ඔයාගේ Fiverr Gig එක Search List එකේ පළමු පිටුවට ගෙන එන්න සුපිරිම Tips and Tricks කීපයක් මෙන්න

ඉතින් කොහොමද ඔයාලට? කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ලියන්න ඕනෙ කියලා හිතුනා. කොරෝනා නිසා මේ දවස්වල ගොඩක් අය ගෙදරට වෙලා ආරක්ෂිතව ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ බ්ලොග් එකට ලිපියක් ලියන්නම් කියලා හිතුනත් මගේ අනෙක් බ්ලොග් වලයි වෙබ් සයිට් වලයි වැඩ වගේකට හිරවුණු නිසා අලුත් ලිපියක් ලියන්න පොඩ්ඩක් පරක්කු වුණා. කොරෝනා නිසා ගොඩ දෙනෙක් ගෙවල් වලට වෙලා සිටින හින්දද මන්දා පහුගිය අප්‍රේල් මාසේ අපේ බ්ලොග් එකේ Traffic එකත් 50% විතර වැඩි වෙලා කියලා මට දැකගන්න හැකිවුණා. ඒ නිසාම කට්ටියට අලුතින් දෙයක් කරන්න ඕනෙ කියලා මට හිතුනා.

කොරෝනා වල බලපෑම නිසා ගොඩක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ලොකු හානියක් වෙයි කියලා තමා අහන්න ලැබෙන්නේ. කොහොමවුනත් මේ දවස්වල ලංකාවේ වගේම ලෝකයේම මේ Internet Jobs, Internet Money කියන වචන වල ප්‍රමාණය හොයන පිරිසත් වැඩි වෙලා තියෙනවා. ඒක හොදටම තේරෙනවා අපේ බ්ලොග් එකට එන පිරිස වැඩිවීම තුළින්. ඒ වගේම Fiverr වගේ Freelancing වෙබ් අඩවිවලට අලුතින් සම්බන්ධ වුණු ප්‍රමාණයත් වැඩි වෙලා කියලයි ආරංචිය. ඉතින් අද අපි කතා කරන්න යන්නෙත් Fiverr ගැනම තමා.

මීට කලින් අපි Fiverr ගැන ලිපි කීපයක්ම ඔබට ගෙන ආවා. මේක කියවන ඔයාත් Fiverr වල සාර්ථක වීම ගැන ලියපු ඒ ලිපිත් මේ ලිපියට සමගාමීව හොයාගෙන අධ්‍යනය කරන්න. හැබැයි ඒ ලිපි මම ලීවේ මීට අවූරුදු 3-4කට කලින්. ඒ කාලෙ තමා මමත් අන්තිමට ෆයිවර් එකේ වැඩ කලේ. නමුත් මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට කාලය වෙන් කරන්න වුනු නිසා තාවකාලිකව ෆයිවර් එකේ වැඩ නැවැත්තුවා. දැන් මට ෆයිවර් කරන්න වෙලාව නැහැ. නමුත් මේ බ්ලොග් ලිපිය කියවන ගොඩ දෙනෙක් ෆයිවර් එක ගැන උනන්දු හරි එහි සාර්ථක වෙන්න අඩුම උත්සහ කරපු අය කියලා මම හිතනවා. කොහොමහරි තාමත් ෆයිවර් එකේ සුපිරිම ගේමක් ගහන්න උත්සහ කරන අයට මේ ලිපිය අනිවා වැදගත් වෙයි. Google Search කරලා බැලුවා how to success in fiverr 2020 කියලා. ඒකෙදි මට හමුවුනු ලිපිවලින් හොදම ලිපියේ අඩංගු කරුණු තමා මම මේ ඔයාලත් එක්ක බෙදගන්නේ. වටපිට කතා ඇතිනෙ එහෙනම් මාතෘකාවට යොමුවෙමු.

ගොඩක් අය ව්ශ්වාස කරන විදියට ෆයිවර් එකේ සාර්ථක වෙන්න වාසනාව ඕනෙ. හැබැයි ඒක ඇත්තටම බොරුවක්. වාසනාවත් ටිකක් ඔනෙ තමා. ඒ වගේම ඕඩර් ගන්න නම් ගොඩක් මහන්සි වෙන්නත් ඕනෙ. 90% දෙනා කරන්නෙ කොහොමහරි එයාලගෙ Skills දාලා ගිග් එකක් හදන් දවස් දෙක තුනකින් ඕඩර් එන් නෑ කියලා වැඩේ අතාරිනවා. මේක කියවන ඔයත් සමහරවිට එහෙම වෙන්න ඇති. එහෙම කරපු කෙනෙක් නම් දැන්ම ඔයාගේ පරණ ගිග් එක අයින් කරලා මේ මම කියන මේ අලුත් දේවල් ටික කරලා බලන්නකෝ. මට ලොකු විශ්වාසයක් තියෙනවා බාගෙට බාගයක් දෙනාට ගේමක් ගහන්න පුලුවන් වෙයි කියලා,

Buyer කෙනෙක් එයාලගෙ වැඩකට seller කෙනෙක් තෝරද්දි මුලින්ම එයාලා කරන්නේ Fiverr එකේ එයාලගෙ වැඩේට අදාල Search Term එකක් දාලා search කරන එක. එතකොට එයාලගෙ වැඩේට අදාල sellers ලා List එක පෙන්නුම් කරනවා. මේ ලිස්ට් එකේ ඊට පස්සෙ එයා එක එක සෙලර් ලගෙ ගිග් එකට ගිහින් බලනවා එයාගෙ වැඩේට හරියන කෙනා කවුද කියලා. මෙහෙම දෙතුන් දෙනෙක් තෝරාගෙන බලලා ඒ අයට personal messages දානවා. මෙතනින් පස්සෙ buyer and seller අතර අදාල සන්නිවේදනය වුනාට පස්සෙ buyer තීරණය කරනවා මම මෙයාට ඕඩර් එක දෙනවද නැත්ද කියලා. මෙහෙම ගොඩක් වෙලාවට Buyer කෙනෙක් තෝරාගැනීම් කරන්නේ එයාලගෙ Search List එකේ පළමු පිටුව එහෙමත් නැතිනම් උපරිම දෙවන පිටුවෙන්. එතනදි buyer කෙනෙක් ගොඩක්ම සලකලා බලන තවත් දෙයක් තමා එයාලගෙ කලින් වැඩ කොහොමද හා ඒවගෙ Reviews කොහොමද කියලා. මේ ඔක්කොම සාධක Seller කෙනෙක්ට ඕඩර් එකක් ලැබෙන්න ගොඩක්ම බලපානවා. දැන් ඔයාලට මම මේ වැඩ ටික කියලා දෙන්නේ මෙන්න මේ Fiverr search List එකේ පළමු පිටුවේ ඔයාගේ ගිග් එක පෙන්නුම් කිරීමට අදාල වැදගත් දේවල් ටිකක්. ඔයාලට තේරෙන්න ඇති ඕඩර් ලැබෙන්න ඒක කොච්චර වැදගත් වෙනවද කියලා. අන්න ඒ නිසයි මේ ගැන මම පෝස්ට් එකක් ලියන්න තීරණය කලේ……එහෙනම් මෙහෙමයි වැඩේ……..

1) Get Your First Order Asap
මෙතන්දි ඔයා කරන්නේ ඔයාගේ යහලුවෙක්ට කියලා Fake Order එකක් දාගන්න එක. මේක ඔයාගෙ යාලුවට අදාල ඩොලර් ගාන දිලා ඔයාට කරගන්න ලේසියෙන්ම පුලුවන් දෙයක්. නමුත් මේක Fiverr Terms and Condition වලට විරුද්ධ දෙයක් කියලා මතක තියාගන්න. ඒ නිසා මේ වැඩේ ඔනෑවට වඩා කරගන්න යන්න එපා හැබැයි ඔයාව Ban වෙන්න පුලුවන්. ඔයාගෙ යාලුවට කියන්න ඕඩරේ හරියට කලාට පස්සෙ හොද Review එකක් දෙන්න කියලා. මොකද මේ Review මත තමා ඔයා Search List එකේ උඩට එන්නෙත් ඉස්සරහට ඕඩර් ලැබෙනවද කියලාත් තීරණය වෙන්නෙ. පළමු ඕඩර් එකෙන් පස්සෙත් වෙන අයගෙන් ඕඩර් එන් නැතිනම් ටික කාලයක් ඉදලා තව ඕඩර් එකක් වෙන යාලුවෙක්ගෙන් ඉල්ලගෙන ඒකෙනුත් හොදම 5 star rating එක්ක Review එකක් ඉල්ල ගන්න. හැබැයි පුතාලා මේ වැඩේ ඕනෑවට වඩා එපා. කීවනෙ මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ආයෙ අයෙ නොකර ඉන්න එක ඇගට ගුණයි. මේ වැඩේ හරියන් නැතිනම් ඔයා ඊලගට කරන්න ඕනෙ වැඩේ තමා හැමදාම Buyer request දාන එක. ඒක තමා දිනපතා කරන්න ඕනෙ වැදගත්ම වැඩේ ඔයාලා. මම මේ Fake Order වැඩේ මුලින්ම කීවත් මීට කලින් ඔයා හොද Research එකක් එක්ක කරන්න ඕනේ වෙනත් වැඩ ටිකක් තියෙනවා. මේක කරන්න ඕනේ හැබැයි ඒ ටික හරියටම ඉවර කරලා. එහෙනම් ඊලගට කියන්න යන්නේ ඒ වැඩ ටික ඔන්න. මතක ඇතිව මරිසි ගේම් ගහන අයනම් ඔන්න Fiverr terms and condition කියවලා බලන්න හොදේ. මේ වැරදි වැඩනම් මම අනුමත කරන් නෑ. ඒත් ඉතින් ගොඩයන්නත් ඕනෙනෙ අපේ අය…….

2) On Page SEO for your Gig
ම්ම්ම්….මේකනම් ෆයිවර් කරන 95% දෙනා නොදන්න සහ නොකරන දෙයක්. ඔයාලා දැන් බලනවා ඇති මොකක්ද මේ SEO කියන්නේ කියලා.

ඉතින් මෙන්න මේ වෙබ් අඩවියකට අදාලව කරන SEO මූලික සිද්ධාන්ත තමා අපි අපේ Fiver GIG එක SEO කරන්න යද්දිත් යොදා ගන්නේ.

ආ….තව වැදගත්ම ලිපියක් ගැන ඔයාලට කියන්න අමතක වුනා. ඒ Keyword Research එකක් කරන ආකාරය ගැන ලියූ ලිපිය. ඒකත් ඔයාලා මෙතනදී අනිවාර්‍යයෙන්ම කියවන්න ඕනෙ ලිපියක්. මොකද ඉස්සරහට අපි යොදාගන්න Search Terms එහෙමත් නැතිනම් Keyword වලට තමා ඔයාගෙ ෆයිවර් ගිග් එක seo කරන්නේ. ඒ නිසා මේ ගැන නොතේරෙන අය ඉන්නවනම් ඒ ලිපියත් අනිවා කියවන්න.

මෙතනදි අපි keywords එහෙමත් search terms විදියට සලකන්නේ buyer කෙනෙක්ට ඔයාගේ ගිග් එක පෙන්නුම් කිරීමට සදහා ඔහු Fiverr වල search කරන වචනයි. සරලවම කීවොත් මොනවගේ දේවල් search කරන අයටද ඔයාගෙ ගිග් එක පෙන්නුම් කරන්න ඕනෙ කියන එකයි. මේ ගැන සලකා බලලා ඔයාට පුලුවන් මේ වගේ Keyword List එකක්ම හදාගන්න.

මේ ගැන තවත් පැහැදිලි කරොත් ඔයාලා දැකලා ඇති Logo Design කියලා අපි fiverr එකේ search කරන්න යද්දි ඒ ගමන්ම තවත් search terms සෙට් එකක්ම පහලින් auto suggest වෙනවා. ඒ තමා Logo design වලටම සම්බන්ධව වෙනත් අය බහුලවම සොයන වචන. ඔයා Logo Design කරන කෙනෙක් නම් මේ සියලුම වචන තමා ඔයාගෙ ගිග් එක පෙන්නුම් කිරීමට අදාල ඒවා විදියට ඔයා ඔයාගෙ keyword list එකට ඇතුලත් කරගන්න ඕනෙ ඒවා. මේ වගේ වචන List එකක් මුලින් අපි හදාගෙන ඒවගෙන් හොදම හා ලේසියෙන්ම මුල් තැනට ගෙන එන්න පුලුවන් ඒවා තෝරාගෙන ඒවට අදාලව තමා අපි ගිග් එක seo කරන්නෙ.

ඔයා දැන් මුලින් හදාගත්ත Keyword List එකට අදාලව වෙන වෙනම Analyse එකක් කරල බලන්න ඕනෙ. එතනදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි මොනවගේ sellers ලද අදාල search term වලට මුල්ම පිටුවේ ඉන්නෙ කියලා. ඒ ගිග් වල එයාලා මොනවද දාලා තියෙන්නෙත් බලන්න. ඒවා ඔයාගෙ ගිග් එක හදද්දිත් වැදගත් වේවි. ඒ වගේම මේ ඔයාගෙ ෆීල්ඩ් එකේම අයගෙ ගිග් වල යටටම ගිහින් බැලුවොත් ඔයාට හදුනාගන්න පුලුවන් වෙයි මෙයාලා මොනවගේ Tags ද යොදාගෙන තියෙන්නේ කියලත්. මේකෙන්ම ඔයාගෙ Keyword List එකට අනිවා තව තවත් අදහස් ලැබේවි.

Search කරන keywords වලට අදාලව මුල් තැන් අරන් ඉන්නෙ Top Rated sellers එහෙමත් නැතිනම් Level two sellers ලා නම් ඔයාගෙ තරගෙ අමාරු වෙනවා. මෙතනදි තර්ගකාරීත්වය අඩුම Keywords 5ක් අපි මුලින් තෝරාගන්න ඕනෙ. ඒ 5 නුත් අපි හොදම තර්ගකාරිත්වයට ගේන්න පුලුවන් Keyword එකට අදාලව තමා අපේ ගිග් එකේ හැම දෙයක්ම කරන්නේ.

මම මෙතනදි එක් ප්‍රධාන Tag එකක් අරන් ඒ සදහා ඔයාගෙ ගිග් එක සකස් කරන ආකාරය ගැන කියල දෙන්නම්. මගේ ප්‍රධාන ටැග් එක තමයි: ‘Social Media Cover Design’

Add Keyword into title
දැන් උඩින් කීව ටැග් එක එහෙමත් නැතිනම් කීවර්ඩ් එකට අදාලව ඔයාගෙ ගිග් Title එක මෙන්න මේ විදියට තමා සැකසෙන්න ඕනෙ; ‘I will do Social Media Cover Design for You for 10$’
ඔයාට පේනව ඇති Title එකේ අදාල වචනය අන්තර්ගත කරලා තියෙන විදිය. මේ ව්දියටම ඕනෙ නෑ. අනිවාරයෙයෙන්ම වෙන්න ඕනෙ දේ තමා ඔයාගෙ වැඩේට අදාල ප්‍රධාන වචනය අදාල ටයිට්ල් එක තුළ අන්තර්ගත කිරීම. හැබැයි මතක තියාගන්න ඔයාගෙ Title එක ඉතාම ආකර්ෂණීය එකක් කර ගැනීම ඉතා වැදගත් කියලා. මේක මත තමා තීරණය වෙන්නෙ Client කෙනෙක් ඔයාගෙ Gig වෙත යනවද නැතිද කියලා,

Add Keyword to Description
ඔයාට ෆයිවර් එකේ ගොඩක් ලොකු සාර්ථකත්වයක් ලබන්න නම් හොද description එකක් සකසා ගැනීම ඉතා වැදගත්. එතනදි ඔයාගෙ වැඩේ ගැන සම්පූර්ණ කෙටි සංක්ෂිප්තයක් ඉදිරිපත් කරන්න වෙනවා. මේක ආකර්ෂණීය වීම මත තමා ඔයාගෙ Client කෙනෙක්ට ඔයාව Hire කරන්න හෝ නොකරන්න සිතෙන්නේ. හොද description එකක් එක්කම ඔයා කරන්න ඕනෙ දෙයක් තමා ඔයාගෙ ප්‍රධාන Keyword එක හා අනෙක් Keyword මේක අස්සට බස්සන එක. මේක ඉතාම සූක්ෂමව කරන්න ඕනෙ description එකේ quality එකට හානියක් නොවෙන විදියට. අපි අර කලින් ගත්ත Social Media Cover Design කියන වචනය මේක අස්සට බස්සනව නම් කරන්න ඕනෙ Description එකේ මුල්ම වාක්‍ය කීපයේ, නැවත මැද හරියේ හා අවසාන හරියේ මේ වචනය අන්තර්ගත කරන එක. වැඩිය දාන්න ගියොත් හැමදේම අවුල් වෙන්න පුලුවන්. ඒ නිසා මේ වැඩේ කල්පනාකාරිව කරන්න ඕනෙ. හැබැයි කිසිමවෙලාවක තුන් වතාවකට වඩා ඇතුල් කරන්න යන්න එපා. ඒක හානිදායකයි කියලාත් මතක තියාගන්න.

Add right Keywords to Tags
ඔන්න මම කලින් කීව නේද Keyword List එකක් හදාගෙන ඒවගෙන් හොදම 5ක් තෝරාගන්න කියලා, මෙන්න මෙතන්දි ගිග් එකේ පහලම Tags වලදී ඔයාලට ඒ වචන 5 අන්තර්ගත කරන්න පුලුවන්. අන්න ඒකයි මම ඒ ගැන හොදට හොයලා බලන්න කීවේ. Tags 5 කට වඩා ඇතුලත් කරන්න බැරි බවත් මතක තියාගන්න. Tags වලින් තමා ඔයාව client ලට නිරාවරණය වීම වෙන්නෙ.

Keyword also appear in the url
ඔයාගෙ ගිග් එකේ url එක සැකසීම තීරණය වෙන්නෙ ඔයාගෙ Title එකට අදාලවයි. ඔයා ඔයාගෙ Title එක නිවැරදිව ඇතුලත් කලොත් මෙන්න මේ url එක සැකසෙන්නෙ ඒ සදහා යොදාගත්තු වචන අනුසාරයෙන්. දැන් අපි social media cover design කියන එක මේ ටයිට්ල් එකට දාපු නිසා ගිග් url එකේ ඒ වචනයත් අනිවා අන්තරගත වීම automatically ම සිද්ධ වෙනවා. මේකත් ඔයාගෙ ගිග් එක අදාල keyword එකෙන් ඉහලින්ම පෙන්නුම් කරන්න ලොකු බලපෑමක් කරන දෙයක්.

Image Optimization with Keywords
ඔයාලට පුලුවන් ගිග් වලට අදාලව Images එකතු කරන විට ඒවයේ නම් වලට අපි ඉහතදි තෝරගත්තු Keywords ඇතුලත් කරන්න. මේක හැබැයි කරන්න ඕනෙ Computer එකෙන් අදාල pictures සකසා ගන්න කොටමයි. හැබැයි Image Names ගොඩක් දිගට ඇතුලත් කරන්න යන්න එපා. වචන 3-4 ක් උපරිම ඇති. මේකත් gig seo වලදි වැදගත් වෙන සුපිරිම tip එකක්.

3) Make Trustworthy clients
උඩින් මම කියපු වැඩ ටික හරියට වුනානම් දැන් ඔයාට 70% විතර චාන්ස් එකක් තියෙනවා ඕඩර් එකක් ලැබීමට. ඒකට හේතුව තමයි, Fake order හරියට කරලා තියෙන නිසා 5 star ratings වගේම හොද postive review ඔයාට තිබීමත් Gig එකට අදාල title, description, tags වගේ දේවල් හරියටම තිබීම. මේ කිසිවක් නොකර buyer request දිනපතා බලලා හරියටම දානවනම් ඔඩර් 2-3ක් වත් අනිවා සෙට් කරගන්න පුලුවන්. ඕඩර් සෙට් වුනාට වැඩක් නෑ ඔයා ඒවා හරියට කලේ නැතිවුනොත්. හදිසියේ වත් ඔයාගෙ වැඩේ ගැන client සතුටු නොවී negative feedback එකක් එහෙම දුන්නොත් ඔයාට ආයෙ ලේසියෙන් නම් Fiverr first page එකට තියා ඕඩර් එකක් වත් නම් ආයෙ ගන්න ලැබෙන්නෙ නෑ. මේ නිසා ලැබෙන වැඩේ client එක්ක හොදට කතා කරලා ගානට වෙලාවට හොදට කරන්න ඕනෙ. එයාට ඔයාගෙ වැඩේ ගැන satis වෙලා 5 star rating එක්ක හොද review එකක් ආවා කියන්නේ ඔයාගෙ වැඩේ හරි. මේක එයා ඔයාට තවත් ඕඩර් දෙන්න බලපානවා වගේම Fiverr search rank එක උඩට යන්නත් ලොකුවටම බලපානවා. මේ වගේ නැවත නැවත ඕඩර් ඔයාටම දෙන විශ්වාසවන්ත client ලා සිටීම ඔයාගෙ ගිග් එක අර කීව Keyword වල උඩට එන්න අනිවා බලපානවා. ඒ නිසා ආයෙත් කියන්නේ ලැබෙන වැඩේ උපරිම හොදට කරන්න.

4) Increase your conversion rate
සාමාන්‍යයෙන් buyer කෙනෙක් එහෙමත් නැතිනම් client කෙනක් ඕඩර් එකක් දෙන්න කලින් එයා seller ලා කීප දෙනක් එක්කම කතා කරනවා. එහෙම කතා කරලා වැඩේ ගැන උපරිම සාධාරණයක් කරයි කියලා හිතෙන seller කෙනෙක්ට තමා එයා ඕඩර් එකක් දෙන්නේ. මෙතනදි seller කෙනෙක්ගේ conversion rate එක කියන්නේ එයා එක්ක කොපමණ buyer ලා ප්‍රමාණයක් Message කලාද එයින් කී දෙනෙක් ඕඩර් එයාට දුන්නද කියන එක. අපි හිතමු ඔයාට buyer ලා 10 දෙනක් message කරලා ඒකෙන් එකම එක්කෙනෙක් ඕඩර් එකක් දුන්න කියලා, එහෙනම් ඔයාගෙ conversion rate = 10%. මෙන්න මේ conversion rate එක වැඩිවෙන්න වැඩිවෙන්න තමා ඔයාගෙ ගිග් අර කීව keyword වලින් උඩට එන්නෙ. ඒ නිසා ඔයාට message කරන buyer ලත් එක්ක සන්නිවේදනය උපරිමෙන් කරන්න වෙනවා වගේම ඕඩර් එක දෙන විදියටම කතා කරගන්න වෙනවා.

5) Stay online 24/7
සාමාන්‍යයෙන් client කෙනෙක් එයාගෙ වැඩේ පුලුවන් ඉක්මනටම කරගන්න තමා බලන්නෙ. එතනදි ගොඩක් buyers ලා Fiverr search කරන ගමන්ම අදාල වැඩේට අදාලව Active sellers ලා කවුද ඉන්නෙ කියලත් බොහෝවිට සොයා බලනවා. මේ නිසා ගොඩක් Active එහෙමත් නැතිනම් Online ඉන්න seller කෙනෙක්ට පොඩි වාසියක් අත්වෙනවා. ඒ වගේම බයර් කෙනෙක් හරිම කැමතියි seller කෙනෙක් වැඩේට අදාලව ඉක්මනින්ම reply කරනවනම්. පෞද්ගලිකව මමත් Fiverr buyer කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා මම මේ ගැන හොදට දන්නවා. මගේ එක වැඩක් බොහොම ඉක්මනින්ම මම කරගත්තා Active seller කෙනෙක් නිසා.

ඒ නිසා ඔයාලත් පුලුවන් තරම් Fiverr Active වෙලා ඉන්න. ඔයාට පුලුවන් Fiverr mobile app එක ඔයාගෙ ස්මාර්ට් දුරකථනයේ Install කරගන්න. ඔයා ලැප් එකකින් හරි කොම්පියුටර් එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් වෙබ් බ්‍රවුසරේ එක ටැබ් එකක හැමවෙලේම Fiverr.com වලට ලොග් වෙලාම තියන්න. මේ විදියට Online ඉන්න එකත් Fiverr search rank එකට බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. මේ විදියටම Fiverr Blog එකයි Fiverr forum එකත් නිතරම කියවන්න. ඒකෙනුත් ගොඩක් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයාලට.

6) Become a higher level seller
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා Level one seller, Level two seller වගේ තත්වෙකට ආවම අනෙක් අලුත් සෙලර් කෙනෙක්ට වඩා එයාලට ඕඩර් එනවනෙ කියන කතාව ඒකට ප්‍රධනතම හේතුව එයාලා Fiver search result එකේ උඩම එහෙමත් නැතිනම් පළමු පිටුවේ සිටීම. මේ හේතුව තමා එයාලට ඕඩර් එන්න ලොකුවටම බලපාන්නේ. ඔයාලත් එන ඕඩර් හරියට කරගෙන හොද රිවීව් ටිකකුත් එක්ක Level 1, 2 ආවොත් එතනින් එහාට ගමන අතිශය කාර්‍යබහුලයි. ඕඩර් එන්න ගන්නවා කරගන්න බැරි තරමට. ඒ වගේම මෙහෙම level up වීම අර කීව Keyword වලට ඔයාගෙ රෑන්ක් උඩටම අරන් එන්න සමත් වෙනවා. ඔයා කලින් අපි කීව gig seo part එක හරියටම කලොත් අදාල search result එකේ 1,2,3 යන ස්ථානවල ඉන්නවා නියතයි. මෙහෙම level up වෙන්න ඉතින් ටිකක් කට්ට කන්නම වෙනවා. කාලයක් යනකන් ඉවසන් ඉන්නත් ඕනෙ. ඒ නිසා වැඩේ බාගෙට කරලා නවත්වන්න එපා. ඒ ගමන්ම මට හොයාගන්න පුලුවන් වුනු තවත් කාරණයක් තමයි මෙහෙම Level up වුණු ගමන්ම එක පාර ඕඩර් වල අඩුවක් වෙනවා කියන එක. ඒකේ ඇත්ත තේරුම නම් මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියලා තමා හොයාගන්න පුලුවන් වුනේ. සාමාන්‍යයෙන් level one seller කෙනෙක් වෙන්න ඔයා අවම ඩොලර් 400ක් උපයන්න ඕනෙ. ඒ වගේම level two seller කෙනෙක් වෙන්න ඩොලර් 2000ක මුදලක් උපයන්නත් වෙනවා.

7) Promote Your Gigs in Social media
මේ ගැනනම් මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද මේ ගැන මම මුලින්ම Fiverr ගැන ලියපු ලිපියේ හොදටම සදහන් කලා. කෙටියෙන් කීවොත් ඔයාට පුලුවන් ඔයාගෙ ගිග්ස් Facebook, twitter, linkedin, instagram හා pinterest වල promote කරගන්න. මෙතනදි ඔයාගෙ Link එක හල හල යන්න එපා. මොකද ඒකෙන් ඔයා බ්ලොක් වෙන්න පුලුවන්. ඔයා මෙතන්දි බලන්න ඕනෙ ඔයාගෙ buyers ලා වෙන්න පුලුවන් අය මොන social media වල මොනවගේ තැන්වලද ඉන්නෙ කියලා. මේ ගැන තවත් පැහැදිලි කරලා කීවොත්, අපි හිතමු ඔයා seo services sell කරන කෙනෙක් කියලා. එතකොට ඔයාගෙ service එක ඕනෙ වෙන්නෙ වෙබ් අඩවි හිමිකරුවන්ට හා වෙබ් ඩිසයින් ගැන උනන්දු අයට. ඉතින් ඔයාට පුලුවන් Web design and development වලට උනන්දු අය ඉන්න Facebook Groups වලට සම්බන්ධ වෙලා ඒවයේ ඉන්න අය එක්ක engage වෙලා හෙමින් සැරේ ඔයාගෙ Gig එක ගැන විස්තරයක් දාන්න. මෙතනින් ඔයාට පුලුවන් වෙයි හරියටම Targeted customers ලා පිරිසක් ඔයාගෙ ගිග් එකට ගෙන්න ගන්නත්. මේ අයගෙන් හදිසියේ හරි එකෙනෙක් හරි ඔයාව ඕඩර් කලොත් ඉතින් ආයේ කතා ඕනෙ නෑනෙ. ඔයා ගොඩ……. Facebook විතරක්ම නෙමේ අනෙක් සමාජ ජාල වෙබ් අඩ්විත් එක එක niche වලට වෙන වෙනම ගැලපෙනවා.

හැමවෙලේම ඔයා buyer කෙනෙක් හිතන විදියට හිතලා බලන්න. ඊට පස්සෙ ඒ ගැලපෙන buyer ලා හොයාගන්න තමා ඔයා මේ සමාජ ජාල භාවිතා කරන්න ඕනෙ. නිකන් ඔයාගෙ brand එකට facebook page, facebook group, linkedin profile, twitter account, instagram profile එකක් හදාගෙන හිටපු පලියටනම් වැඩක් නැහැ. මම වැඩිපුර මේ social media marketing ගැනනම් කතා කරන්න යන්නේ නැහැ. එහෙමවුනොත් මට මාතෘකාවෙන් පිට පනින්න වෙන නිසා. ඉස්සරහට social media marketing, branding ගැන ගොඩක් විස්තර එක්ක ලිපි සෙට් එකක්ම ඉස්සරහට අරගෙන එන්නම්කො. දැන් මාතෘකාවෙ හැටියට බලමු ඔයාගෙ Fiverr gig ranking එකට කොහොමද මේ social media වල promote කරන එක බලපාන්නේ කියලා,

ඔයා gig එක වෙන social media වල share කරගන්න කොට automatically fiverr එකට ඒවායෙන් සෙනග ගලා එනවා. එතකොට වෙන්නේ එයාලගෙ වෙබ් අඩවියට තවත් ම්නිස්සු ගලාගෙන ඒම හරහා එයාලගෙ business එක නොමිලේම promote වෙන එක. එතකොට එයාලගෙ වෙබ් අඩවියේ alexa rank එක ගොඩක් අඩු වෙනවා. ඒක එයාලට ලොකු වාසියක්. තව කීවොත් මේ social media හරහ අලුත් කෙනෙක් ඇවිල්ල ඉන්න ඕනෙම seller කෙනෙක්ට ගානක් ගෙවලා service එකක් ගත්තා කියලා. මේ හැම ඕඩරේකින්ම 20% එයාලගෙ account වලට යන නිසා සමාගමේ ආදායමත් එන්න එන්න වැඩි වෙනවා. මේ නිසයි ෆයිවර් එක කැමති ඔයාල Gig promote කරන්න සමාජ ජාල යොදාගන්නවට. මේ විදියට කරන අයගෙ rankings අපි අර කතා කරපු keywords වල උඩට එන්න බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. ඒ නිසා ඔයාලා ගිග් එක නිවැරදිව හදලා ඉවර වුනාම ඒවා මම අර කීව විදියට හිතලා සමාජ ජාලවලට බෙදගෙන ගේමක් සෙට් කරගන්න.

වෙනත් වැදගත් කරුණු

• ඔබට ෆයිවර් වල සෑදීමට පුලුවන් ගිග් හතම එකම category එකක් තුළ සෑදීම කරන්න. මෙහෙම කලාම ඔබ ඒ category එක තුළම ගොඩක්ම නිරාවරණය වීම සිදුවෙනවා විතරක් නෙමේ ගිග් වලින් එකකට හරි ඕඩර් එන්න චාන්ස් එකක් නිර්මාණය වෙනවා. එක ලග යන ගිග් සෙට් එකක්ම හදාගන්න එක අපේ ප්‍රධාන මාතෘකාවෙ කතා කරපු search terms වල ඉහලට එනවා කියලත් මට හොයාගන්න පුලුවන් වුනා. මේ ගැන මම කලින් ෆයිවර් ගැන දාපු ලිපිවලත් පුන පුනාම කතා කරා. ගිග් ඔක්කොම සෑදීම ඕඩර් එන්න තියෙන අවස්ථාව මීට වඩා හොදට එතනදි කතා කරලා ඇති. ඒ ලිපිය මේ බ්ලොග් එකෙන් පීරලා හොයාගන්න අවශ්‍ය අය ඉන්නවනම්.

• අනෙක් වැදගත්ම දේ තමා gig title, gig images වගේ ඒවා ආයෙ වෙනස් කරන්න එපා කියන එක. මොකද ඒක අපේ gig ranking වලට කෙලවෙන දෙයක්. මොකද ඔයා title වෙනස් කලත් gig url එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා url තියෙන්නෙ මුලින්ම දීපු ටයිටල් එකට නිසා ඒක ඔයාගෙ රෑන්කින් වලට අශුභවාදීව තමා බලපාන්නේ. Image වලටත් මේක negative විදියට තමා බලපාන්නෙ. ඒ නිසා මුලින් දීපු title, image වෙනස් කරන්න එපා. Tags, description නම් ඔයාට පස්සෙ වෙනස් කරගන්න පුලුවන්. ඔයා තෝරගත්තු tags වලට අදාලව ranking වල වෙනසක් පේන්න නැතිනම් වෙන tags ටිකක් දාලා ඒවාට අදාලව description එක වෙනස් කරගන්න. මමනම් කියන්නේ මෙහෙම ආයෙ ආයෙ වෙනස් කරනවට වඩා gig එක delete කරලා අලුතින් title, description, tags එක්ක අලුත් ගිග් එකක් හදන එක හොදයි කියලා.

Fiverr සම්බන්ධ මගේ අත්දැකිම්
ඔයාලා වගේම මමත් seller කෙනෙක් විදියට fiverr පටන් ගත්තෙ 2014 මැද කාලෙ. මටත් ඉතින් හැමෝටම වගේ ඕඩර් ආවෙ නැහැ. කොහොමහරි ඉතින් ඕඩර් අවෙම නෑ අවුරුද්දක් විතර. හැබැයි මම මේක ඇතුලේ අලුත් අලුත් ගිග් හදහදා එක එක වෙනස්කම් කර කර හිටියා විතරයි එක වැඩක්වත් සාර්ථක වුනේ නැහැ. ඊට පස්සෙ 2015 අවුරුද්දේ අන්තිම කාලෙ මම කලින් account එක delete කරලා අලුතින්ම seo services වලට ගිග් 2ක් එක්ක අලුත් account එකක් හැදුවා. මෙතන්දි මම කලින් ඒවයේ නොකරපු buyer request වලට අතගැහීම කලා. හැමදාම buyer request 4-5 හොද විස්තරයක් එක්ක දැම්ම. මෙතනදි තමා මම ගොඩ ගියේ. මට මාසෙයකට විතර පස්සෙ පලවෙනි ඕඩරේ ආවා croatia කියන රටේ කෙනෙක් ගෙන්. හැබැයි මෙයා මට ඕඩරේ දුන්නේ මම ගිග් එකේ සදහන් කලාට වඩා දෙතුන් ගුණයක වැඩක් කරනවා කියලා පොරොන්දු වුනාට පස්සෙ. ඉතින් මම හෙනම කට්ටක් කාලා වැඩේ හොදට කලා වගේම 5 star rating එක්ක සුපිරිම review එකක් ලැබුණා. මේකට පස්සෙ මම ඕඩර් එයි කියලා බලාගෙන හිටියත් ඒක එහෙම වුනේ නැහැ. හැබැයි මම buyer request දාන එක නතර කලේම නැහැ. මෙහෙම මාස 2කට විතර පස්සෙ මට bangladesh කෙනෙක්ගෙ වැඩක් සෙට් වුනා. එයාත් මට වැඩේ දුන්නේ අඩු ගානට ලොකු වැඩක් කරන්න පොරොන්දු වුන නිසා. මේ වැඩෙන් පස්සෙ එයාගෙ ඕඩර් 3ක් විතරම මම කලා. මෙයා මගේ හොද customer කෙනෙක් වුනා වගේම මට හොද feedback එහෙමත් දුන්න. මෙතනින් පස්සෙ මට ඕඩර් එන්න ගත්තා. කොහොමහරි සතියකට සැරයක් වගේ ඕඩර් එකක් ආවා. මෙහෙම ඕඩර් කීපයක් කරන කොට මට පිට පිට ඕඩර් 3ක් ම ආවා.කරුමෙට ඒ ආවේ මම හරිම කාර්‍යබහුල සතියක. මේ නිසා මම වැඩටික උඩින් පල්ලින් කරලා යැව්වා. ඒකෙන් දෙකක් අවුලක් වුනේ නෑ. හැබැයි එක customer කෙනෙක් මගේ වැඩේ හරියට නෑ කියලා තුන් පාරක්ම බාර ගත්තේ නෑ. ඔහු කීව මට සල්ලි ආපහු දෙන්න නැතිනම් මම negative review එකක් දෙනවා කියලා. මටත් වැඩේ කෙලවෙන්වා කියලා තේරුණු නිසා සල්ලි ටික return කරලා ඕඩර් එක cancel කලා. මුලින් මට මේක දැනුනේ නැතිවුනාට ඒකෙන් මට ලොකු හානියක් වෙලා තිබුණා. ආයෙ මට ඕඩර් නොඑන්නම ඒක හානියක් වෙලා තිබුණා ඒ කාලේ. පස්සෙ ආයෙම buyer request වලින් මම ඕඩර් එකක් ගත්තා හැබැයි ඒ වැඩේත් මගේ මොකක්ද කරුමෙකට මට cancel කරන්න වුනා. ඊට පස්සෙ මට ඕඩර් ආවෙම නැහැ. මගේ විශ්වවිද්‍යාල වැඩ එක්ක හිරවුනු නිසා මට ෆයිවර් වලින් අයින් වෙන්න වගේම ආයෙ ෆයිවර් නොකරන්නත් අර සිදුවීම් හේතුවකුත් වුනා. කොහොමහරි මම ඩොලර් 40 ක මුදලක් ඒ වෙනකොට උපයාගෙනත් තිබුණා. මෙතන්දි මට ඔයාලට කියන්න ඕනෙ උනේ මගේ අත්දැකීම් එක්කම කිසිම වෙලාවක ලොකු වැඩ බාරගන්න එපා අඩු ගානට කියලා. මුල්ම ඕඩර් කීපය එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මේක දිගටම කරන්න ගියොත් මන් වගේම ඔයාලත් හිරවෙලා ඕඩර් cancel කරගෙන අමාරුවේ වැටෙන්න පුලුවන්. ඕඩර් එන්න ගත්දි ඔයාගෙ rate එකට අඩුවෙන් කිසිම දෙයක් කරන්න එපා කියලයි මම ඔයාලට කියන්නේ…

මෙතනින් පස්සෙ මම fiverr seller කෙනෙක් විදියට මගේ වැඩ අවසන් කලා. මම web design development, seo වැඩ කලා වගේම මේ ඔයාලා කියවන බ්ලොග් එක වගේම තවත් බ්ලොග් කීපයක්ම ආරම්භ කරන්න වුනු නිසා ආයෙ fiverr කරන්න යොමු වුනේ නැහැ. ඒ වගේම ඒක ආයෙ නැවත කරන්න මට වෙලාවක් තිබුනේම නැහැ. හැබැයි ඔයාලා වෙනුවෙන් fiverr එකේ අලුත් tips and tricks මම දිගටම හොයනවා. හොයලා බලලා ආයෙ ආයෙත් ගෙනෙන්නම්. නමුත් මම තාමත් buyer කෙනෙක් විදියට තාම ඒකෙ ඉන්නවා. ඒ සම්බන්ධ අත්දැකීම්ත් ඔයාලට ගෙන එන්නම් හැබැයි එහෙම වුනොත් මේ ලිපිය තවත් ගොඩක් දික් වේවි. මේක මොනව වුනත් වටින අය එකෙනෙක් හරි ඉදීවි කියලා හිතන හින්දම මම මේ ලිපිය තුලින්ම ඒ ගැන අරන් එන්නම්කො එහෙනම් ……….

මම 2016 න් පස්සෙ buyer කෙනෙක් විදියට වැඩ කලා වගේම කීප දෙනෙක් විදේශිකයන්ට ඕඩර් දීලා තියෙනවා. මම පලවෙනියටම බයර් කෙනෙක් විදියට ඕඩර් එකක් දුන්නේ මගේ website එකකට do follow backlinks කීපයක් නිර්මාණය කරගන්න. මම එතනදි ඩොලර් 5ක ගෙවීමක් කලා හන්ගේරියානු ජාතිකයෙක්ට. හැබැයි ඕඩර් එක දෙන්න කලින් කීප දෙනෙක් සෙලර් ලා එක්ක මැසේජ් කලා. නමුත් මගේ වැඩේ හරියටම කරලා දෙන්න පුලුවන් කියලා හිතපු කෙනාට තමයි මම වැඩේ දුන්නේ. එයා තමයි මම එක්ක හොදටම සන්නිවේදනය කරපු කෙනා. අනෙක් අය මම එක්ක වැඩිය හොදට කතා කලේ නෑ. හැබැයි මම බැලුවෙත් එතන්දි ලොකු වැඩක් පුලුවන් අඩුම ගානට කරගන්න. සමහරක් level 2 seller ලා වැඩේට ඒ නිසා අකමැති වුනා. නමුත් මම ඕඩරේ දුන්න කෙනා ඒ ගානට කරලා දෙන්න කැමති වුනා.

මට මෙතනදි ඔයාලට කියලා දෙන්න ඕනෙ වුනේ fiverr buyer කෙනෙක් හිතන විදිය හා එයාට ඕඩර් එකක් දෙන විදිය. මම වගේම අනෙක් බයර් ලා ත් හැමවෙලේම බලන්නේ එයාලගෙ වැඩේ අඩුම ගානට හා උපරිම කොලිටියට කරලා දෙන්න පුලුවන් කෙනාට වැඩේ දෙන්න. හැබැයි මගේ පළවෙනි වැඩේ දුන්නු කෙනා level 1 seller කෙනෙක්. එයා අදාල වැඩේට මම fiverr search කරනකොට පළවෙනි පේලියේ පෙන්නපු කෙනෙක් වගේම එයාගෙ ගිග් එකේ කරන වැඩේ ගැන හොදට විස්තර කරලත් තිබ්බා. අනික ඕඩරේ දෙන්න තවත් හේතුවක් වුනේ එයාට හොද පොසිටිව් රිවීව් කීපයක්ම තිබීම. මේ හින්දම තමයි මිනිහට වැඩේ සෙට් කලේ මම.

මෙතනින් පස්සෙ මට මතක විදියට මම තව ඕඩර් දෙකක් කර ගත්තා. එකක් මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියකට facebook traffic එකක් ගෙන්නා ගන්න ඉන්දියන් කාරයෙක්ට ඩොලර් 5ක් වැය කලා. මිනිහා හැබැයි අලුතින්ම ෆයිවර් ආපු කෙනෙක්. මම එතනදි එයාට ඕඩරේ දුන්නේ මගේ ඩොලර් 5ට එයා ලොකු දෙයක් කරනාවා කියලා සහතික වුනු නිසා. කොහොමහරි මිනිහා වැඩේ එලටම කලා. ඒ නිසා මම 5 star rating with good review එයාට දුන්නා. මට සතුටුයි එයාට පලවෙනි ඕඩරේ දෙන්න පුලුවන් වුනු එකට. තවත් referral marketing වැඩකට මම මොකක්ද යුරෝපියන් රටක කෙනෙක්ට ඕඩරෙයක් දුන්නා මතකයි ඒ වැඩේනම් මට ඕනෙ විදියට වුනේ නෑ. මට පස්සේ පාඩුයි නේද කියලත් හිතුනා. කොහොමවුනත් මම මිනිහටත් හොද රිවීව් එකක් නම් දුන්නා.

ඉස්සරහටත් මම fiverr එකේ බයර් කෙනෙක් විදියට වැඩ කරනවා. මම කලින් සෙලර් ලා තෝරාගන්න කලින් හැම වෙලේම බැලුවා අපේ ශ්‍රී ලංකන් එක්කෙනෙක්ට වැඩ සෙට් කරන්න. නමුත් ඒ එක තැනකවත් අපේ ලංකාවේ ගිග් එකක් තිබුනේ නෑ. තිබුණු ඒවා මට සෙට් වෙන් නෑ කියලා හිතුන නිසා තමා වෙන රටවල අයට වැඩේ සෙට් කලේ. මෙතන්දි මම ලංකාවෙ බැංකු වලින් ෆයිවර් එකට ගෙවීම් කලේ නෑ. මගේ කලින් seller කෙනෙක් විදියට වැඩ කරලා ඉතුරු වුනු සල්ලි වලින් කොටසක් තමා මම නැවත ආයෝජනය කලේ. ආයෙ ආයෙත් මම ෆයිවර් බයර් කෙනෙක් විදියට වැඩ කරත් ලංකාවේ සල්ලි නම් සුද්දොන්ට වියදම් කරන් නෑ. මගේ වෙන වෙන බ්ලොග් වලින් ආදායම් විදියට paypal, skrill වැටෙන සල්ලි වලින්ම තමා ආයෙ අයෙ ආයෝජනය කරන්නෙ. ඒක මගේ මම හදා ගත්තු ප්‍රත්පත්තියක්. …..

හම්මෝ දැන්නම් ඇති වචන 4000 ටත් කිට්ටු වෙන්න ඇවිල්ලා. දවස් දෙකක් ටයිප් කලා. මම හිතන්නේ මේ ලිපියෙන් අලුතින් ෆයිවර් කරන අයටත් කලින් කරලා අනා ගත්ත අයටත් අලුතින් දෙයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ කියපු දේවල් දැන් ඔන්න අත්හදා බලන්න. පුලුවන් නම් ඔයාලගෙ ෆයිවර් අත්දැකීම් පහල comment section එකේ කොටාගෙන යන්න. ඒක අනෙක් අයටත් වැදගත් වේවි. එහෙනම් මේ දිග බ්ලොග් ලිපිය කියවපු ඔයාට ගොඩක් ස්තූතියි. ආයෙ ඔයාලා ඉල්ලන්වනම් විතරක් ෆයිවර් පෝස්ට් එකක් අරන් එන්නම්. නැතිනම් ආයෙ ලබන අවුරුද්දේ තමා ගේන්නෙ.

6 Comments Add yours

  1. Dilakshan miyuru says:

    Elama…thank you aie

    Like

    1. Crazyish says:

      Elama malli…thnks kitewwt

      Like

  2. yasiru lakmal says:

    niyami thnx a lot. Godak deewal igenagatta

    Like

    1. Crazyish says:

      Thnks kiyewwata

      Like

  3. kushal80 says:

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්… ජය ශ්‍රී!

    Like

  4. evindushavinda5388 says:

    Hi, your article is very nice. Can you send me the links of your other sites ?

    Like

Leave a comment