ඔබගේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

මීට පෙර අප ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව ලිපි රාශියක් ගෙන ආවා මතක ඇති. එහිදී ඔබගේ සිංහල බ්ලොගය තුළින් මුදල් උපයන ආකාරය පිළිබඳව මෙන්ම Google Adsense ඔබගේ බ්ලොගයට ලබා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුම හා මග පෙන්වීමක් ගෙනාවා මතක ඇති. ඒ ලිපි විශේෂයෙන්ම දැනටමත් බ්ලොග් අඩවියක් හිමි කෙනෙකුට නම් ඉතා වැදගත් ලිපි වන්නට ඇතැයි මා විශ්වාස කරමි

අද මම ඔබ වෙත ගෙන ආවේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට කැමති අපේ යාලුවන්ට ඒ සදහා මග පෙන්වීමකි. ඔබට මතක ඇති මාගේ පැරණි ලිපි තුළින් ඔබට අනාවරණය කළා අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථකම ක්රමවේදය බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම කියා. මෙය විදේශීය රටවලට නම් ඉතා සාර්ථක ක්රමවේදයක් වූවත් ලංකාවේ  බ්ලොග් කරුවන් තවමත් මුදල් ඉපැයීම අතින් සිටින්නේ දුර්වල මට්ටමකිනි. ඊට හේතු ලෙස දැනුම මදකම හා ආයෝජනයට අකැමැති වීම ආදිය දැක්විය හැකිය.

ඇත්ත වශයෙන්ම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම ඔබගේ අනාගතයට කරන්නා වූ හොද ආයෝජනයකි. මන්ද බ්ලොග් අඩවියක් තුළින් මුදල් ඉපැයිය හැකි ක්රම රාශියක් ඇති බැවිනි.

මීට පෙර අප ඔබට ලෝකයේ වැඩිම මුදලක් උපයන බ්ලොග් අඩවි පිළිබඳව ලිපියක් ගැන ආවා මතක ඇති. එම ලිපිය කියවූයේ නම් එහිදී විදේශීය බ්ලොග් කරුවන් කෙතරම් මුදලක් උපයන්නේ දැයි ඔබට අනිවාර්යයෙන්ම සිතා ගත හැකිය. එබැවින් මාගේ නිර්දේශය බ්ලොග් අඩවියක් අදම ආරම්භ කළ යුතුය යන්නයි.

ඔබට බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම ඉතා පහසුවෙන් සිදුකල හැකිය. මෙහිදී නොමිලේ යොදාගත හැකි සේවා මෙන්ම යම් මුදලක් ආයෝජනය කර පවත්වාගෙන යා හැකි සේවා රාශියක්ද අන්තර්ජාලය තුළ ඇත.

Blogger.com

ඔබ බ්ලොග් කරණයට නවකයෙක් නම් අනිවාර්යයෙන්ම blogger.com තුළ ඔබගේ නව බ්ලොගය ආරම්භ කිරීම ඉතා සුදුසුය. මෙහිදී බ්ලොගය ආරම්භ කිරීමට මෙන්ම අඩවිය පවත්වාගෙන යාමට විශේෂ දැනුමක් අවශ්ය නොවන අතර තනියෙන් වුවද ඉගෙන ගත හැකිය.

මෙහිදී ඔබට http://www.yourname.blogspot.com නමින් domain නාමයක් යටතේ බ්ලොගය පවත්වාගෙන යාමට සිදුවන අතර පසුව එය yourname.com ලෙස වෙනස් කර ගැනීම කළ හැකිය. නමුත් blogger තුළ ඔබට ඇත්තේ සීමිත පහසුකම් කිහිපයකි. මෙහි පාලනය සම්පූර්ණයෙන්ම Google සතුවන අතර මෙය සම්පූර්ණයෙන්ම Free Hosting මත ක්රියාත්මක වේ.

මෙහිදී ඔබට බ්ලොගය තුළින් මුදල් ඉපයීම කළ හැකි වුවත් එය තරමක් අපහසු වන්නේ මෙහි පහසුකම් ඉතා අවම වීම නිසාය.

WordPress.com

Blogger මෙන්ම නොමිලේ සේවය ලබාගත හැකි තවත් සේවයකි. අපගේ Emoney Sinhala Guide බ්ලොගය ක්රියාත්මක වන්නේද මෙම සේවාව තුළය. මෙහිදී ඔබට ලබාගත හැකි පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. මුදල් ඉපයීම දක්වා බ්ලොගය දියුණු කිරීමට මුදල් ගෙවීමට සිදුවන අතර නොමිලේ දෙන සේවාව තුළ පහසුකම් ඉතා සීමිත වන අතර blogger තුළ ඇති සමහර පහසුකම්ද මෙහි නොමැත. එබැවින් මාගේ නිර්දේශය නම් ඔබ මෙම සේවාව තුළ බ්ලොග්කරණය නොකළ යුතුයි යන්නයි.

WordPress.org

වර්තමානයේදී බ්ලොග්කරණය සදහා ඉතාම සුදුසුම සේවාවයි. මෙහිදී ඔබට http://www.yourname.com ලෙස ඔබගේම Domain නාමයක් යටතේ Hosting සමාගමක සේවය යටතේ බ්ලොගය පවත්වාගෙන යා හැකිය. මෙහිදී ඔබට යම් මුදලක් මුලින් ආයෝජනය කිරීමට සිදුවන මුත් මෙහි ඔබට ලබාගත හැකි පහසුකම් රාශියකි. ඔබ බ්ලොග් අඩවිය තුළින් මුදල් ඉපැයීම අරමුණු කරගන්නේ නම් මෙය ඒ සදහා ඉතාම ගැලපෙන සේවාවයි.

මේ පිලිබදව ඔබට කීමට ගියහොත් ඉතා දිගු ලිපියක් ලිවීමට සිදුවන නිසා ඔබට පහත අප ලියූ ලිපිය කියැවීම  හරහා ඒ පිළිබදව 100% දැනුමක් මේ පිළිබඳව ලබාගත හැකිය.

මුදල් ඉපයිය හැකි WordPress වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු 

මේ ආකාරයෙන්ම තවත් අන්තර්ජාලය තුළ බ්ලොග්කරණය සදහා වෙන්වූ සේවා රැසක් අන්තර්ජාලය තුළ ඇතිමුත් ඒවා ඉහත කී සේවා තරම් යෝග්ය නොමැත.

ඔබ තරයේ මතක තබාගත යුතු කාරණයක් වනුයේ බ්ලොග් අඩවියක් ආරම්භ කළ සැනින් මුදල් ඉපයීම කළ නොහැකි බවයි. මේ සදහා යම් කාලයක් ගතවන අතර ඒ සදහා ඔබ අනිවාර්යයෙන්ම මහන්සි වී වැඩ කළ යුතුමය.

ඔබ ඉතා ආකර්ෂණීය ලිපි නිතර නිතර බ්ලොගය තුළ පළ කළහොත් ඒවා කියවීමට අනිවාර්යයෙන්ම පාඨකයන් පැමිණෙන අතර එමගින් ඔබට පහසුවෙන් සේවා අලෙවි කිරීම තුළින් මුදල් ඉපයීම කළ හැකිය.

ඉදිරියේදීත් බ්ලොග්කරණය පිළිබඳව ඉතා වැදගත් ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. ඒ සදහා අපව දිරි ගැන්වීමට අපගේ මේ ලිපිය හැකි තරම් Facebook,Twitter, Google Plus තුළට share කරන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

10 Comments Add yours

  1. ushani says:

    mata kiynna aththatama click bank haraha mudal upayanna puluwanda
    lankawata salli awanna kochchara dawas ynawada
    apa facebook account akan wada karanna puluwan waida plz answer danna

    Like

    1. ishara444 says:

      ඔව් clickbank කියන්නෙ මුදල් උපයන්න හොද තැනක්. මම දන්න විදියට එයාලා චෙක් විදියට තමා එවන්නෙ.
      Facebook,twitter වගේ ඕනෑම තැනක එයාලගෙ products විකුනන්න තියෙන්නෙ.
      පුලුවන්නම් likes 5000+ Facebook Page එකක් හදාගෙන වැඩේට බහින්න.

      Like

  2. ගෙවන මුදල ප්‍රශ්නයක් නෙමේ නම් (හොස්ට් කරන්න) wordpress.com සහ wordpress.org කියන දෙකෙන් මොන ප්ලැට්ෆෝම් එකද ගොඩක්ම ඉෆෙක්ටිව්? පහසුකම් අතින් සම්පුර්ණ??

    Like

    1. ලේසියෙන් ඩිසයින් කරගන්න පුළුවන් ටූල්ස් තියෙන්නේ මොකේද ඔය දෙකෙන්? කෝඩ් කරන්න දැනුම අවමයෙන් අවශ්‍ය සහ අවශ්‍ය විදිහට ප්ලගින්ස් එහෙම එකතු කරගන්න හොදම පහසුකම තියෙන්නේ?

      Like

      1. ishara444 says:

        ලොකූ දැනුමක් ඔන්නෙ නෑ ඒකට. තනියෙන් උනත් ඉගෙන ගන්න පුලුවන්.

        Like

    2. ishara444 says:

      wordpress.org තමා හොදම. wordpress.com වල කරන්න එපා. ඔයාට යන මුදල වැඩියි. ඩොමේන් එකක් අරන් හොස්ටින්ග් ත් අරන් wordpress install කරගන්න

      Like

      1. bohoma sthuthiy oba thumata. පිළිවෙලකට බ්ලොග් එකක් පටන් ගන්න විදිහක් ගැන දෝලනය වෙමින් හිටියේ

        Like

  3. aaa තව දෙයක්? බ්ලොගර් එකද ඩොමේන් එකක් ගත්ත වර්ඩ්ප්‍රෙස් එකද හොද? මන් බ්ලොගර් එකෙන් කරන එක ගොඩක් ඉෆෙක්ටිව් නෑ වගේ දැනුන නිසා නැවැත්තුව තාවකාලිකව. වෙන ප්ලැට්ෆෝම් එකකට යන්න හිතුවේ. බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් වලට වඩා හොදයි කියල මේකේ කියල තියෙන නිසයි මේ අහන්නේ. සෙල්ෆ් හොස්ට් කරලා තියෙන වර්ඩ්ප්‍රෙස් එකක්
    කරන එකද බ්ලොගර් එකේ කරන එකද පහසුකම් වැඩි? (යුසර් ෆ්‍රෙන්ඩ්ලි සහ වැඩියෙන්ම පහසුකම් එක්ක කස්ටමයිසබල්)

    Like

Leave a comment