවා.
      Blog එක Market කරන එක ගැන තියෙන SEO ගැන මම තාම ලිව්වෙ නෑ. Social Media Marketing ගැනත් ගොඩක් ලියනවා ඉස්සරහට.
      Hit වෙන එක ගැන දුක් වෙන්න එපා. හොද Article ටිකක් ලියන්න තමා ඕනෙ.
      ඉන්දියන් කාරයොත් එක්ක ගේම දෙන්න නම් ඔයා වචන 1000-1500 විතර articles ලියන්නම ඕනෙ.
      ඒ ගැන ඔක්කොම මම ඉස්සරහට මේ බ්ලොග් එකේම දානවා.

      Like

      1. dinu says:

        thanks oyage help akata…………….jayama wewa

        Liked by 1 person

  7. dinu says:

    aiyye blog akak lyala post karanda kalin aniwama supiri campaign akak onane..SEO karannath ona,,,patan ganda kalin blog akak me tika igana gena inda wena wane..nathuwa sarthaka wenda beeeee neda???

    Liked by 1 person

    1. Crazyish says:

      ඔව් SEO ගැන දැනුම තියෙනවනම් ගොඩක් වටිනවා මොන වෙබ් අඩවියක් කලත්. ඒක නිසා මේ ගැන හොයල බලල ඉගෙන ගන්න. ඉස්සරහට ඉක්මනින්ම SEO Post Series එකක් ලියනවා අපි

      Like

  8. dinu says:

    aiyye seo hodata
    igana ganda oya danna site akak hari kramayak hari kyala danawada??

    Liked by 1 person

  9. Prasanga says:

    ඉන්ටනෙට් හරහා මුදල් උපයා ගැනීමට කැමති සිංහල ජනතාවට මේ ලිපිය ඉතාම වටිනා ලිපියක්, තවත් මෙවැනි වටිනා ලිපි ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමි

    Like

    1. Crazyish says:

      Ok sure…definately

      Like

Leave a comment