Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

Google Adsense කියන්නේ යාලුවනේ ගූගල් සමාගම හදුන්වා දුන්නු ලෝකයේ ඉතාම ජනප්‍රිය advertising network එකක්. නමුත් වැඩේ කියන්නෙ මේක සිංහල බ්ලොග් වලට ලබා ගන්න බැරි එක. ඇත්තටම Google Adsense සිංහල බ්ලොග් වලට නම් ලබා දෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එයාලා දෙන code එක සිංහල භාෂාවට support කරන්නෙ නැති එක. ඔයාගේ බ්ලොග් එකට Google Adsense ලබා ගන්න ඕනෙ නම් ඔයා බ්ලොග් එක ඉංග්‍රීසියෙන්ම කරන්න ඕනෑ.

මුලින්ම ඔයාගේ English Blog එක හැමදාම යාවත්කාලීන එහෙමත් නැතිනම් නිතර නිතර update වෙන එකක් වෙන්න ඕනෑ. අඩුම සතියකට වරක්වත් ඔයා බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑ. ඒකට හේතුව තමයි බ්ලොග් එකක් කියන්නෙ හැමදාම අලුත් තොරතුරු දෙන ස්ථානයක් විදියට google සලකා බලන නිසා. ඔයාගෙ බ්ලොග් එක මාසයකට හරි මාස දෙකකට හරි යාවත්කාලීන කරනවානම් ඔයාට Google Adsense අනුමත නොවේවි හුගක් විට.

ඔයා Google Adsense ඉල්ලන්න කලින් අනිවාරයෙන්ම post 50ක් වත් බ්ලොග් එකේ පල කරලා තියෙන්නම ඕනෙ. අඩු පොස්ට් ගානක් තිබුනොත් ඔයාව සලකා නොබලාවි. ඒ වගේම ඔයාගෙ බ්ලොග් එක අවම මාස 6 ක් වත් පරණ වෙන්නම ඕනෙ.

ඔයාගෙ බ්ලොග් එක එන visitor කෙනෙක් සතුටු කරන ස්ථානයක් වෙන්නම ඕනෙ. එන කෙනෙක් ආපු සැනින් ඔයාගෙ බ්ලොග් එකෙන් ඉවත් වෙලා යනවානම් ඒක ගූගල් ට අදුරාගන්න පුලුවන්. ඒ වගෙ නිකන් වැඩක් නැති බ්ලොග් වලට Adsense ලැබෙන්නෙ නැහැ. පුලුවන් තරම් වටිනා අලුත් තොරතුරු බ්ලොග් වල දාන්න.

හැමවෙලේම blog post ලියනකොට අවම වචන 300ක් වත් ලියන්න. වචන 100ක් හරි 150 ක් හරි දැම්ම කියාලා නම් Adsense හම්බවෙන්නෙ නැහැ. හැම වෙලේම බ්ලොග් එක කියවන කෙනා සතුටු කරන්න බලන්න.ඔයාට වචන 1000ක් විතර ලියන්න පුලුවන්නම් ඒ වගේ බ්ලොග් වලට Google Adsense ලැබෙනවා ගොඩක් විට.

ඔයා සමහරවිට පින්තූර දාල Picture Blog එකක් කරනවා ඇති. ඒ වගේ වෙන වෙන අරමුණු වලට කරන බ්ලොග් වලටත් Google Adsense ලැබෙනවා ගොඩක් අඩුයි.

ඉතාම වැදගත්ම දේ තමයි ඔයාගේ බ්ලොග් එකේ Traffic එක 150+ වත් වෙන්න ඕනෙ දවසකට. Traffic නැති බ්ලොග් වලට Adsense ලැබෙන්නෙ නැහැ. Traffic එක අඩුම 150 ක් වත් වෙනකන් ඔයා ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා. ඔයාට ලැබෙන් නෑමයි. පුලුවන් තරම් නිර්මාණශීලි ගොඩ දෙනෙක් කරපු නැති විදියට අලුත් දෙයක් කරන්න. අනිවා traffic එනවා. Traffic එද්දි Google, Bing වගේ ඒවගෙ Search term හෙවත් search කරන වචන වලට අසුව එනවා නම් ඒ වගේ බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන්න google හුගක් කැමතියි. Facebook වගේ සමාජ ජාල අඩවි වලින් ගොඩක් Traffic එන බ්ලොග් වලට ඇඩ්සෙන්ස් ලැබෙන්නෙත් නැහැ.

කිසිම වෙලාවක වෙන අයගෙ බ්ලොග් වල තියෙන ලිපි කෙලින්ම ඔයාගෙ බ්ලොග් එකේ දාන්න එපා. ඒ වගේ Duplicate Content තියෙන බ්ලොග් Google ට පේන්න බැහැ. ඒ වගේ බ්ලොග් වලට ඇඩ්සෙන්ස ලැබෙන්නෙ කලාතුරකින්.

මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔයා Google Adsense ඉල්ලුවොත් ඔයාට අනිවා ඇඩ්සෙන්ස් ලැබෙනවාමයි. ලංකාවට ඇඩ්සෙන්ස් හම්බ වෙන්නෙ නෑයි කියන්නෙ පට්ට බොරු කතාවක්. පුලුවන් තරම් උසස් විදියට බ්ලොග් කරන්න. හැමවෙලේම කියවන පාඨකයා වෙනුවෙන් බ්ලොග් කරන්න ඔයා අනිවා ගොඩ යනවාමයි.

18 Comments Add yours

  1. api sinhala english dekenma blog eka karnwnm, e kiyane hama post ekma languages deknma thynwnm adsense ganna plwnda

    Liked by 2 people

    1. e wagema sri lankan viewers witharak awath salli labenwada

      Liked by 1 person

      1. ishara444 says:

        ඒක ගැටලුවක් නෑ…නමුත් පිටරට අය එනවනම් ගොඩක් ඇඩ් නෙට්වර්ක්ස් හොදට ගෙවනවා

        Liked by 1 person

    2. ishara444 says:

      එහෙම කරන්න එපා කවදාවත්….කිසිම තේරුමක් නෑ. මම කවදාවත් දැකලා නෑ එහෙම බ්ලොග් එකක් සාර්ථක වෙනවා

      Liked by 1 person

      1. bohoma sthuthiy sahodaraya. man meken gdk dewl ign gatta. thanx

        Liked by 1 person

      2. ishara444 says:

        ස්තූතියි අපගේ බ්ලොගය කියෙව්වාට….නැවත අපගේ බ්ලොගය වෙත පැමිනෙන්න…ඉදිරියේදී තවත් වැදගත් බොහෝ දේවල් ලියන්න අපි සූදානම්

        Like

    3. මෙන්න නියම adsense එක වෙනුවට සින්හල බ්ලොග් කරන කට්ටියට ads දගන්න පුලුවන් site ekak http://bit.ly/2kdMps9

      Like

  2. Risly Ahmed says:

    Ayye mge blog ekk thiyano eken karanne e cmrz site ekk karana
    Eka karanne english walin.ekata adsens araganna puluwn weida pls…ikmanta kiyannako mekata uththaryk

    Liked by 1 person

    1. Crazyish says:

      Malli ecommerce nm oya adsense passe ynna epa…affiliate marketing karanna….adsense galapen ne e commerce ekakata….oya site eke product reviews karanawada? Ehma krnawanm samaharawita content eka balala Google approve krai

      Liked by 1 person

  3. කාස් says:

    පොස්ට් එක නියමයි.ගොඩක් වැදගත් ඇඩ්සෙන්ස් ගැන කරුනු හොයන අයට

    ඇඩ්සෙන්ස් ගැන වගේම තවත් දේවල් දැන ගන්න https://sinhalablogger.com වෙත එන්න

    Liked by 1 person

  4. Lahiru says:

    Adsense gnna health related site ekk krnawanm content widihta thiyenna ona dewal mnwda.. e gena pahadili krnwda . Post ekk unath kmk ne. loku udawwak..

    Like

    1. Crazyish says:

      Oya liyana de nm adala ne…but words 400k wath lynn posts.

      Like

Leave a comment