Facebook හරහා මුදල් ඉපයීමේ සාර්ථක ක්‍රම 2018

Facebook ගැන කතා කරනකොට අද වෙනකොට Facebook Account එකක් නැති කොල්ලෙක් කෙල්ලෙක් හොයා ගන්නත් බැරි තරම්. අද වෙනකොට මිලියන ගණනක් ලාංකිකයන් මේ සමාජ ජාලය දිනපතා භාවිතා කරනවා. ලොවම සැලකුවොත් එය බිලියන 2.5 කට අධික ප්‍රමාණයක්. ඒ නිසා මේ Facebook කෙතරම් ජනප්‍රියද කියලා ඔයාට හිතාගන්න පුලුවන් කියලා මම හිතනවා.

අද අපි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නෙ මේ අපි හැමෝම භාවිතා කරන Facebook හරහා මුදල් ඉපයිය හැකි Tips and Tricks කිහිපයක් ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නයි. මේක ගොඩක් Business කරන අයට වගේම Social Media Marketing, Facebook Marketing ගැන උනන්දු හැමෝටම වැදගත් ලිපියක් වේවි කියලා මම හිතනවා. ඒක නිසා මේ ලිපිය අවසානය වෙනකන් කියවන්න අමතක කරන්න එපා. ඔයා දැනටමත් Business එකක් කරන කෙනෙක් නම් ඔයාගෙ ව්‍යාපාරය Facebook එක හරහා ප්‍රවර්ධනය කරන විදිය ගැනත් අපි මේ ලිපිය තුලින්ම සාකච්ඡා කරන්නයි යන්නෙ.

ඇත්තටම Facebook එකෙන් Direct මුදල් ඉපයිය හැකි ක්‍රම ගත්තොත් තියෙන්නෙ ක්‍රම දෙක තුනක් පමණයි. ඒ අතරින් Facebook Creator, Facebook Instant Articles ප්‍රධානයි. නමුත් මේ දෙකම ලංකාවට දෙන්නෙ නැහැ. Instant Articles Approve වුනු බ්ලොග් අඩවි කීපයක් නම් තියෙනවා. නමුත් Facebook Creator නම් ලංකාවට කිසිසේත්ම වලංගු වන්නේ නැහැ. මේ ගැන ලිපියේ අන්තිම කොටසේ අපි සාක්ච්ඡා කරමු. ඉතින් Direct ක්‍රම නැති නිසා Facebook හරහා වක්‍රාකාරව මුදල් ඉපයීමේ ක්‍රම නිර්මාණය කරගන්නට අපේ Facebook වැඩ්ඩො කීප දෙනෙක්ම සමත් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා ලිපිය ඉවර වෙද්දි ඔයාලට තේරේවි.

ඉතින් එහෙනම් මේ වක්‍රාකාර ක්‍රම එකින් එක සාකච්ඡා කරමුකො එහෙනම්.

 

Facebook Pages

Page එකක් හදන විදිය ගැන ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ කියලා මම විශ්වාස කරනවා. පහසුවෙන් ඔයාලට Facebook Fan Page එකක් නිර්මාණය කරගන්න පුලුවන්. දැනටමත් Page එකක් තියෙන අයට ඔයාලගේ තියෙන Page එක හරහා මුදල් උපයන්නෙ කොහොමද කියලා දෙන්නයි මේ යන්නෙ. හැබැයි මේක ලේසි වැඩක් නෙමේ. ඔයාලට සිද්ධ වෙනවා ඒ සදහා ඔයාගෙ Fan Page එක දියුණු කරගන්න.

ඔයාට සිද්ධ වෙනවා ඔයාගෙ Page එකේ පුලුවන් තරම් Likes වැඩි කරගන්න. ඒක ලේසි වැඩක්නම් නෙමේ. දිනපතා 2-3 වතාවක්වත් Page එක Update කරන්න ඔයාට සිද්ධ වෙනවා. හැමවෙලේම අනිත් අය Share කරන්න පුලුවන් විදියේ Post හදන්න. මෙහෙම Shares එනකොට ඔයාගෙ Reach එක වැඩිවෙලා නිකන්ම Likes වැඩි වෙනවා. ඔයාගෙ අරමුණ Page එකෙන් මුදල් ඉපයීම නම් ඒකට අඩුම 50K Likes වත් තියෙන හොද reach එකක් තියෙන මට්ටමකට ගෙන්වා ගැනීම අනිවාර්‍ය වෙනවා. ඔයාට පුලුවන් Facebook Advertising හරහාත් මේ Likes, reach, Shares වැඩි කරගන්න. නමුත් ඒකට ඔයාට මුදල් ගෙවීමක් කරන්න වෙන නිසා හැමෝටම මේක කරන්න වෙන්නෙ නැහැ. මුදල් යොදවන්න බැරි අය මහන්සි වෙලා පෝස්ට් හදලා ගේමක් ගහන්න වෙනවා. ඔයාලට මේ page එකේ Likes වැඩි කරගන්න විදිය ගැන ගැඹුරින් ඉගෙන ගන්න ඕනෙ නම් මම ඒකට පහල ඉංග්‍රීසි ලිපිය නිර්දේශ කරනවා.

කියවන්න:  How to Increase Facebook Fan Page Likes

Likes ගොඩක් තියෙන Fan Page තියෙන අයට ඒ හරහා මුදල් ඉපයීමේ ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දෙයක් තමා Advertising. ඒ කියන්නෙ ඔයාගෙ Page එකේ ඇඩ් දාන්න ලොකු Company හා අනෙකුත් ව්‍යාපාර කරන අය කැමතියි. මොකද ඔයාට දැනටම Page එක වටේ Community එකක් නිර්මාණය කරගෙන තියෙන නිසා. ඔයා ඔයාගෙ Niche එකේ දැනටම Influencer කෙනෙක්. මේ niche මොකක්ද තේරෙන්නෙ නැති අය මේ ලිපිය කියවන්න.

ඔයා Technology Page එකක්නම් කරන්නෙ ඒකෙ Tech Related දේවල් විතරක්ම පල කරන්න. අනිත් අයට හානිවෙන දේවල් වගේම Political දේවල් වගේ දේවල් ඒකෙ දාන්න එපා. මොකද එහෙම උනොත් කිසිම advertiser කෙනෙක් කැමති වෙන්නෙ නැහැ ඔයාගෙ Page එකේ Advertising කරන්න.

ඉතින් එහෙනම් කොහොමද මේ Advertiser ලා හොයාගන්නෙ?

ඒකට උත්තරයත් ඔයාගෙ Page එක තුලින්ම හොයාගන්න පුලුවන් ඔයාට. ඉතින් ඔයාගෙ Page එක ගැන වගේම ඒකෙ Likes, Reach මෙච්චර තියෙනවා, ලැබෙන වාසි, ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද වගේ කියලා Post එකක් දාන්න. එහෙම නැතිනම් Announcement එකක් විදියට Page එකේ උඩින්ම Embedded කරලා තියන්න. ඒ පෝස්ට් එක දකින ඔයාගෙ Fan කෙනෙක් Advertiser කෙනෙක් විදියට ඔයාටම කතා කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා.

මෙහෙම නැතිනම් අනෙකුත් ලොකු Facebook Groups වල පෝස්ට් එහෙම දාල බලන්න ඔයාට පුලුවන් මහන්සි වුනොත් Advertiser කෙනෙක් හොයාගන්න.

මෙහෙම Advertiser කෙනෙක් හම්බුනාම ඔයාගෙ Post එකක් හරි එයාට අවශ්‍ය වෙන ආකාරයට හරි පෝස්ට් එකක් හදලා ඔයාගෙ Page එකේ දාන්න ඔයාට සිද්ධ වෙනවා. මේ සදහා අදාල Advertiser මුදලක් ගෙවන අතර ගොඩක් Page Admin ලා මේ දාන පෝස්ට් එක අමතර මුදලක් ඉල්ලා ගෙන Facebook Advertising හරහා තවදුරටත් Promote කරනවා. ඒකෙන් Advertiser ට වගේම Admin කියන දෙන්නටම වාසි සිද්ද වෙනවා. Advertiser ගේ ඇඩ් එකට මේ නිසා ලොකු Reach එකක් ලැබෙනවා වගේම Page Likes ප්‍රමාණයත් මේ නිසා නිකන්ම වැඩි වෙනවා.

Fan Page එකකින් වගේම මුලු Facebook මගින්ම කරන්න පුලුවන් දෙයක් තමයි Website/Blog sites වලට Traffic ගෙන්වා ගන්න හැකිවීම. ඉතා ලොකු Traffic එකක් අපිට Facebook එකෙන් ගෙන්වා ගන්න පුලුවන්. Likes ගොඩක් තියෙන Page වලින් ඔයාලගෙ අලුත් පරන බ්ලොග් පෝස්ට් වලට අතිවිශාල කියවන්නන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම කරන්න පුලුවන්. ඒ නිසා ඔයාගෙ බ්ලොග් එකේ Advertising වලින් ලැබෙන ආදායමත් ඉහල යනවා. Popcash, Adfly වගේ ඇඩ් දාල තියෙනවනම් Facebook Traffic එකත් එක්ක Earnings වැඩි වෙන විදිය බලාගෙන ඉද්දිම අත්විදින්න පුලුවන්. බ්ලොග් එකක් කරන්න හෝ දැනටමත් බ්ලොග් එකක් කරන්න බලාපොරොත්තු වෙන අයට පහල ලිපි පෙල වටීවි.

කියවන්න:

Blog එකක් පටන් ගන්න විදිය

Blog එකකට හොදම Niche එකක් තෝරා ගන්න විදිය

Popcash Ads වලින් මුදල් උපයන විදිය

Adfly Ads වලින් මුදල් උපයන විදිය

වෙබ් අඩවියකට Traffic එනකොට එමගින් ඔයාගෙ Alexa Rank එක පහළ යනවා විතරක් නෙමේ බ්ලොග් එකෙන් ලැබෙන ආදායමත් නිකන්ම ඉහල යනවා. ඒ කියන්නෙ Affiliate Marketing, Referral Incomes, direct Advertising, Sponsorships වලින් උපයන මුදල් ප්‍රමාණත් නිකන්ම ඉහල යනවා. මේ නිසාම ලෝකෙ ලොකුම Bloggers ලා වගේම Website Owners ලා මේ Facebook Marketing, Facebook Advertising වලට ලොකු අවධානයක් වගේම ලොකු මුදලක්ද වැය කරනවා.

ලොකු Fan Page එකකින් කරන්න පුලුවන් තවත් මුදල් ඉපයීමේ ක්‍රමයක් තමයි ඔයාගෙම Products හෝ services විකිණීම. අපි හිතමු ඔයා අලුතින් Android App එකක් හැදුවා කියලා. ඉතින් ඔයාට පුලුවන් ඔයාගෙ Page එක හරහා ඒක නිකන්ම Promote කරගන්න. ඒ වගේම ඔයාගෙ තියෙන ඕනෑම භාණ්ඩයක් මේ ඔයාගෙ Facebook Page Community එකට විකිණීම ඔයාට කරන්න පුලුවන්.

ඔයාට Web Designing, Graphic Designing, Video Editing වගේ නොයෙකුත් හැකියාවන් තියෙනවනම් ඒ වගේ හැකියාවනුත් Advertising කරලා Projects අරන් කරලා දීලා මුදල් උපයා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා.

ඔයා Youtube Channel එකක් කරන කෙනෙක් නම් ඔයාගෙ වීඩියෝ සියල්ලම ඔයාගෙ Page එකේ Publish කරලා Views, subscribers වැඩි කරගන්න ඔයාට පුලුවන්. Youtube Views ඕනෙ අයට ඔයාගෙ Page එකේ මුදලට එයාලගෙ වීඩියෝ දාලා මුදල් උපයන්න හැකියාවකුත් ඔයාට මේ හරහා හැකියාව තියෙනවා.

ඉතින් මෙන්න මේ දේවල් තමා ඔයාලට මූලිකවම Facebook Fan Page එකක් හරහා මුදල් ඉපයිය හැකි ප්‍රධාන ක්‍රමවේදයන්. කවදාවත් Page එකේ Likes වැඩි කරගන්න කියලා වෙබ් අඩවිවලින් දෙන Likes Packages එහෙම ගන්න නම් එපා. ඔවුන් ඉතා අඩු මුදලට අතිවිශාල Likes ප්‍රමාණයක් දෙනවා කියල කීවට ඒවා ඔක්කොම Fake Likes. මාත් එහෙම අරන් සෑහෙන මගේ මුදල් නිකරුනේ නාස්ති කරගත්තා. මෙහෙම Likes වැඩි කරගන්න ඕනෙ නම් Facebook Advertising කරලා වැඩි කරගන්න එක තමා හොදම ක්‍රමය.

 

Facebook Groups

Facebook Group එකත් Facebook Page එක වගේම තමා. Page එකේදි ගොඩක් වෙලාවට පල වෙන්නෙ Admin පළකරන පෝස්ට් විතරයි. නමුත් Group එකකදි එහි සාමාජිකයන්ටත් Posts පළ කිරීමට හැකිවෙනවා. මේ නිසා Facebook Groups කියන්නෙත් මුදල් ඉපයීමේ ක්‍රම නිර්මාණය කරගත හැකි හොද ස්ථානයක්.

Page එකකදි වගේම Facebook Group එකකුත් Members ලා විශාල ප්‍රමාණයක් හිටියොත් තමා වාසිය තියෙන්නෙ. මේ මට්ටමට මොකක් හරි Group එකක් අරන් එන්න නම් කලින් කිව පේජ් වලදි වගේම මහන්සි වෙලා හොද පෝස්ට් එහෙම දාලා කරගෙන යන්න ඕනෙ. නිතර නිතර පෝස්ට් දැම්මොත් තමා Members ලා Active වෙලා Group එක Promote වෙන්නෙ. මෙහෙම වර්ධනය වෙනකොට අලුතින් ගෘපයට එන සාමාජිකයන් ප්‍රමාණයත් එන්න එන්නම වැඩි වෙන්න ගන්නවා. එතකොට ඉතින් මේ Group වලින් ප්‍රතිලාභ ලබා ගන්න තමා තියෙන්නෙ. මුල් කාලෙනම් Group එක ඇදන් යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. Members ලා ඇඩ් කර කර පෝස්ට් හද හද යනකොට තමා මට්ටමකට එන්නෙ.

කියවන්න: How to Promote Your Own Facebook Group

දැන් අපි බලමු Members ලා ගොඩක් ඉන්න Facebook Group එකකින් මුදල් උපයන්නෙ කොහොමද කියලා.

Facebook Page එකකදි අපි අර කීව ක්‍රම සියල්ලම මේ සදහාත් වලංගුයි. ඔයාට විශාල සාමාජිකයින් ප්‍රමාණයක් සිටින Group එකක් තියෙනවනම් අර කලින් කීව වගේ Advertiser ලා හොයාගෙන ඒ හරහා මුදල් ඉපයීමේ හැකියාව තියෙනවා. මෙතනදි Group එකේ උඩින්ම Advertiser ගෙ පෝස්ට් එක පළ කෙරෙනවා. එතකොට Group එකට එන හැමෝම පහළට post බල බල යද්දි මුලින්ම දකින්නෙ අර Advertiser Post එක. Group එක නිතරම Active නම් මේ විදියට Advertiser ලා නිකන්ම ඔයා හොයාගෙන එනවා.

Facebook Groups කියන්නෙත් වෙබ් අඩවියකට Traffic Drive කරන්න පුලුවන් සුපිරිම තැනක්. මෙතනදි ඔයාට ඔයාගෙ බ්ලොග් පෝස්ට් තමන්ගෙ Group එකේ විතරක් නෙමේ අනිත් ප්‍රසිද්ධ Group වලත් පලකිරීමේ හැකියාව පවතිනවා. හැබැයි මේක Spam ආකාරයට කරගෙන යන්න එපා. හොද වටිනාකමක් ඇති පෝස්ට් එකක් හදලා ඒක Group එකේ දාලා එතනින් වැඩි විස්තර බලන්න කියලා ඔයාගෙ බ්ලොග් ලිපියේ URL එක දාන්න. මේ විදියට හැම Group එකකම දාන්න ඔයාට පුලුවන්. හැබැයි මේ වැඩේ බෝම පරිස්සමෙන් වගේම ඉවසීමක් ඇතිව තමා කරන්න ඕනෙ. සමහර වෙලාවට ඔයා කරන වැරදි නිසා Group Admin ඔයාව Ban කරන්න විතරක් නෙමේ Facebook එකෙන් ඔයාගෙ පෝස්ට් එක Report කරන්නත් පුලුවන්.

ඔයා දැනටමත් බ්ලොග් එකක් කරන කෙනෙක්නම් බ්ලොග් ලිපි share කරන්න හොදම Facebook Groups ගැන අපි කලින් කීව මතක ඇති. ඒ ලිපිය කියෙව්වෙ නැතිනම පහලින් ගිහින් ඒ ලිපිය කියවන්න.

කියවන්න: බ්ලොග් ලිපි Share කරන්න හොදම Facebook Groups මෙන්න

Youtubers ලටත් මේ Facebook Groups හරහා Views, Subscribers වැඩි කරගන්න පුලුවන්. ඔයා Youtube කරන කෙනෙක්නම් පහල ලිපිය කියවලා ඒ හරහා මුදල් උපයන ක්‍රම මොනවද කියලා දැනගන්න.

කියවන්න: Youtube හරහා ඇත්තටම මුදල් උපයන්නෙ මෙන්න මෙහෙමයි.

ඔයාලගෙ මොනාහරි Products හරි Services ආදියත් Facebook Groups වල Advertise කරලා එමගින් මුදල් ඉපයීමේ හැකියාව ඔයාට තියෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ අලෙවි කරන්නම හදපු Group වෙනම තියෙනවා. ඒ වගෙ පුලුවන් ඔයාගෙ Products Sell කරන්න.

විශේෂයෙන්ම Facebook Groups හරහා ලැබෙන විශේෂ වාසියක් තමා අලුතින් මිතුරන් හමුවීම. මේ හරහා ඔයාගෙ දැනුම වැඩි වෙනවා විතරක් නෙමේ ඔයාට මුදල් ඉපයීමේ අවස්ථාත් වැඩි වෙනවා. Facebook Group එකකදි තනි පුදගයෙක් විදියට Page එකකට වඩා ඔයා නිරාවරණය වෙන නිසා අලුතින් ඔයාගෙ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සේම ආධුනිකයනුත් මුණ ගැසීම සිදුවෙනවා. මෙමගින් ඔයාට Projects හම්බවෙන්න්ත් එමගින් වෙනත් මුදල් ඉපයීමේ ක්‍රම නිර්මාණය කරගන්නත් හැකි වෙනවා.

 

Facebook Profiles

ඔයා බලනව ඇති Facebook Profile හරහා මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඇත්තටම Facebook Account එකකින් නම් ලොකු වාසියක් නෑ. නමුත් මේ වගේ Facebook Accounts ගොඩක් තියෙන කෙනෙක්ටනම් මේ හරහා ලොකු දෙයක් කරන්න පූලුවන්. 5000 Members ඉන්න Facebook Accounts වෙනම විකිණීමට වගේම ඒවා මිලදී ගන්න අයත් ඉන්නවා. ඔයාටත් මෙහෙම Members ගොඩක් ඉන්න Accounts තියෙනවනම් ඒවා විකුණලා මුදල් උපයන්නත් ඔයාට පුලුවන්. ඒ වගේම ඔයාට මේ වගේ Accounts ගොඩක් එකතු කරගත්තොත් ඒවා හරහා website Traffic, Group members adding, Fan page Likes වගේ වෙනම වැඩ කරල දීල එමගින් මුදල් ඉපයීමේ ක්‍රම රැසක් නිර්මාණය කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම Freelancing Sites වල Facebook සම්බන්ධ වැඩ කරල දීල ඒ හරහාත් මුදල් ඉපයීමේ හැකියාව ඔයාට තියෙනවා.

 

Facebook Instant Articles

කලින් කීව වගේ දැන්නම් ලංකාවෙ සිංහල බ්ලොග් වලට මේ පහසුකම දෙන්නෙ නැති තරම්. මුල් කාලෙ මේ පහසුකම ලංකාවෙ බ්ලොග් වලට දීල තිබුනා. නමුත් අපේ අය මේක වැරදි විදියට යොදාගෙන වැරදි ක්‍රම වලින් Traffic අරන් මුදල් පස්සේ කෑදරකමෙන් ගියපු නිසා ගොඩක් බ්ලොග් වලට මේ පහසුකම ඉවත් කරන්නට Facebook කටයුතු කලා. නමුත් තවමත් මේ පහසුකම තියෙන බ්ලොග් කීපයක්ම තියෙනවා.

Facebook Instant Articles වලින් මුදල් උපයන්න නම් ඔයාට තරමක් පැරණි Facebook Fan Page එකක් වගේම හොද වටිනා ලිපි අඩංගු බ්ලොග් එකක් තිබීම අනිවාර්‍ය වෙනවා. මේ දෙකම සම්පූර්ණ නම් ඔයාට පුලුවන් Instant Articles Register වෙන්න. පස්සෙ එයාල දෙන කෝඩ් එක ඔයාගෙ බ්ලොග් එකේ දාලා අලුතින් පෝස්ට් 10ක් විතර ලියලා ඒක ඔයාගෙ Page එකේ පළ කරන්න ඕනෙ. එතකොට Facebook Team එක ඔයාගෙ ලිපි බලලා ඒක අනුමත කිරීම කරනවා. සාමාන්‍යයෙන් දැන්නම් වටිනා ලිපි පල කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සෙ Page එක හරහා ඇවිල්ල ඔයාගෙ බ්ලොග් එක කියවන අයට ඇඩ් පෙන්නුම් කරන අතර ඒවා View, Click වෙන ප්‍රමාණය අනුව මුදල් ගෙවීම කරනවා.

මේකත් Adsense වගේම ඉතාම හොදින් මුදල් ගෙවන ක්‍රමවේදයක්. ඒ නිසා මහන්සි වෙලා බ්ලොග් කරන අය මේක අනිවා උත්සහ කරල බලන්න. සහරවෙලාවට Approve වුනොත් ගොඩේ ගොඩම තමා. මේකෙ මුදල් ඉපයීම වැඩි කරගන්න නම් ඔයට සිද්ධ වෙනවා ඔයාගෙ Facebook Fan Page එක Promote කරගන්න.

 

Facebook Creator

මේක නම් ලංකාවට තවමත් අනුමත වෙලා නෑ. නමුත් අනාගතයේදී මේ ක්‍රමය අනුමත වේවි කියලා අපි බලාපොරොත්තු වෙනව. මේකත් නිකන් Youtube වගේ Video Sharing Platform එකක්. මේක කරන්න නම් Facebook Creator App එක ගන්න ඔයාට සිද්ධ වෙනවා. මේ ඇප් එකෙන් වීඩියෝ අප්ලෝඩ් කරලා ඒ වීඩියෝ Approve වුනාම ඒවගෙ ඇඩ් Facebook විසින්ම පල කරනව. ඊට පස්සෙ ඉතින් ඒව බලන ගානට සල්ලි තමා.

 

අවසානය

මේ ආකාරයට Facebook හරහා මුදල් ඉපයීමේ ක්‍රම රාශියක් ඔබ සතුය. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් මහන්සි වෙලා මොලෙන් වැඩ කරන එකයි. අදම Facebook Fan Page එකකුයි Facebook Group එකකුයි පටන් අරන් ඒවා දියුණු කරන්න බලන්න. ඔයාගෙ community එක විශාල වෙන තරමට මුදල් ඉපයීමේ හැකියාව වැඩි වෙනවා වගේම ඉපයිය හැකි මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ වගේම freelancer වෙබ් අඩවිවල Facebook සම්බන්ධ ඔයාගෙ දැනුම හා හැකියාව අනුව වෙනත් රටවල අයට වැඩ කරල එමගින් මුදල් උපයන්නත් ඔයාට පුලුවන්. හැකිතරම් පිටරට අය Target කරන්න.

ලංකාවෙ ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ හුදු විනෝදයක් විදියට විතරයි. ඔයත් මේ වෙනකන් ඒ විදියට පාවිච්චි කලා නම් ඒකෙන් මිදිලා තමන්ගේ දැනුම ඔස්සේ ගිහින් අලුත් දෙයක් කරන්න බලන්න. Facebook කියන දේ ඔයාට මුදල් ලබාදෙන තැනක් බවට පත් කරගන්න ඔයාට පුලුවන්. තමා වටා අලුතින් Community එකක් Build කරගන්න බලන්න. මන් දන්නවා ගොඩක් අයට Facebook Groups, Fan Pages තියෙනවා. නමුත් ඒවා දියුණු කරගන්න එයාලට දැනුම නෑ. Google කරල බලන්න තව ගොඩක් ක්‍රම තියෙන්වා මේ වගේ මුදල් උපයන්න.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s