Hostgator වෙතින් ලොව හොදම Web Hosting ඔබේ වෙබ් අඩවියටත්

ඔයත් ඔයාගෙ වෙබ් අඩවිය හෝ අලුතින් අරඹන බ්ලොග් අඩවියට හොද web hosting එකක් හොයන කෙනෙක්ද? එහෙනම් අද අපි ඔයාලට ගෙනාව මේ ලිපිය ගොඩක් වැදගත් වේවි ඒ සදහා. මොකද අද අපි මේ කියන Hostgator කියන වෙබ් හොස්ටින් කොම්පැනි එක තමා ලෝකෙ අංක එකේ මේ වෙන කොට තියෙන web hosting service provider.

ඉතින් එක දෙයක් කියන්න ඕනෙ මේකෙ ටිකක් ගණන් වැඩි. නමුත් ඉතාම විශ්වාසවන්ත වගේම කාර්‍යක්ෂමතාව අතින් සුපිරිම සුපිරි. මන් දන්න කිසිම කිසිම කෙනෙක් මට හම්බෙලා නෑ මේ හොස්ටින් එක අවුල් මචන් කියපු. ඉතින් ඒක නිසා මම බය නැතිව මේක ඔයාලට නිර්දේශ කරනවා.

ඔයාට මේ මිල ගණන් වැඩි කියල හැගෙනවනම් අපි ඔයාලට මීට කලින් ගෙනාපු Zircon Host ලගෙන් සේවා මිලදී ගන්න. එයාල තම මට හම්බුනු ලංකාවෙ හොදම web hosting provider. ඔයාලට එතනිනුත් ඕනිනම් හොස්ටින් ගන්න පුලුවන්.

කියවන්න: Zircon Host වෙතින් වෙබ් හොස්ටින් ඔබේ වෙබ් අඩවියටත්

 

මීට වඩා හොස්ටින් දෙන ලංකාවෙ අය ඇති නමුත් මම මේ වෙනකන් ඒවා පාවිච්චි කරල නැති නිසා ඔයාලට recommend කරන්න බැහැ. දන්නෙ Zircon Host ගැන නිසා ඔයාලට බය නැතිව කියන්න පුලුවන් ගන්න කියලා.

ලංකාවෙ කොහෙන් Hosting ගත්තත් 100% Guarantee එකක් දෙන්න අමාරුයි දවස් 365ම පැය 24ම Down වෙන් නැතිව වැඩ කරාවි කියලා. මොකද මම දැකල තියෙනව ලංකාවෙ අයගෙ service වගේම hosting අවුල් කියල ලංකාවෙම අය බැනල තියෙනවා. ඕනිනම් Elakiri Forum, Kuppiya Forum එකට ගිහින් බලන්න පුලුවන් ඒව ගැන. ඒ නිසා International Web Hosting Provider සමාගමකින් ගන්න එක ඔයාලගෙ බිස්නස් එකට හොදයි. Risk එක අඩුයි.

අද අපි කතා කරන Hostgator ලගෙ තියෙන ලොකුම වාසිය තමා දවසේ පැය 24 වගේම මුලු අවුරුද්දෙම ඔබේ වෙබ් අඩවිය අවුලක් නැතිව වැඩ කිරීමේ සම්භාවිතාව 99.9% වීම. Downtime නැත්තටම නැති තරම්. ඒ වගේම සුපිරියටම Speed.

ඔයාගෙ වෙබ් අඩවිය slow වුනොත් ඒක ඔයාගෙ SEO වලට වගේම වෙබ් අඩවියට එන සෙනග වෙනත් වෙබ් අඩවි වලට යන්නත් හේතු වෙනව. ඒකෙන් පාඩුව වෙන්නෙ ඔයාටමයි. ඒ නිසායි ගොඩක් Internet Business කරන හා ලොකු කොම්පැනි හොද වෙබ් හොස්ටින් ගන්න තැනක් හොයන්නෙ.

ඉතින් ඔයාල මේ Hostgator ලගෙන් hosting ගන්න කැමති නම් පහලින් ගිහින් Register වෙන්න.

 

Sign Up Hostgator>>>>>

 

ඉතින් මේ ලෝක ප්‍රසිද්ධ කොම්පැනි එක ගැන ඔයාලට කියල දෙන්න ගොඩක් තියෙනව. මේකෙ package වල මිල ගනන් එහෙම් කීවෙත් නෑනි. එහෙනම් මතක ඇතිව මේ ලිපිය අන්තිම වෙනකන් කියවන්න….

මේ හොස්ට්ගේටර් කොම්පැනි එක පටන් අරන් තියෙන්නෙ 2002 අවුරුද්දෙ ඉතාම පොඩියට. ඔවුන් සපයන කාර්‍යක්ෂම සේවාව හින්දම අද වෙනකොට බිලියන ගණනින් ආදායම උපයන සමාගක් දක්වා ඔවුන් දියුණු වෙලා තියෙනව. මෙයාලගෙ Head Office එක තියෙන්නෙ ඇමරිකාවෙ texas ප්‍රාන්තයේ Houston කියන නගරයේ. ඔවුන්ගේ සමූහය ඇතුලේ 850 කට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා. ඒ වගේම ඔවුන්ගෙන් හොස්ටින් ලබාගන්නා සම්පූර්ණ ප්‍රමාණය මිලියන 8 කට වැඩි ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඔයාලටම තේරේවි ඇයි මෙච්චර ප්‍රමාණයක් මෙයාලගෙන් සේවය ගන්නෙ කියලා. ඒ ඔවුන්ගේ හොස්ටින් ඒ තරම්ම සුපිරි හින්දා.

 

Different Hosting Types

මොවුන් විවිධාකර හොස්ටින් වර්ග කිහිපයක් ඔබට ලබා දෙනවා. මේ පහතින් දැක්වෙන්නෙ ඔවුන් එසේ නිකුත් කරන හොස්ටින් වර්ග කිහිපයක්.

  • Web Hosting
  • Cloud Hosting
  • WordPress Hosting
  • Reseller Hosting
  • VPS Hosting
  • Dedicated Hosting
  • Application Hosting
  • Windows Hosting
  • Website Builder

මේ විවිධාකාර හොස්ටින් වර්ග ගැන මම පසුවට ඔයාලට කියල දෙන්නම්.

ඒ වගේම ඔබට ඔබේ වෙබ් අඩවියට අදාල Domain ආදියත් මෙයාලා හරහා Register කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඔයාලට .com එකක් ඩොලර් 12.95 ක් වගේ ගාණකට අවුරුද්දක් සදහා ගන්න පුලුවන් මෙයාලගෙන්. ඒ වගේම Transfer Domains, Manage Domains වගේ පහසුකමුත් ඔවුන් ඔබට ලබා දෙනවා.

ඒවගේම Hostgator ලබා දෙන තවත් පහසුකම් කිහිපයක් මෙන්න

  • CodeGuard
  • Web Design
  • PPC
  • SEO

ඉතින් අර මම උඩ කියපු විවිධාකාර හොස්ටින් වර්ග ගැන කියන්නම් පොඩ්ඩක් කෙටියෙන් ඔයාලට. මේක ගොඩක් වැදගත් වේවි ඔයාලට ගැලපෙන හොදම පැකේජ තෝරා ගැනීමට

 

Shared Hosting

මේ හොස්ටින් ආකාරය ගැලපෙන්නෙ කුඩා වෙබ් අඩවිවලට. දවසකට visit 0-100ක් වගේ එන ඒවට තමා හොද. සාමාන්‍යයෙන් අපි මුලින්ම අරඹන වෙබ් අඩවියකට ගන්න ඕනෙ මේ ආකාරයේ වෙබ් හොස්ටින් එකක්. මෙතනදි අපේ වෙබ් අඩවිය run වෙන්නෙ වෙනත් වෙබ් අඩවි කිහිපයක් ඇතුලත් තනි web server එකක.

 

Cloud Hosting

ඔබේ වෙබ් අඩවියට ලොකු Visit ප්‍රමාණයක් ලැබෙන කොට මේ හොස්ටින් ආකාරයට මාරු වීම ගැලපේ එනම් දිනකට 1000+ වැඩි සෙනගක් එනකොට ඔබට shared hosting නොගැලපේ. මෙහිදී ඔබේ වෙබ් අඩවිය web servers කිහිපයකින් පාලනය වේ.

 

WordPress Hosting

මෙය WordPress වෙබ් අඩවිවලටම විශේෂයෙන් සැකසූ shared hosting සැලසුමකි. මෙමගින් WordPress වෙබ් අඩවි මුහුණ දෙන attacks වලින් ආරක්ෂා කරයි.

 

 

ඔබ මුලින්ම hostgator වෙත ගිය විට පළමුව Shared Hosting පැකේජ තෝරා ගැනීම කරන්න. මෙහිදී ඔවුන් සතුව පැකේජ වර්ග තුනකි. ඒවායේ පහසුකම් හා මිල ගනන් විවිධාකාරය.

 

Hatching Plan

  • Single Domain
  • One Click Installs
  • Unlimited Bandwidth
  • SSL Certificate(Free)

ආරම්භක මිල = මසකට ඩොලර් 2.75 සිට

 

Baby Plan

  • Unlimited Domain
  • One Click Installs
  • Unlimited Bandwidth
  • SSL Certificate(Free)

ආරම්භක මිල = මසකට ඩොලර් 3.95 සිට

 

Business Plan

  • Baby Plan
  • Unlimited Domain
  • One Click Installs
  • Unlimited Bandwidth
  • SSL Certificate(Free)
  • Free Upgrade to positive SSL
  • Free Dedicated IP
  • Free SEO Tools

ආරම්භක මිල = මසකට ඩොලර් 5.95 සිට

 

ඉතින් ඔයාලට මේ Hostgator Hosting ගැන ලොකු අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා මම හිතනවා. ඉදිරියේදී මේ Hostgator Affiliate Program එක හරහා මුදල් උපයන ආකාරය ගැන ඔයාලා දැනුවත් කරන්න අපි සූදානම්.

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s