Search Engine වල ඉහළටම පැමිණීමට ඔබ කළ යුතු අනිවාර්‍යය On Page SEO ක්‍රමවේද මෙන්න

මීට පෙර අප ඔබ වෙත ගෙන ආ ලිපියකින් SEO හෙවත් Search Engine Optimization යනු කුමක්ද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ලබා දුන්නා ඔබට මතක ඇති, මේ ලිපිය අධ්‍යනය කිරීමට පෙර හැකිනම් එම ලිපිය අධ්‍යනය කර පැමිණීම ඔබගේ අවබෝධය තවත් පුළුල් කරනු ඇත.

 

ඔබගේ වෙබ් අඩවිය හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියක් SEO කිරීමේදී ඔබ ප්‍රමුඛව අවධානය යොමු කළ යුත්තේ ඔබේ වෙබ් අඩවිය තුළ කළ යුතු ක්‍රියාකාරකම් එනම් On-Site-SEO වෙතය. මෙලෙස ඔබේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර වලට Friendly ආකාරයට සැකසීමෙන් අනතුරුව මීලගට කළ යුත්තේ Keyword Research එකක් සිදුකර වෙබ් අඩවියට අදාල හොදම Keywords සොයා ගැනීමයි. අවසානයේදී කළ යුතු වන්නේ අදාල Keywords වලින් ඉහළටම පැමිණීමට Backlinks නිර්මාණය ඇතුළු Off-Page-SEO ක්‍රියාකාරකම් වල නිරත වීමයි.

ඔබ තරයේ මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් මේ SEO වල ප්‍රථිපල ඉතා ඉක්මනින් ලැබේවියයි විශ්වාස කිරීමයි. මෙය දීර්ඝ කාලීන් ප්‍රථිපල ලැබෙන ඉතා වටිනාම ආයෝජනයක් බව තරයේ සිහියේ තබා ගන්න. සමහරවිට මෙහි ප්‍රථිපල ලැබීමට මාස 3ක් මාස 6ක් වසරක් හෝ වසර කිහිපයක් වූවද ගතවිය හැකිය.

 

අද දිනයේ මේ ලිපිය තුළින් තුලින් අප ඔබ වෙත කරුණු ගෙන එන්නේ ඉහත සදහන් කළ On Page SEO ක්‍රියාකාරකම් පිළිබඳවයි. මෙම ක්‍රියාකාරකම් නිවැරදිව සිදුකළ හොත් ඔබේ වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර වල දැන් තිබෙන තත්වයෙන් ගොඩක් ඉහළට පැමිණෙනවා නොඅනුමානයි.

 

1) Remove Duplicate Contents

ඔබේ වෙබ් අඩවිය තුළ වෙනත් අඩවිවලින් ලබා ගත් ලිපි හෝ Contents අන්තර්ගත වේ නම් හැකි ඉක්මනින් ඒවා ඉවත් කරලීමට වග බලා ගන්න. මන්ද  Google මෙය නොහොබිනා ක්‍රියාවක් ලෙස සලකන බැවිනි. එවැනි වෙබ් අඩවිවලට ඔවුන් කිසිසේත් මුල් තැනක් ලබා නොදේ. හැකිතරම් නිර්මාණශීලී අලුත් ලිපි පළ කරන්න. Copy Paste කරන්න එපා. හැමවිටම වැදගත් වටිනා කරුණු අන්තර්ගත කරන්න. SEO වලදී ඔබේ පළමු අවධානය මේ අන්තර්ගතයන් නිර්මාණයට වැය කරන්න. තවමත් ‘Contents is the King’ යන්න කිසිසේත්ම ගූගල් කිසිසේත්ම අමතක කර නොමැත.

 

2) Page Title

ඔබගේ ලිපියක් යම්කිසි සෙවුම් යන්ත්‍රයක් තුළ දර්ශනය වන විට මුලින්ම පෙන්නුම් කරන්නේ එහි Title එකයි. මේ නිසා Title එක ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කරනු ලබනවා. හැමවිටම වචන 7-8 පමණ දිගු අකුරු 40-55 අතර එය යෙදීම ඉතා වැදගත්. ඔබ ලිපිය තුලින් Target කරන්නා වූ ප්‍රධාන Keyword එක මෙහි අන්තරගත වීම ඉතා වැදගත්.

උදා: ‘SEO Tips Sinhala’ වැනි කෙටි මාතෘකා යොදනවා වෙනුවට “Top 10 SEO Tips and Tricks in Sinhala” වැනි මාතෘකාවක් යෙදීම SEO වලට මෙන්ම ඔබේ ලිපිය වෙත බොහෝ දෙනෙක් ආකර්ෂණය කර ගැනීමටද උපකාරී වේ.

හැමවිටම වෙනත් වෙබ් අඩවි යෙදූ එකම ආකාරයේ Title යොදන්න එපා. වෙනත් කිසිම තැනක නොයෙදූ අලුත්ම එකක් යෙදීම ඉතා වැදගත්ය.

 

3) Meta Description

Google වල Title එකට පසුව ඊට පහලින් ප්‍රදර්ශනය කරනා කෙටි Description එකක් ඔබ දැක ඇති. මෙයද ඔබගේ වෙබ් අඩවිය SEO කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතු කොටසකි. ඔබ WordPress කළ වෙබ් අඩවියක් කරන්නේ නම් ඉතා පහසුවෙන් Yoast SEO Plugin හරහා මෙම Meta Description එක ඇතුලත් කළ හැකිය. ඔබ මෙය ඇතුලත් නොකලහොත් එය Google වල පෙන්නුම් කරන්නේ අදාල ලිපියේ මුල් පේලි කිහිපය ඇතුලත්වය. මේ නිසා මෙය ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම වැදගත්ය. හැමවිටම ඔබේ ප්‍රධාන Keywords මෙහි දර්ශනය කිරීම කරන්න.

 

4)  Meta Tags

මෙමගින් අදහස් වන්නේ ඔබේ ලිපිය තවත් වර්ග කරලීමට අවශ්‍ය Tags හෙවත් Keywords ඇතුලත් කිරීමයි. ඔබ WordPress වෙබ් අඩවියක් නම් කරන්නේ Yoast SEO Plugin හා All in One SEO Pack යන ප්ලගින හරහා මෙම Meta Tags ඇතුලත් කිරීමට පහසුකම් සහිතය.

 

5) URL Structure

ඔබේ වෙබ් අඩවියේ ඇති Page හා  Posts සදහා වෙබ් ලිපිනයන් සාදා ඇති ආකාරය හෙවත් Link Structure එකද SEO වලදී විශාල මෙහෙයක් ඉටුකරනු ලබයි.

පහත දැක්වෙන්නේ ගූගල් විසින් නොසලකා හරිනු ලබන වෙබ් ලිපින ආකාරයන් ය.

example.com/12/123456

example.com/wee##65&234

පහත දැක්වෙන්නේ ගූගල් විසින් අනුමත කරනු ලබන වෙබ් ලිපින ආකාරයන්ය.

mysite.com/tech/search-engine-optimization-sinhala

mysite.com/google-adsense-tips-and-tricks

ඔබ සිංහල බ්ලොග් අඩවියක් කරනවා වුවද ඉංග්‍රීසි භාශාවෙන් ලිපියේ අන්තර්ගතය දැක්වෙන අයුරින් වෙබ් ලිපිනය යෙදීම සුදුසු වේ. ඔබගේ වෙබ් ලිපිනය ගොඩක් දිගට යෙදීමද නොකරන්න. වචන 5-6ක් උපරිමවේ.

 

6) Body Tags

ඔබ Web Design හදාරා ඇතිනම් දැනටම Heading Tags පිළිබදව නොදන්නවා විය නොහැක. මෙම Heading Tags එනම් H1,H2,…..H6 මගින්  ඔබේ ලිපියේ මාතෘකා විශේෂ කරුණු Highlight කිරීම කළ හැකිය එවාගේ වැදගත්කම අනුව H1,H2,…..H6 යොදා ගත හැකිය. මෙම Heading Tags  කෙරේ Google ඇතුලු අනෙක් සෙවුම් යන්ත්‍ර විශේෂ අවධානයක් යොමු කරන අතර ඔබේ ප්‍රධාන Keywords මෙමගින් ඔවුනට තවත් එලි දැක්වීම කළ හැකිය. ඔනෑවට වඩා මෙම Body Tags නොයෙදීමටද වග බලා ගන්න. සමහර විට විශාල ජේද ආදිය වෙනම Headings දමා යෙදීම සෙවුම් යන්ත්‍ර වල විශ්වාසය පලුදු කිරීමකි. එබැවින් අවශ්‍යතාව අනුව යෙදීමට නුවණැති වන්න.

 

7) Keyword Density

ඔබ ලිපියක් හරහා කිසියම් කී වර්ඩ් එකක් Target කිරීමේදී එය පුන පුනා බොහෝ තැන්වල යෙදීම බෙහෙවින් බරපතලය. මෙය ගූග්ල් විසින් Spam කිරීමක් ලෙස සලකා ඔබව නොසලකා හරී. ලිපි කිහිපයක් හරහාම මෙය කරලීම ඔබව සදාකාලිකවම ඔවුන්ගේ Algorithm එකෙන් ඉවත් කිරීම හෙවත් Paneltylize කිරීම වුවද කළ හැකිය. එබැවින් ඔබ අපේක්ෂා කරන වචනය ලිපියේ 5-6 වතාවක් තීබීම හොදටම ප්‍රමාණවත්ය. මෙය බොහෝ තැන්වල අර්ථ දක්වන්නේ වචන 100ක් අතුලත එම වචනය 2-5 අතර රදවා ගැනීම කළ යුතු බවය. එනම් Keyword Density 2-5% වීම අනිවාර්‍ය වේ.

 

8) Internal Linking

මෑත කාලීනව සෙවුම් යන්ත්‍ර මූලිකත්වයක් දෙන තවත් වැදගත් කරුණකි. එනම් ඔබගේ කිසියම් තැනක සිට තවත් ලිපියකට හෝ තවත් තැනකට Link නිර්මාණය කරලීමයි. මෙමගින් කිසියම් පාඨකයෙක් ඔබේ වෙබ් අඩවිය තුළ සැරිසරන ප්‍රමාණය හා කාලය වැඩි කරවාලයි. ඒ නිසා ඔබ ලිපි ලිවීමේදී අප බ්ලොග් අඩවියේ පරිදි පැරණි ලිපි වලට යාමට Links යෙදීම කරන්න.

එසේම මෙහිදී වැදගත්ම කාරණයක් නම් එකම වචනයක් ආධාරයෙන් එය කිරීමද සිදු නොකරන්න.

උදාහරන ලෙස “මෙතනින් යන්න” “Click Here” “Go Here” වැනි වචන මගින් එය යෙදීම නොකරන්න.

 

9) Image Optimization

Images යනු SEO වලදී තවත් වැදගත් සාධකයකි. ඔබ Image Name, Alt Tags, Caption, Image Description යොදා ඇති ආකාරය ඔබේ Rankings වලට දැඩිව බලපෑම් කරලයි. එසේම Image Size එක පිළිබඳවද ඔබ සැලකිලිමත් විය යුතුය. හැකිතරම් ප්‍රමාණයෙන් කුඩා පින්තූර එකතු කිරීමට වග බලා ගන්න.

Images වලට නම් යෙදීමේදීද ඔබගේ target keywords එහි අන්තර්ගත කිරීමට අමතක නොකරන්න.

පහත දැක්වෙන්නේ පින්තූර සදහා නම් යෙදිය යුතු එක් නිවැරදි ආකාරයකි. හැකිනම් ඒ ක්‍රමයට පුරුදු වන්න.

Adsense_Logo_New

Facebook_Hackers_2017

Mahinda_Rajapaksha_Car

එසේම Image Alt Tags වලටද ඔබේ Keywords ඇතුලත් කරන්න.

 

10) Increase Website Speed

ඔබේ වෙබ් අඩවියේ අනවශ්‍ය ප්ලගින,වීඩියෝ,විශාල පින්තූර ඇතුලත් කිරීම හැකි තරම් අවම කරන්න. මෙමගින් ඔබේ අඩ්වියේ වේගය වැඩි වන අතර එය පාඨකයන්ට ඔබේ අඩවිය භාවිතය පහසු වේ. එසේම ඔබේ අඩවිය Load වීමට ගොඩක් වේලා ගතහොත් ඔබේ පාඨකයන් ඔබව අතහැර වෙනත් වෙබ් අඩවි වෙත යනවා නොඅනුමානයි. මේ නිසා මේ පිළිබදව ඔබ බොහෝ සැලකිලිමත් විය යුතුමය. තවද අනවශ්‍ය දැන්වීම් ආදියද වෙබ් අඩවියේ වේගය අඩු කරවන සාධකයන්ය.

11) Reduce Bounce Rate

Bounce Rate මගින් පෙන්නුම් කරනුයේ කිසියම් වෙබ් අඩවිය කට එන පාඨකයන් එම වෙබ් අඩවිය තුළ කෙතරම් වේලාවක් රැදෙනවාද යන්න පිළිබදවූ මිම්මකි. එන Visitor කෙනෙක් ඔබේ අඩවියෙන් ආ සැනෙන්ම යයි නම් එය Bounce Rate එක ඉහළට දැමීමට හේතුවන්නකි. එසේම ගොඩ වේලාවක් රැදේ නම් එය Bounce Rate එක අඩු කරලීමට හේතුවකි. හැමවිටම මෙය අඩු අගයක පැවතීමෙන් පෙන්නුම් කරනුයේ පාඨකයන්ට ඔබේ අඩවිය කෙතරම් හොදින් හා වැදගත් ලෙස තොරතුරු ගත හැකිද යන්නයි. හැමවිටම වැදගත් හා දිගු ලිපි ලිවීමෙන් මෙම අගය අඩු කරගත හැකිය. Google අඩු Bounce Rate සදහා වැඩි වටිනාකමක් ලබා දේ.

 

12) Add All Important Pages

About Us, Contact Us, Privacy Policy, Disclaimer, Advertise වැනි අත්‍යවශ්‍ය Pages අනිවාර්‍යයෙන්ම වෙබ් අඩවියට ඇතුලත් කර ඒවාට නිවැරදි ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න. මෙමගින් ගූගල් ඔබේ වෙබ් අඩවිය වෙත දක්වන විශ්වාසය වැඩි කරවන අතර එය ඔබේ Rankings වලට සුභවාදී ලෙස දායක වේ.

 

අවසානය

මෙහි දැක්වෙන්නේ ඔබ ඔබේ අඩවිය තුළ කළ යුතු Search Engine Optimization ක්‍රියාකාරකම් පමණි. මේවා නොමැතිව ඔබ බාහිරින් කරන ක්‍රියාකාරකම් කොතෙක් කලත් පලක් නැත.

ඉන් පසු ඉදිරි ලිපිවලින් අප Off site SEO කරන ආකාරය හා Keyword Research එකක් කරන ආකාරය පිළිබදව ගැඹුරින් කතා කිරීමට නියමිතයි.

ඔබට මේ පිලිබදව තිබෙන ගැටලු තිබේනම් පහතින් comment එකක් ලෙස දක්වන්න. එසේම ඔබේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම SEO කර ගැනීමට හා ඊට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍යනම් ishara5501@yahoo.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරවන්න. ඔබේ සෑම ගැටලුවකටම පිළිතුරු ලබා දෙනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s