වැරදි SEO ක්‍රමවේද නිසා Google විසින් මගේ බ්ලොග් එකට දුන්නු දඩුවම

ඉතින් මම අද ඔයාලට අරන් ආවේ Search Engine Optimization වලට අදාල ලිපියක්. ඉතින් SEO ගැන උනන්දු අය හා ඉගෙන ගන්න කෙනෙක්ට මම මේ ගෙනාපු ලිපිය ගොඩක් වැදගත් ලිපියක් වේවි කියලා මම හිතනවා. ඉතින් මම මේ අද ඔයාලට අරන් ආවේ නොදැනුවත්ව වැරදි SEO ක්‍රමවේද අනුගමනය කිරීම නිසා මට වුනු අකරතැබ්බයක් ගැනයි. මේ වැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම නිසා Google විසින් මා හට Penalty එකක් ලබා දුන් අතර සම්පූර්ණයෙන්ම Google Search Engine එකෙන් මගේ බ්ලොගය ඉවත් කිරීමටද ඔවුන් කටයුතු කලහ. මේ නිසා මට Google එකෙන් පැමිණි සිය ගණනක් වූ පාඨකයින් අහිමි වුණා. මේ නිසාම මම මගේ බ්ලොගය සම්පූර්ණයෙන්ම නවතා දැමූ අතර වසර දෙකක් පැරණි මගේ Domain නාමයද අහිමි විය. මේ ලිපිය තුලින් මා කල වැරදි පිළිබඳවත් ඒ වැරදි නොකිරීම සදහා ඔබ දැනුවත් කරලීමටත් මේ ලිපිය ලිවීමට මා තීරණය කළෙමි. හදිසියේ හෝ බ්ලොග් අඩවියක් කරන ඔබ මේ මම කල වැරදි නොදැනුවත්ම කරනවා ඇති. ඒ නිසා මේ ලිපිය අවසානය තෙක් කියවන ලෙස කියවන ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිමි.

මා කළ මුල්ම වැරැද්ද නම් එකම Targeting Keyword එක නැවත නැවත Post URL එකේ යෙදීමයි. එනම් මා බ්ලොගය මගින් අරමුණු කළ ප්‍රධන Keyword එක මගේ ඩොමේන් නාමය තුළ මෙන්ම URL එකේ අනෙක් තැන්වලත් නැවත නැවත යෙදීමට මම පියවර ගත්තෙමි. එය මෙලෙස උදාහරණයකින්ම මම පෙන්නලා දෙන්නම්කො. උදාහරණයක් විදියට මම බ්ලොග් එකෙන් Target කරනවා blogging කියන වචනය, හැබැයි මේ blogging කියන වචනය මගේ ප්‍රධාන ඩොමේන් එකෙත් තියෙනවා. අපි හිතමු Bloggingtips.com වගේ ඩොමේන් නාමයක්. ඒකෙ අපේ Target Keyword එක වුනු blogging කියන වචනය තියෙනවා ඔබට පෙනෙනවා ඇති. මෙන්න මෙහෙම වෙලාවක මගේ බ්ලොග් ලිපිවලට මම පහත ආකාරයේ post URL යොදනවා.

උදා:

bloggingtips.com/blogging-guide-lanka

bloggingtips.com/blogging-help-post-1

bloggingtips.com/blogging-with-wordpress-sinhala

ඉතින් ඔයාලට පේනවා ඇති ඉහත URL වල එකම වචනය එනම් blogging කියන වචනය නැවත නැවත යොදා තිබෙන බව. එනම් ඩොමේන් එකේ මෙන්ම එහි අනෙක් කොටස් වලත් එම වචනය අන්තරගතය. මේ අකාරයට මම මගේ බ්ලොග් පෝස්ට් වල ලින්ක් එකට එකම වචනය අන්තර්ගත කලෙමි. නමුත් මෙය Spam කිරීමක් ලෙස මට මුලින් කිසිම අවබෝධයක් නොවිනි. ඇත්ත වශයෙන්ම එය ස්පෑම් කිරීමකි. එනම් ඔබ එම Blogging යන වචනය Highlight කිරීමට දිගින් දිගටම උත්සහ කලොත් Google විසින් එය පහසුවෙන් හදුනා ගන්නා අතර එය ඔබට Penalty එකක් ලැබීමට අත වැනීමකි. එසේ Penalty එකක් ලැබුනොත් ඔබව Google වලින් ඉවත් කර දමන අතර ඔබට search engine traffic නැවත නොලැබේ. මෙමගින් ඔබට සිදුවන්නේ මට සේම දැඩි පාඩුවකි. ඒ නිසා එකම Keyword එක නැවත නැවත යෙදීමට වග නොබලන්න. මේ ආකාරයට ලින්ක් යොදන අය මා දැක ඇති බැවින් වහාම ඔවුන් අතර ඔබත් සිටීනම් මේ වැරැද්දෙන් ඔබ වහාම ඉවත් විය යුතුය. Black Hat SEO වලින් හැම විටම ඈත් වීමට ඔබ හැමවිටම වග බලා ගන්න.

මා කල දෙවැනි වැරැද්ද වන්නේ වැරදි ආකාරයට Backlinks නිර්මාණය කිරීමයි. එහිදී මම මගේ සිංහල බ්ලොග් අඩවියට ඉංග්‍රීසි වෙබ් අඩවි හරහා Backlinks නිර්මාණය කළෙමි. මෙලෙස අතිවිශාල Backlinks ප්‍රමණයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් Fiver Buyer කෙනෙක්ට ඩොලර් කීපයක්ද ලබා දීමට මා මෝඩ වූයේය. එතන්දී සිදුවූයේ ඔවුන් ස්පෑම් ආකාරයට් මගේ බ්ලොග් අඩවියට ලින්ක්ස් නිර්මාණය කරලීමයි. මෙසේ අතිවිශාල කිසිම ගැලපීමක් නැති ලින්ක්ස් නිර්මාණය කිරීම භයානක බව එදා මට වැටහුනේ නැත. එබැවින් Backlinks නිර්මාණය කරලීමේදී ඔබද සැලකිලිමත් වන්න. කිසිම විටෙක සිංහල බ්ලොග් අඩවිවලට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂා සහිත බ්ලොග් හෝ වෙබ් අඩවිවලින් Links නිර්මාණය කිරීම නොකරන්න. එමෙන්ම ඔබේ Niche එකට පමණක් අදාල බ්ලොග් අඩවිවලින් Backlinks නිර්මාණය කරගැනීමට හැකි සෑම විටම උත්සහ කරන්න. තවද ඔබ ඔබේ බ්ලොගයේ ඉතා වටිනා අන්තර්ගතයන් නිර්මාණය කරන්නේ නම් ඔබට මේ Backlinks යනු අනවශ්‍ය දෙයකි. හැම විටම On-Page SEO වලටවැඩි අවධානයක් යොමු කරන්න.

මා කළ අනෙක් වැරැද්ද නම් බ්ලොගයට යොදාගත් Image හා එවා නම් කිරීමේදී අනුගමනය කළ වැරදි ක්‍රමවේදයන් වේ. මා මගේ ලිපිවලට අන්තර්ගත කලේ Google Images ය. එය වැරදි ක්‍රමවේදයක් බව එදා මට වැටහුනේ නැත. කිසිවිටෙක ඔබ Image සදහා Google Images භාවිතා නොකරන්න. හැමවිටම ඔබම නිර්මාණය කල පින්තූර පමණක් ඇතුලත් කරන්න. එසේම එසේ යොදාගත් පින්තූර නම් කිරීමේදී Image Name වලට මම කලින් සදහන් කල එකම Keyword එක නැවත නැවත ඇතුලත් කලෙමි. එයද වැරැද්දක් බව මට වැටහුනේ නැත.

එසේම මගේ බ්ලොගය ඉකමනින්ම Search Engine වලට ඇතුලත් කිරීමේ අරමුණින් Ping වෙබ් අඩවි වලට මම බ්ලොගය ඇතුලත් කලෙමි. මෙම Ping Websites යනු ස්පෑම් ක්‍රමවේදයක් වේ. ඒ නිසා කිසි විටෙක ඔබ ඒවා පසුපස නොයන්න.

දැන් Google විසින් ඔබේ බ්ලොගය Rank කිරීමේදී සලකා බලන සාධක මීට වසර 5-6 කට පෙර ඒවා නොවේ. ඒ නිසා ඔබ එම Ranking Factors අනිවාරයෙන්ම අධ්‍යයනය කල යුතුය. එසේ නොමැති වුවහොත් ඔබට SEO වලින් ලැබෙන වාසිය අහිමි වී යයි. ඒ නිසා හැමවිටම ඔබ ඔබේ බ්ලොගය SEO කිරීමට පෙර අලුත්ම SEO ක්‍රම පිළිබඳව සොයා බැලීම අනිවාරයෙන්ම කියවන්න. කිසිවිටෙක Blackhat ක්‍රමවේද වලට නොයන්න.

මේ ආකාරයට මා කළ වැරදි අවබෝධ කරගත් නිසා මම SEO පිළිබඳව ලොකු පාඩමක් ඉගෙන ගහ්තෙමි. එය ඔබ කාට හෝ වැදගත් වේ යැයි සිතූ නිසා මෙලෙස ලිපියකින් ගෙන ඒමට මම පියවර ග්ත්තෙමි. ඔබට SEO  පිළිබඳව ගැටලු හෝ ඔබේ වෙබ් අඩවිය search engine optimization කිරීම ගැන ගැටලු වේ නම් Contact us පිටුවෙන් අපව අමතන්න.

6 Comments Add yours

  1. Rasoon says:

    – #Hashtags භවිතා කල හකිද.
    – URL link එකෙ එක් වරක් පමණක් වචනය භවිතා කල හකිද.
    – පින්තුර භවිතා කිරිමෙදි Non copy right සයිට් (pexel) වගෙ සයිට් එකකින් ලබා ගන්නා පින්තුර භාවිතා කල හකිද.

    Like

    1. Crazyish says:

      # tags epaa use krnn
      Url eke eka wachanyk ek wathawk tynn
      No copyright picture aulk nee

      Like

  2. Rasoon says:

    WordPress වලට web hosting ඔනෙද. Pay කරන්න ඔනෙ ද

    Like

  3. Rasoon says:

    මෙයට bitly වගෙ URL shorten site එකක් භවිතා කරන්න පුලුවන් නෙද

    Like

Leave a comment