Affiliate Marketing යනු කුමක්ද හා ඉන් මුදල් උපයන රහස් මෙන්න

Affiliate Marketing කියන වචනය ගත්තොත් අලුතින් Internet Marketing ක්ෂේත්‍රයට පැමිණෙන ඔබ තවමත් අසා නොමැති වචනයක් වනවා ඇති. මෙම ක්‍රමවේදය සැලකූ විට ලොව පුරා සිටින ජනප්‍රිය බ්ලොග් කරුවන් වන Shoutmeloud බ්ලොගයේ Harsh Agarwal මෙන්ම Problogger බ්ලොග් අඩවි නිර්මාතෘ Darren Rowse වැනි අය තමාගේ ප්‍රධාන ආදායම් මාර්ග අතර ඉහළින්ම දක්වන්නකි.

Shoutmeloud බ්ලොගයේ ආදායම මා නිරීක්ෂණය කළ අතර එහිදී එහි අයිතිකරු ඉපයූ මුදලින් 70% ප්‍රමාණයක් උපයා ඇත්තේ මෙම ක්‍රමවේදය හරහාය.

එසේනම් අපි මුලින්ම විමසා බලමු මොකක්ද මේ Affiliate Marketing කියන්නෙ කියලා.

Affiliate යන වචනය ගත් කළ එහි තේරුම “අනුබද්ධිත” යන්නයි. එවිට Affiliate Marketing යන්න “අනුබද්ධිත ප්‍රචාරණය” ලෙස සරලව අර්ථ දැක්වීම කළ හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ යම් පුද්ගලයකු කිසියම් සමාගමක යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රචාරණය තුළින් එම එම භාණ්ඩය අලෙවිවන මුදලින් යම් කොමිස් මුදලක් මුදලක් ලබා ගැනීමයි.

අන්තර්ජාලය තුළද මෙලෙස භාණ්ඩ හා සේවාවන් අලෙවිකරණ වෙබ් අඩවි හෙවත් Affiliate Networks ආයතන ඇති අතර ඕනෑම කෙනෙකුට මෙම Affiliate Networks වලට සම්බන්ධ වී එම ආයතන වල ඇති භාණ්ඩ කුමන ආකාරයකින් හෝ ප්‍රවර්ධනය කර එමගින් කොමිස් මුදලක් ලබා ගත හැකිය. මෙය භාණ්ඩයේ මුදලින් 10% – 70% දක්වා විය හැකිය. එනම් 1$ – 500$ දක්වා වීමට පුලුවන. එබැවින් මෙම ක්‍රමවේදය අතිශය සාර්ථක මෙන්ම පැරණි ක්‍රමවේදයකි.

Affiliate Marketing සදහා ඔබටද සම්බන්ධ විය හැකි අතර ඔබට සිදුකිරීමට ඇත්තේ අදාල සමාගම ලබාදෙන Refferal Link එක තුළින් යම් පුද්ගලයකු අදාල සමාගමේ භාණ්ඩයක් මිලදී ගැනීමට යොමු කිරීමයි. එහිදී ඔබ යොමුකරන පුද්ගලයා අදාල භාණ්ඩය මිලදී ගතහොත් ඔබට අනිවාර්‍යයෙන්ම මුදල් හිමිවන අතර මෙම මුදල් check, Paypal, Payza මෙන්ම නොයෙකුත් අන්තර්ජාල බැංකු ගිණුම් තුළට ලබාගත හැකිය.

තවමත් ලංකාව තුළ මෙම ක්‍රමය තුළින් මුදල් උපයන්නන් සිටින්නේ ඉතාම සීමිත ප්‍රමාණයකි. මේ පිළිබඳව ලියැවුණු බ්ලොග් අඩවිද ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසා එම ලිපිය හරහා මාගේ පාඨකයන් දැනුවත් කිරීමට තීරණය කළෙමි.

ඔබට මෙම ක්‍රම තුළින් සාර්ථක වීමට නම් අඩුම විදේශිකයන් 1000ක් වත් සිටින Facebook Fan Page එකක්, Followers 1000 වත් සිටින Twitter ගිණුමක් හෝ දිනකට විදේශිකයන් 100ක් වත් පැමිණෙන ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් අත්‍යවශ්‍ය වේ. මන්ද ඔබ භාණ්ඩ විකුණන්නේ ලාංකිකයන්ට නොව විදේශිකයන්ට වන බැවිනි.

පහත Affiliate Networks වලට ඔබටද ලියාපදිංචි විය හැකි අතර ඔබට කිරීමට ඇත්තේ ඔබ කැමති භාණ්ඩ තෝරාගෙන ඒවාට අදාලව එම සමාගම ලබාදෙන Refferal Link එක තුළින් විදේශිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමට යොමු කරවීමයි.

මේ සදහා ඔබගේ බ්ලොග් අඩවිය තුළ දැන්වීමක් තුලින් මෙන්ම Facebook,Twitter තුළ ඉතා ආකර්ෂණීය post දැමීම තුලින් භාණ්ඩ අලෙවි කිරීම කළ හැකිය.

මාගේ නිර්දේශය අනුව හොදම Affiliate Networks ආයතන

Clickbank

CJ හෙවත් Commission Junction

Amazon Associates

Shareasale

Linkshare

ඉදිරියේදී ඉහත Affiliate Networks වලට සම්බන්ධ වන ආකාරය හා ඒවා තුළින් මුදල් ඉපයීම පිළිබඳව වෙන වෙනම තොරතුරු ගෙන ඒමට අප සූදානම්.ඔබට මේ පිළිබඳව තවදුරටත් කියවීමට අවශ්‍යනම් පහත ඉංග්‍රීසි බ්ලොග් ලිපිද කියවන්න.

මීලග ලිපිය තුළින් අප ඔබට ඉහත සදහන් කළ Clickbank හා අනෙකුත් Affiliate Networks මගින් මුදල් උපයන ආකාරය ඔබට ගෙන ඒමට සූදානම්. මේ සදහා අපව දිරිගැන්වීමට මෙම ලිපිය හැකිතරම් Facebook,Twitter,Google+ වල share කරන්න

5 Comments Add yours

  1. hone5tchathura says:

    menna mama hoyapu blog eka.

    Like

  2. Dushanth says:

    Sir is Google Adsense and importantly amazon affiliate programs available for our country plz give help sir

    Like

    1. Crazyish says:

      Ya you need high quality blog for approve good adsense. Which means need atleast 30+ quality articles in English. Anyone can join amazon affiliate program since today. No any qualifications to join

      Like

  3. sanju says:

    clickfly walin hambakaranavidiha kiyahanko.adfly walatth wada hodai kynw attada

    Like

Leave a comment