SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

SEO කියන වචනය ලංකාවෙ බ්ලොග් අඩවි පවතවාගෙන යන බොහෝ දෙනෙක් අසා ඇති කියලා මම හිතනවා. ලංකාවේ ගොඩක් මේ SEO ගැන ලියලා තියෙන බ්ලොග් අඩවි ඉතා කුඩා ප්‍රමාණයක් තමා තිබෙන්නෙ. ඉතින් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් SEO සම්බන්ධව හා ඔයාගෙ බ්ලොග් අඩවිය Search Engine Optimization කරගන්නා විදිය ගැන ලිපි කිහිපයක් ලියන්න ඔනෑ කියලා

ඉතින් ඔයාලා හැමෝම දන්නවා බ්ලොග් අඩවියකට Traffic කියන දේ කොතරම් වැදගත්ද කියලා. Traffic නැති බ්ලොග් අඩවි කරන්න එපාම වෙනවා. මොකද බ්ලොග් අඩවි කරන හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බ්ලොග් එකට පාඨකයන් ඒවි කියලා හිතලා, නමුත් බොහොමයක් බ්ලොග් අඩවි වලට හිතන තරම් Traffic එන්නෙ නැහැ. ඒ නිසා ලංකාවෙ වගේම විදේශිකයන්ද බ්ලොග් කරණයෙන් ඉවත් වෙනවා.

ඉතින් මේ ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ තමයි ඔයාගෙ බ්ලොග් අඩවියේ Traffic වැඩි කරන එක. Traffic වැඩි කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ Search Engine හෙවත් සෙවුම් යන්ත්‍රයක් හරහා යම්කිසි වචනයක් එහෙමත් නැතිනම් Keyword එකක් Search කරලා ඔයාගෙ බ්ලොග් එකට එන Traffic එක වැඩි කිරීම. මේ එන Traffic එක Organic Traffic එක කියලත් හදුන්වනවා.

SEO කියන වචනය හැදිල තියෙන්නෙ Search Engine Optimization කියන වචන කිහිපයේ මුල් අකුරු තුන එකතු වෙලා. ඔයාලා දන්නවා ඔයාලා මොකක් හරි Search Engine එකක එහෙමත් නැතිනම් Google එකේ මොකක් හරි වචනයක් Search කළොත් ඒ වචනයට අදාල තොරතුරු අඩංගු පිටු ලක්ෂ ගණනක් එනවා කියලා, ඉතින් ඔයාලා කවුරුහරි හිතුවද මෙච්චර පිටු ගණනක් අස්සේ Google එයාගෙ ප්‍රථිපල වලින් 1,2,3 ට මේ වෙබ් අඩවි ගැලපෙනවා කියලා තේරුවේ කොහොමද කියලා, අන්න ඒ යම්කිසි සොයන වචනයකට මුල් ස්ථානවලට ගෙන එන්න තමා මේකෙන් වෙන්නේ.

සරලවම කිව්වොත් ඔයා Mobile Phone ගැන බ්ලොග් අඩවියක් කරනවා, ඉතින් ඒ බ්ලොග් එකේ ඔයා Apple iphone 7 ගැන ලිපියක් ලියනවා, ඉතින් ඔයා Google එකේ Apple iphone 7 ගැන Search කළොත් එන List එකේ ඔයාගෙ බ්ලොග් එක අන්න අර මුල් ස්ථානවල හරි මුල් පිටුවේ හරි තියේවිද? නෑනෙ නේද? අන්න ඒ මුල් ස්ථානවලට අපේ බ්ලොග් අඩවියත් ගන්න තමා මේ SEO කරන්නේ

මේ සදහා සෙවුම් යන්ත්‍රයක් විසින් සලකා බලන සාධක ගණනාවක් තියෙනවා, ඒ පිළිවෙළට අපේ බ්ලොග් එකත් තිබුනොත් අනිවාර්‍යයෙන්ම අපේ බ්ලොග් එකත් අර Result List එකේ ඉහළ ස්ථානයකට නිකන්ම එනවා.

ඉතින් ඔයාලට තේරෙනවා ඇති අර මම කියපු Apple iPhone 7 කියන වචනය අද ලක්ෂයක් දෙනා Google එකේ සෙව්වොත් අර කියන මුල් ස්ථානවල අපේ බ්ලොග් එකත් තිබුනොත් අපේ බ්ලොග් එකට කොච්චර ප්‍රමානයක් දෙනා නිකන්ම යාවිද කියලා, ඉතින් අන්න ඒ නිසා තමා ගොඩක් අය මේ SEO වලට මෙච්චර සැලකිලිමත් වෙන්නේ කියලා,

ඉතින් බ්ලොග් එකට සෙවුම් යන්ත්‍ර වලින් කට්ටිය එනවා කියන්නේ Google Adsense වගේ දේවලුත් අපිට නිකන්ම ලබා ගන්න පුලුවන් වෙනවා, ඒ වගේම අපේ සයිට් එකට කට්ටිය එනවා කියන්නේ මුදල් ඉපැයීමත් බොහොම පහසු දෙයක්

ඉතින් මේ SEO කියන දේ වෙනුවෙන් ලෝකයේ සමාගම් බොහොමයක් විශාල අවධානයක් යොමු කරනවා.ඒ දේ ඒ තරම්ම බ්ලොග් අඩවි කරන අයට ඉතාම වැදගත්.

ඉදිරියේදී SEO Friendly ආකාරයට ඔයාගෙ බ්ලොග් එක හදන ආකාරය හා ඔයාගෙ බ්ලොග් එකට ගැලපෙන Keywords සොයා ගන්නා ආකාරය හා ඒ keywords වලට ඔයාගෙ බ්ලොග් එක මුල් ස්ථානවලට ගන්න ආකාරය ගැන ලිපි මාලාවක්ම ගෙන එන්න අපි සූදානම්,

ඉතින් ඒ ලිපි අපි ලියන්නෙ ඔයාලා ඒ ගැන උනන්දුවක් දක්වනවානම් විතරයි. මේ ලිපියට අඩුම Comments 50 ක් වත් ලැබුනොත් මම SEO සම්බන්ධ ඉතුරු ලිපි ටිකත් අනිවාර්‍යයෙන්ම ලියනවා. එහෙම නැති වුනොත් ආයෙ නොලියා ඉන්නත් පුලුවන්, ඉතින් ඒ හැමදේම තීරනය කරන්නෙ ඔයාලා, ඔයාලා මේ ගැන මොනවද හීතන්නෙ කියලත් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා

Post Created By: Ishara Madushanka (SEO-Consultant in Sri Lanka:  Contact 076-6200392 for Search Engine Optimization Services)

10 Comments Add yours

  1. SEOhema says:

    hoda krgena ynna

    Liked by 1 person

  2. Priyantha says:

    ඇත්තටම සුපිරි වැඩක්. දිගටම ලියන්න. ඒක වැදගත්…

    Liked by 1 person

  3. yukthi hettiarachchi says:

    carry on brother………………….

    Liked by 1 person

  4. chanaka says:

    digatama danna lipi aiye.

    Like

    1. Crazyish says:

      Elama malli…

      Like

  5. Harsha says:

    Great work. Thank you very much. Please go forward. Congratulations

    Like

  6. Roshi says:

    දිගටම ලියන්න. ඒක වැදගත්…

    Like

Leave a comment