Shutterstock සමග Photo, Video, Artwork ආදිය Upload කරලා සල්ලි හොයමු

Shutterstock වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය ගැන කතා කරන්න කලින් මම කැමති මොකක්ද මේ වෙබ් අඩවිය හා එහි ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් ඔයාලා එක්ක කතා කරන්න.

ඇත්තටම යාලුවනේ මේ Shutterstock කියන්නේ අපිට ඕනෑම ආකාරයට අදාලව quality එකෙන් ඉතාම ඉහල Photo, Video ආදිය download කරගන්න වෙබ් අඩවියක්. මේක ඇත්තටම ආරම්භ කරලා තියෙන්නෙ 2003 අවුරුද්දේ ඇමරිකාවේ නිව්යෝර්ක් වලදි. මේ Shutterstock වෙබ් අඩවියට ගියොත් ඔයාලට දැකගන්න පුලුවන් මිලියන ගාණක Photo හා වීඩියෝ එකතුවක්. මේ වෙබ් අඩවිය කරන්නේ ඕනෑම වර්ගයක photo and video හොයන කෙනෙක්ට ඒවා විකිණීම. මේ වෙබ් අඩවියෙන් quality එකෙන් වැඩි ඡායාරූප මිලදී ගන්න ගොඩක් ආයතන හා පුදගලයින් නිරන්තරයෙන්ම පැමිණෙනවා.

අපිට අවසරයක් නැතිව වෙන කෙනෙක්ගේ ඡායාරූප හෝ වීඩියෝ අරන් ඒවා අපේ වැඩ වලට භාවිතා කරන්න ලෝකේ වගේම ලංකාවෙත් අවසරයක් නෑ. නමුත් මේ Shutterstock වගේ වෙබ් අඩවිවලදි අපට මිලදී ගන්න අදාල ඡායාරූප ආදිය අපේ ප්‍රවර්ධන හා වෙනත් වැඩ වලට යොදා ගන්න පුලුවන්. හැබැයි ඒක අදාල නිර්මාණයට අදාල License එක අනුව වෙනස් වෙනව කියලත් මතක තියාගන්න. ඉතින් මේ වගේ සල්ලි දීලා හොදම ෆොටෝ හා වීඩියෝ ගන්න පුලුවන් නිසා තමා ලෝකේ ගොඩක් අය මේ වෙබ් අඩවියට පැමිනෙන්නෙ ඒවා මිලදී ගන්න.

මේ විදියට Shutterstock එකෙන් කවුරු හරි කෙනෙක් සල්ලි දීලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මිලදි ගත්තම එකෙන් ගානක් Shutterstock වෙබ් අඩවියට හම්බෙනව. තවත් කොටසක් එම නිර්මාණයේ නිර්මාණකරුවා එහෙමත් නැතිනම් අයිතිකරුට හිමිවෙනවා.

සල්ලි දීලා ගන්න වගේම මෙම Shutterstock වෙබ් අඩවියට PHoto, Video, Artwork ආදිය එකතු කරන Contributor ලා හෙවත් නිර්මාණකරුවොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ විදියට එයාලා එකතු කරන නිර්මාණ වෙන අය ගත්තම ඒකෙන් අර මම මුලින් කීව වගේ මේ නිර්මාණකරුවන්ට යම් මුදලක් නිසැකවම Shutterstock විසින් ගෙවනු ලබනවා. මේ වගේ ඉතාමත් quality නිර්මාණ දිගින් දිගටම එකතු කරලා ඒකෙන් මසකට විශාල මුදලක් උපයන නිර්මාණකරුවන් රැසක් ලෝකේ වගේම ලංකාවෙත් ඉන්නවා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නෙත් මේ Shutterstock වෙබ් අඩවියට contributor කෙනක් විදියට දායක වෙලා ඒකෙන් මුදල් උපයන ආකාරය ගැනයි.

මේක ඇත්තටම Professional Photography, Mobile Photography කරන අයට වගේම Photoshop, Illustrator වල නිර්මාණ කරන යාලුවොන්ටත් කදිම අවස්ථාවක් කියලත් කියන්න පුලුවන්. ඔයා ගාව දැනටමත් මේ වගේ quality වැඩි Photo, Video, Artworks තියෙනවනම් අදම මේ Shutterstock වෙබ් අඩවියේ Contributor කෙනෙක් විදියට Register වෙලා ඒවා Upload කරන්න ඔයාට පුලුවන්. ඒ වගේම ඔයා ගාව දැනටමත් DSLR කැමරාවක් හෝ හොද කැමරාවක් සහිත smartphone එකක් තියෙනවනම් ඔයා ඉස්සරහට ගන්න හොද Photo හා වීඩියෝ මේකෙ දාලා අලෙවි කරන්නත් පුලුවන්. ඒ නිසා ඔයා කවර තරාතිරමක කෙනෙක් වුනත් මේක හැමෝටම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් වෙබ් අඩවියක් විදියට මට කෙලින්ම නිර්දේශ කරන්න පුලුවන්.

 එහෙනම් අදම වැඩ පටන් ගන්න කැමති යාලුවෝ පහලින් ගිහින් මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙමුකො……?

Register to Shutterstock as a Contributor

උඩ ලින්ක් එකෙන් යන ඔයා ඊලගට එන පිටුවේ තියෙන Get Started කියන එක Click කරන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාට First Name, Display Name, Email, Password දෙන්න තියෙන්වා. මේකෙදි ඔයාගෙ නම එහෙම හරියටම දෙන්න. ඒ වගේම වැඩ කරන ඊමේල් එකක් අනිවාර්යෙන්ම දෙන්න. Password එකට කැපිටල් හා සිම්පල් අකුරු වගේම අංක මිශ්‍රිත එකක් දෙන්න. මෙතනදි දෙන ඊමේල් පාස්වර්ඩ් ඔයා අනිවා වෙන කොහෙ හරි මතක ඇතුව ලියල තියාගන්න.

මෙතනින් පස්සෙ ඔයාගෙ ඊමේල් එකට මේ වෙබ් අඩවියෙන් ඊමේල් එකක් ඇවිල්ලා ඇති. ඒ ඊමේල් එක හොයාගෙන ඔයා ඒක ඔයාගෙ බව Confirm කරන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාට අනෙක් විස්තර ඔයාගෙ ගිනුමට ඇතුලත් කරන්න වෙනවා. ඒ කියන්නෙ Country, City, Postal Code, Mail address, Mobile Number ආදිය. මේවට අනිවාරයෙන්ම ඇත්තම විස්තර දෙන්න. Postal Code එක දන්නේ නැතිනම් ඔයාගෙ ගමේ නමත් එක්ක පස්සින් postal code කියලා ගහලා google search කරාම ඒ කෝඩ් එක ඔයාට හොයාගන්න පුලුවන්.

මේ විස්තර දැම්මට පස්සේ ඔයාට මේ වෙබ් අඩවියේ sign in වෙන්න පුලුවන්. ඊට පස්සේ අද ඉදලම ඕන්නම් ඔයාලට ඔයාගෙ quality ෆොටෝ, වීඩියෝ Upload කරන එක කරන්න පුලුවන්. මතක ඇතුව මේ ඔයා දුන්න email, password වගේ විස්තර කොහෙ හරි ලියල තියාගන්න. නැතිනම් එපා වෙයි අමතක වුනොත්.

දැන් අපි බලමු කොහොමද මේකට Photo එකක් හරි වීඩියෝ එකක් හරි නිවැරදිව Upload කරන්නේ කියලා,

Sign In වුනාට පස්සේ ඔයාලට වෙබ් අඩවියේ උඩ Upload කියලා එකක් දකින්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඔයාලට පුලුවන් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි upload කරන්න.

Photo එකක් අප්ලෝඩ් කරනවනම් ඒකේ size එක අනිවාරයෙන්ම 4mb ට වඩා වැඩි වෙන්න ඕනෙ. ඊට අඩු සයිස් ඒවා මේකෙ approve කරන්නෙ නැහැ. ඒ වගේම ඒවායේ කොලිටි එකත් තදටම බලනවා මෙයාලා. මෙයාලගේ guideline වලට අනුකූල නැතිනම් ඒවා එයාලා අනුමත කරන්නෙත් නෑ. ඒ නිසා ඔයාලා වැඩේට කලින් ඒ requirement කියවනම් මම කැමති. පහල ලින්ක් එකෙන් ගියාම ඒවා මොනාද කියල බලාගන්න පුලුවන් ඔයාලට.

Stutterstock requirements for Images

ෆොටෝ දානවනම් එයාලා කියන්නේ .jpeg කියන ආකාරයේ ඒවා දාන්න කියලා. උපරිම ෆොටෝ සයිස් එක 50 mb.  එතකොට ඔයාලා අනිවාර්යෙන්ම දාන්න ඕනෙ මෙගාබයිට් 4 – 50 අතර ඒවා විතරයි.

ඒ වගේම වීඩියෝ වලදිත් මෙයාලා අනුමත කරන්නේ .mov හෝ .Mp4 වර්ගයේ ඒවා විතරයි. ඒවායේ කාල පරාසය තත්පර 5-60 අතර වෙන්නත් ඕනෙ. ඒ වගේම ඒවායේ සයිස් එක 4 Gb ට වඩා අඩුවෙන්ත් ඕනෙ. මේ වගේම Illustrator වගේ Artworks Upload කරනවනම් ඒවටත් අදාල මෙයාලගෙ requirements තියෙනවා. පහල ලින්ක් එකෙන් ගියාම මේ ඔක්කොම ටික බලාගන්න පුලුවන් ඔන්න.

Technical requirements for footage

මේ විදියට ඔයාලා අප්ලෝඩ් කරන ෆොටෝ වීඩියෝ ආදිය එක පාරම මෙයාලගෙ site එකට එයාලා අනුමත කරන්නේ නෑ. එයලා ඒකට දවස් කීපයක් අරන් අපේ නිර්මාණ බලලා සුදුසුනම් විතරයි අනුමත කරන්නෙ. ඒකෙදි සාමාන්‍යයෙන් දවස් 5ක වගේ කාලයක් මේකට ගන්නවා. ඔයාලගෙ නිර්මාණ අනුමත නොවුනොත් ඒවට හේතුත් එයාල ඔයාට එවනව.

සාමනයෙන් ෆොටෝ එකක් අප්ලෝඩි කලාම ඊලගට ඔයාට ඒ ෆොටෝ එකට අදාල Category, Tags, Description, Location වගේ දේවලුත් දෙන්න වෙනවා. Category select කරනකොට හරියටම ඔයාගෙ ෆොටෝ එකටම ගැලපෙන ඒවා දෙන්න. ඒ වගේම් Tags කියන්නේ ඔයාගෙ ෆොටෝ එක,  search කරන අනෙක් අයට පෙන්නන්න ඕනෙ වචන. ඒවත් ඔයාට 50 ක්ම දෙන්න පුලුවන්. එයාලත් 25ක් ඔයාලට ගලපලා දෙනවා. ඉතුරු ගැලපෙන ඒවත් දාලා මේ 50ම දාන්න ඔයාලට පුලුවන්. හැබැයි මේවා දෙත්ඩිත් හරිම ඒවා දෙන්න ඔයා වග බලාගන්න ඕනෙ. වචන කීපයක පොඩි description එකක් දෙන්නත් ඔයාට මෙතනදි සිද්ධ වෙනවා. ඊට පස්සෙ submit කරන්න තමා තියෙන්න.

ඔයාලගෙ Images, Video ආදිය අනුමත වුනාට පස්සෙ වෙන buyers ලට ඔයාගෙ නිර්මාණ සල්ලි දීලා ගන්න පුලුවන්. එතකොට දල වශයෙන් ඒවා විකිණෙන ගානෙන් කොටසක් ඔයාලට කොයි කාලෙ වුනත් හම්බවෙනාවා. ඒ නිසා ඔයාලට එකතුවෙන Images, Video වල හොදම ඒවා දිගින් දිගටම මේ වෙබ් අඩවියට දාලා තියන්න. ඔයාල වැඩි වැඩියෙන් දැම්මොත් තමා ඒවා විකිණීමේ සම්බාවිතාවත් වැඩි වෙන්නෙ. ඒ නිසා අද account එකක් හදලා ෆොටෝ දෙක තුනක් විතරක් නම් දාල තියන්න එපා දිගටම දාන්න. එතකොට ඔයාට ලැබෙන ආදායමුත් එන්න එන්න වැඩි වෙයි.

දැන් අපි බලමු ඔයා උපයන මුදල් ලබාගන්නේ කොහොමද කියලා,

සල්ලි ලබාගන්නනම් ඔයා අඩුම ඩොලර් 35ක මුදලක් උපයන්න ඕනෙ. ඊට පස්සේ ඒ උපයන මුදල් ඔයාට Paypal, Skrill, Payoneer වගේ ක්‍රම වලින් ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදි Payoneer වලින් සල්ලි ගන්න පුලුවන් නිසා Payoneer Card එකකින්ම ඔයාලට atm එකක් හරහා සල්ලි ගන්න පුලුවන්. මේ card එක නැති අයට Payoneer වෙබ් අඩවිය හරහා ඒ කාඩ් එකක් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්වා.

Paypal හෝ Skrill වලින් සල්ලි ගන්න විදිය ගැන මම වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද මේ ගැන මම කලින් ලියපු Popcash, Revenuehits, Picoworkers, Fiverr වගේ ලිපි වල ලොකුවට සාකච්ඡා කරල තියෙනවා. ඕනෙ කෙනෙක්ට ඒ ලිපි හොයාගෙන කියවන්න පුලුවන් ඔන්න…

තවත් වැදගත් කරුණු

1) මේ Shutterstock වෙබ් අඩවියේ වැඩ කරන්න නම් ඔයාගෙ වයස අවුරුදු 18 වෙන්න ඕනෙ.

2) හැමවෙලේම ඔයාලට පමණක් අයිති නිර්මාණ විතරක් මේකට ඇතුලත් කරන්න

3) හැමවෙලේම හොද Quality නිර්මාණ විතරක් ඇතුලත් කරන්න

4) මෙහිද referral system එකක් ඇති අතර ඔබ මෙම වෙබ් අඩවියට එකතු කරන contributor කෙනෙක් විකුණන ෆොටෝ වලින් 0.004$ මුදලක් ඔබට හිමිවේ. එසේම ඔබ මෙහි එවන ඕනෑම පුදගලයෙක් මෙම වෙබ් අඩවියෙන් ෆොටෝ මිලදී ගතහොත් ඔබට එයින්ද යම් මුදලක් හිමිවන බව සලකන්න.

එහෙනම් මේ ලිපිය අගටම කියවපු ඔයාට ගොඩක් ස්තූතියි. වැඩේ කරන්න උනන්දු අයට අදම වැඩේ පටන් ගන්න පුලුවන් ඔන්න. ඉස්සරහට මේ වගේ තවත Photo Upload කරලා මුදල් උපයන්න පුලුවන් වෙබ් අඩවි කීපයක් ගැනම මම සාකච්ඡා කරන්න සූදානම්. එතකන් අපේ අනෙක් ලිපිත් කියවන්න කියලා ඔයාගෙන් ඉල්ලල සිටිනවා. ඔයාලගෙ ප්‍රශ්න පහලින් කොමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා හොදද,

Leave a comment