Viutube සමග Video Contents නිර්මාණය කර මුදල් උපයන ආකාරය දැන ගනිමු

මොකක්ද මේ Viutube? ඉතින් මේ වියුටියුබ් ගැන කියන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි ඔයාලට,
අපි හැමෝම දන්නවා Youtube හරහා Adsense Ads ඔයාලගෙ වීඩියෝ වල ප්‍රදර්ශනයකර මුදල් උපයන්න පුලුවනි කියලා. නමුත් මේ කාලය වෙනකොට ඒ දේ සීමා සහිත කරන්න ගූගල් සමාගම පියවර අරගෙන තියෙනවා.
විශාල වශයෙන් Publisher ප්‍රමාණය හා Advertisers ලාගේ අඩුවීම නිසා මෙකී නව සීමා පැනවීම සිදුවුණා. 2018 පෙබරවාරි වෙනකන් Youtube Adsense Enable කරන්න අවශ්‍ය වුණේ Views 10000ක් පමණයි. ඉතින් මේක පහසුවෙන් කරගත හැකි නිසා බොහෝ දෙනෙක්ට ඇඩ්ස් ලබා ගැනීමට හැකි වුණා. නමුත් දැන් මේක ඉතාම අමාරු වැඩක්
අලුතින් ආරම්භ කර හෝ කලින් ඇරඹූ යූටියුබ් ගිණුමක් සදහා 1000 subscriber හා 4000 Hours Video Watch Time සම්පූර්ණ කලොත් පමණක් ඔබට Youtube Adsense සදහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමිවෙනවා. මෙය ඉතාම අපහසු කටයුත්තක් බව නිසැකවම ඔබට වැටහෙනවා ඇති.
ඔබත් Youtube හරහා මේ බාධක ජයගෙන මුදල් ඉපයීමට කැමති නම් අප ගෙන ආ Youtube Subscribers ලා වැඩි කරගන්න විදිය ගැන ලියූ ලිපිය අනිවා වැදගත් වෙයි. එය අනිවාර්‍යයෙන්ම කියවන්න ඔයාලා හැමෝම අමතක කරන්නත් එපා.
ඉතින් මේ සදහා විසදුමක් විදියට Sri Lankan Content Creators ලා වෙනුවෙන් Viutube කියන Platform එක හදුන්වා දෙන්න Dialog සමාගම අනුග්‍රහය දක්වනු ලැබූවා. 2018 අප්‍රේල් එනම් මේ ලිපිය ලියන කාලය වනවිටත් Viutube ක්‍රියාත්මක වන්නේ Beta Version එකක් ලෙසයි. එනම් මෙය තවම පසුවන්නේ සංවර්ධනය වෙමිනි.
Viutube හරහා මුදල් ඉපැයීම ඇරඹීමට නම් 20000 Views ප්‍රමාණවත් වන අතර මෙහිදී ඔබගේ එක් view එකක් සදහා සත 25ක මුදලක් මෙන්ම එක් Subscriber කෙනෙක් සදහා රුපියලක මුදලකුත් හිමිවනවා.
ඉතින් අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට කැමති ඔයාල හැමෝටම මේක ගොඩක් හොද අවස්ථාවක් විදියට දක්වන්න පුලුවන්. මෙහි ක්‍රියාවලියත් Youtube එකට බොහෝ සමාන නිසා පහසුවෙන් තේරුම් ගන්නත් ඔයාලට පුලුවන්.
ඉතින් ඔයාලා යූටියුබ් වලට දාන වීඩියෝ මෙහිද ඇතුලත් කරන්න අවසර ලබා දීල තියෙනව. ඉතින් ඔයාට තියෙන්නෙ Youtube Channel එක කරන ගමන්ම ඒ වීඩියෝ ඔක්කොමත් Viutube දාන එක විතරයි.
තවම මෙය සංවර්ධනය වෙමින් පවතින් එකක් නිසා වෙබ් අඩවිය තරමක් මන්දගාමී ස්වරූපයක් උසුලනවා. කොහොමවුනත් ලංකාවේ සිටින අන්තර්ගත නිර්මාණය කරන අයට මේ දීපු අවස්ථාව නම් පට්ටම පට්ටයි. ඉතින් මේ Viutube එකේ අනාගතය තීරණය වෙන්නේ අපි නිසාම තමා. ඉතින් මේක රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්.
ඔයාලත් කැමති නම් මෙතනින් Viutube Sign Up වෙන්න පුලුවන්. අදම ඔයාගෙ විස්තර ඇතුලත් කරලා ගිණුමක් පටන්ගෙන වීඩියෝ දාන්න. දාන වීඩියෝ Approve වෙන්නනම් පැය කිහිපයක්ම යනවා.
කොහොමවුනත් අද වෙනකොට Top Sri Lankan Youtubers ලා වන Iraj, Dushyanth, SL Geek වගේ අයත් මේ වැඩේට බැහැලා ඉවරයි. සමහර අය දැනටමත් මුදල් උපයන එක ආරම්භ කරලා තියෙනවා.
ඔයාලා Upload කරන වීඩියෝ ඔක්කොම Facebook, Twitter, Google Plus වල බෙදාගෙන වීව්ස් වැඩි කරගන්න.
ඉතින් ඔයාලට මේ ගැන විස්තර කියන අපිත් Slcars කියලා චැනල් එකක් පටන් ගත්තා. වීඩියෝ කිහිපයක්ම දැනටමත් අපි දාලා ඉවරයි. යූටියුබ් වලට සාපේක්ෂව මුල් කාලෙ Views ගන්න අපහසු නැහැ. පහසුවෙන් Views ලැබෙනවා.
එහෙනම් පේ Viutube චැනල් එක මෙතනින් Subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ, අපිව Subscribe කරලා පහලින් ඔයාගෙ චැනල් එකේ Link එක Comment කරලා යන්න. අපි ඔයාලව අනිවා Subscribe කරනවා. ඒ වගේම ඔයාලගෙ හොදම වීඩියෝ බලලා Share ත් කරනවා.
එහෙනම් අපේ බ්ලොගයේ අනිත් ලිපිත් කියවන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙනකන් අපි ගිහින් එන්නම්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s